• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අකල් මරණවලින් සමීපතමයන් කම්පනයෙන්! ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වහා සහතික කරන ලෙස සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි!

August 28, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
කොරෝනා විනාශය ගැන විපක්ෂනායකතුමාගේ විශේෂ ප්‍රකාශය! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය වහා සහතික කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව දැනුම් දී තිබේ.

එම නිවේදනය මෙසේය.

කොරොනා වෛරසය ආරම්භ වූ චීනයේ මිය ගිය ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා, එනම් 9000ට ආසන්න පිරිසක් මේ වන විටත් අපේ කුඩා රටට අහිමි වී තිබේ.
ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින්,දේශපාලඥයින්,ව්‍යාපාරිකයින්,ක්‍රීඩකයින්,ගුරුවරුන්,වෛද්‍යවරුන්,සාමාන්‍ය පුරවැසියන්  මෙන්ම මේ රටේ අනාගත භාරකරුවන් වන කුඩා දරුවන් විශාල පිරිසක් ද ඒ අතර වෙයි.

තමන්ගේ සමිපතයින් අහිමිවීමේ ශෝකය සහ කම්පනය කෙතරම්දැයි කියා අප පෞද්ගලිකව ද අත්විඳ තිබේ.

මාගේ දයාබර පියාණන්ගේ අකල් වියෝවේ කම්පනය තවමත් මා අත් විදින අතර එබැවින් මේ අකල්හි සමුගත් සියලු දෙනාගේ සමීපතයින් අත්විඳින කම්පනය පිළිබඳව අපට බරපතල වටහා ගැනීමක් තිබේ.

අවසන් සතිය පුරාම හාර දහස ඉක්මවූ කොරෝනා ආසාදිතයින් හමුවී ඇති අතර වෛද්‍ය විශේෂඥයන් කළ පුරෝකථන සියල්ල තහවුරු කරමින් දෛනික මරණ ප්‍රමාණය දෙසිය සීමාව ඉක්මවා යාම ද සිදුවිය.

◼️මේ අතර ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා  කොරෝනා මරණ සම්බන්ධයෙන්  සාමාන්‍යකරණය සිදුකොට ඇත්තේ කොරෝනා ඇතත් නැතත් දෛනිකව දෙසීයක සීමාව ඉක්මවා මියයන බවට අඳබාල ප්‍රකාශයක් කරමින් ය .

◼️දෛනිකව මෙතරම් ප්‍රමාණයක් මිය යද්දීත්,මුළු ලෝකයම මේ ව්‍යසනය පිළිබඳ ව සලිතව සිටියදීත් ආණ්ඩුවේ ඇතැමුන් ප්‍රකාශ කරන්නේ කොරෝනා යනු සැලකිල්ලට ගත යුතු නැති  සෙම්ප්‍රතිශ්‍යාව තරම් සුළු රෝගයක් පමණක් බව කියාය.මේ ප්‍රකාශ තුළින්ම ගම්‍ය වන්නේ ආණ්ඩුව මිනිස් ජීවිත ලංසුවට තබා ඇති තරම ය.

◼️අද වන විට එන්නත්කරණය ගුටි බැට හුවමාරුවලට පෙරලී ඇත.
රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර බරපතල ඖෂධ හිඟයකට රට පත්ව ඇත.

◼️සෞඛ්‍ය සේවකයින්ට දේශපාලකයින් උපදෙස් දීමට යාම හේතු කොටගෙන ඔවුන් මහත් පීඩනයකට පත්ව ඇත .

◼️රට වසා දැමීමෙන් පසු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ තීන්දුව ලබා දී,ජනතාව පිළිබඳ වගකීමෙන් අත පිසදා ගත් ආණ්ඩුව මේ වන විට ජනතාවට උහුලා ගන්නට බැරි තරමට අත්‍යවශ්‍ය  භාණ්ඩවල මිල ඉහළ දමා ඇත.

◼️වී කිලෝ පහක් අලෙවි කළත් අද පවත්නා අධික මිලට සීනි කිලෝවක් මිලට ගැනීමට නොහැකි තත්වයට පත්ව ඇත.

ඊයේ වනවිට වෙළදපොළේ සීනි කිලෝවක මිල රුපියල් 210 කි.සතියකට පෙර රුපියල් 160 ක්ව තිබූ සීනි මිල සති දෙකකට පෙර තිබුණේ රු. 140ක්ව ය.පසුගිය මාසයේ මිල රු.115ක් විය.
සීනී මිල ඉහළ යාම තමාට පවා අදහගත නොහැකි යැයි පාරිභෝගික රාජ්‍ය ඇමතිවරයාට පවා කියන්නට සිදුවී ඇත.

◼️නමුත්, සීනි බදු වංචාව නිසා රජයට රුපියල් බිලියන 20ක දැවැන්ත අලාභයක් වු බව අප පසුගිය ජනවාරි 20පාර්ලිමේන්තුවේදී හෙලිකළ අතර මාර්තු16,23,24යන දිනවලද ඒ පිළිබඳව අනාවරණය කළ බව හැංසාඩ්ගතව තිබේ.මේ අසාමාන්‍ය සීනි මිල ඉහළයාමේ වගකීම,
එවන් බරපතල වංචාවක් හරහා ගජමිතුරන්ට සහන දුන් ආණ්ඩුව භාර ගතයුතුය.

◼️මෑතක ඇති වූ බරපතළම උද්ධමනයටද මේ වන විට රටේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇත.

◼️ආණ්ඩුව ලබා ගැනීමට පෙර එහි නායකයින් කියන ලද සියලු ජනතාවාදී කතා සහමුලින් පුස්සක් බවට පත්ව ඇති අතර ලබා දුන් සියලු පොරොන්දු ද අමානුෂික ලෙස කඩා දමා ඇත.

◼️නිරෝධායන ඇදිරිනීතිය පනවා රට වසා දමා ඇතැයි ආණ්ඩුව නිවේදනය කළාට එය මොනතරම් අසාර්ථක ද යන්න පැහැදිලි වන්නේ අත්‍යාවශ්‍ය නොවන වාහන පවා දහස් ගණනින් මාර්ගවල දකින්නට ලැබෙන හෙයිනි.

මේ රට ගොඩ නැඟීමක්  හෝ සංවර්ධනය කිරීමක සේයාවක්වත් වර්තමාන ආණ්ඩුවට ලබාදිය නොහැකි බව ආණ්ඩුව විසින්ම සහතික වශයෙන්ම ඔප්පු කොට ඇති අතර අප ඉල්ලා සිටින්නේ අඩු තරමේ, මේ රටේ පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය හෝ සහතික කරන ලෙසය.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක 

SendShareShare
Previous Post

SLT-MOBITEL මෙරට ප්‍රථම වරට ස්ථාවර දුරකතන සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දෙයි

Next Post

කොරෝනා හැදී මැරණාම වළලන ‘බොඩි බෑග්’ එකෙනුත් ගසාකාලා!

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.