• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සෙංකඩගල උල්පැන්ගෙයි හෙළිනොවූ අබිරහස

August 28, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සෙංකඩගල උල්පැන්ගෙයි හෙළිනොවූ අබිරහස
Share on WhatsAppShare on Facebook

ඉතිහාසයේ විවිධ කාල වකවානු ගත්තාම අපේ රට විවිධ ජාතීන්ගේ අවධානයට මෙන්ම ආක්‍රමණයන්ටත් ලක්වෙනවා. එහෙම වෙන්න හේතු සාධක කිහිපයක්ම බලපාලා තිබුණත් ඒ බොහොමයක් හේතුවලට වඩා මෙරට තිබුණු සශ්‍රීක බවට විවිධ ජාතීන් ලොබ බැඳි බවයි පෙනී යන්නේ. ඒ ඒ ජාතීන්ට සිය රටවලට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය සඳහා මෙරට සම්පත් යොදාගැනීමේ අවශ්‍යතාව තදින්ම තිබූ බවත් පෙනී යනවා.

මේ තත්ත්වය පසුකාලීනව අපේ රජවරුන්ට අවබෝධ වීමත් සමග ඒ ඒ රාජ්‍ය පාලන යුගයන්හි සිය රාජධානි පිහිටුවීමේදීත් විවිධ වැදගත් ස්ථානයන්හිත් කිසිවකුට හසු නොවන, සොයාගත නොහැකි ඇතැම් රහසිගත ඉදිකිරීම් නිර්මාණ මෙන්ම විවිධ වූ උපක්‍රම යොදා තිබූ බව අද වෙද්දි හෙළිවෙමින් තිබෙනවා.

එවැනි විශිෂ්ට වූ ආරක්ෂිත ඉදිකිරීම් රාශියක් දැකගත හැකි ප්‍රදේශයක් තමයි කන්ද උඩරට. එහෙමත් නැත්නම් මහනුවර පුරවරය. මෙහි දළදා මාලිගා පරිශ්‍රය ආසන්නයේ වූ ඇතැම් ඉදිකිරීම් අදටත් යම් යම් රහස් සඟවාගෙන සිටින සුවිශේෂ ස්ථාන බවට පත්ව තිබෙනවා. එවැනි ඉදිකිරීමක් ලෙස වැව් ඉවුර ආසන්නයේ ඇති උල්පැන්ගේ නමින් හඳුන්වන ගොඩනැගිල්ලට හිමිවන්නේ විශේෂ තැනක්. දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති මෙහි පහළ මහලේ ඇත්තේ ජල පොකුණක් වන අතර, ඉහළින් සොල්දර මහලක් පිහිටා තිබෙනවා.

රජුගේ බිසෝවරුන්ට ස්නානය සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකළාය කියන මතය සමාජය තුළ ප්‍රචලිතව ඇති අතර, ඊට හේතුවී ඇත්තේ උල්පැන්ගේ ආසන්නයේම මැද වහාල නොහොත් අග බිසවගේ මාලිගයත් පල්ලෙ වාහන නොහොත් අන්තඃපුර මාලිගාවත් පැවැතීම විය හැකියි. මෙහි ඉහළ මහල බිසෝවරුන්ට ඇඳුම් මාරුකිරීමේ කටයුතු සඳහා යොදාගත්තාය යන්නත් මතයක් තිබෙනවා. එහෙත් එම මතය මතුපිටින් ප්‍රචලිත වෙද්දී ඉන් එහා ගිය අබිරහසක් මෙම ගොඩනැගිලි ඉදිකිරීම තුළ තිබුණාය කියන සාධාරණ සැකය ජනප්‍රවාද ඇසුරේ අනුමාන කිරීමට හේතු සාධක තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සිදුවන්නේ ලංකාවේ අවසන් රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය කාලයේදී. ඊට නිර්මාණ සැලසුම් සියල්ල එවකට නගර නිර්මාණ සැලසුම් කළ දේවේන්ද්‍ර මූලාචාරිගෙ බවත් රහසක් නොවේ. මේ සියල්ල සිදුවුණේ 1810 පමණ කාලයේදි කියන එකත් රහසක් නොවේ.
උල්පැන්ගේ ගැන බොහෝ දෙනෙක් සිතා සිටින ආකාරයට මෙහි පහළ මහල තුළ ඇති ජල පොකුණ නඩත්තු වෙන්නේ වැවෙහි ජලයෙන් නොවීමත් විශේෂ කාරණයක්. මෙම පොකුණට ජලය ලැබෙන්නේ වෙනම උල්පත් මාර්ගයකින්. මෙහි ජලය වැව් ජලය හා කිසිදු සම්බන්ධයක් නැති බවයි පැවසෙන්නේ. වැවෙහි ජල මට්ටම කොතරම් අඩු වැඩි වුවද මෙම ජල පොකුණේ ජලය එම අඩුවැඩි වීම් අනුව වෙනස් නොවෙයි.

එමෙන්ම මෙම බිසෝවරුන්ට ජල ස්නානය සඳහා ඉදිකළාය යන්න පැවැසුවද, එවැන්නක් මෙහි සිදුවූ බවක් දැකගන්නට හෝ එවැනි කාරණයක් මෙහි සිදුවුණාට කියන්නත් සාක්ෂි සාධක දක්නට නොලැබෙයි. උල්පැන්ගේ යන්නෙහි අර්ථය උල් පැන් ගෙය යන්න හැඳින්වීමට විය හැකි අතර, උල්පැන් යන්නෙහි අර්ථය සිසිල් ජලය යන්නයි. එකල උල්පැන්ගේ දියවඩන රාළ ලෙස තනතුරක් තිබූ බවත් පැවැසෙනවා. අද දියවඩන නිලමේ ලෙස හඳුන්වන එකල දියවඩන රාළ ලෙස හැඳින්වූ බවත් පිළිගත යුතු වෙනවා. එවකට දියවඩන රාළලා හතර දෙනකු මාලිගාවේ සේවය කර තිබෙනවා.

රජ වාසල දියවඩන රාළ, මැද වාසල දියවඩන රාළ, පල්ලෙ වාසල දියවඩන රාළ සහ දළදා මාලිගයේ දියවඩන රාළ ලෙසින් එම තනතුරු වෙන්වුණු අතර, ඉන් රජවාසල දියවඩන රාළට හිමි රාජකාරිය වුණේ රජතුමාගේ ජල අවශ්‍යතා සැපිරීමයි. මැද වාසලේ සහ පල්ලෙ වාසලේ දියවඩන රාළට බිසෝවරුන්ගේ එවැනි අවශ්‍යතාත්, දළදා මාලිගාවේ දියවඩන රාළට ඊට අවශ්‍ය ඒ ඒ කටයුතුත් භාරව තිබූ බවයි වාර්තා වන්නේ.

මේ තනතුරුවලට අමතරව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ උල්පැන්ගේ දියවඩන රාළ ලෙස තවත් තනතුරක් නිර්මාණය වී ඇති අතර, ඔහුගේ රාජකාරිය මේ උල්පැන්ගේ හා සම්බන්ධව තිබූ බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් මෙහි කිසිවකු දිය නෑවාය යන්න අනුමානයක් හෝ කළ නොහැකි අතර එවැනි කාරණයක් ගැන කිසිදු හෝඩුවාවක් හෝ හමු නොවෙයි. මෙම පොකුණෙන් ස්නානය කිරීමේ කටයුතු සඳහා ඊට බැසීමට හෝ ඉහළට ඒමට හැකි පියගැට පෙළක් හෝ නොමැති මෙම තටාකය තරමක් ගැඹුරින් යුතුවයි පිහිටා තිබෙන්නේ.

මතුපිටින් පෙනෙන කරුණු කාරණා එසේ වෙද්දී ජනප්‍රවාදයේ එන සුවිශේෂ කතාවක් ගැන මේ වන විට කාගේත් අවධානය යොමුවෙමින් තිබෙනවා. එනම් උල්පැන්ගේ ඇතුළෙන් ආරම්භ වන උමගකින් වැව මැද ඇති දියතිලක මණ්ඩපයට යෑමේ හැකියාව තිබුණාය කියන කතාව. එමෙන්ම ඒ හා සම්බන්ධ වූ උමං පද්ධතියක් තිබුණාය කියන පුවතත් ජනප්‍රවාදයේ ඇතැම් කතිකාවන් ඇසුරේ හඳුනාගත හැකි වෙනවා.

ඉංග්‍රීසි පාලන යුගයේදී මෙහි ඉහළ මහල හමුදාවේ කටයුතු සඳහා යොදාගෙන ඇති අතර පසුකාලීනව හමුදා නිලධාරීන්ගේ සහ වතු හිමියන්ගේ විවිධ අවශ්‍යතා ආදියටත්, ඔවුන්ගේ දැනුම වර්ධනයට පුස්තකාලයක් වශයෙනුත් භාවිතයට ගන්නට කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් මහනුවර නගරය ආශ්‍රිතව විවිධ කාල වකවානු තුළ ලබාගෙන ඇති බොහොමයක් ඡායාරූපවල උල්පැන්ගෙයට විශේෂ තැනක් දීමද යම් ආකාරයක විශේෂත්වයක් සහ රහසිගත බවක් ඉස්මතු කරවයි. එහෙත් 1857 මෙම ගොඩනැගිල්ලේ ජල තටාකය පස් සහ ගල් යොදා සම්පූර්ණයෙන්ම වසාදමා ඇති අතර ඉන් පසුවයි අනෙකුත් කටයුතු කාරණා සඳහා යොදා ගන්නට කටයුතු කර ඇත්තේ.

තුන් පැත්තකින් ජලයෙන් වටව විශේෂිත ඉදිකිරීම් ලක්ෂණ සහිතව ජල තටාකයක් මැදිකොට මෙම ගොඩනැගිල්ල ඉදිකරන්නේ බිසෝවරුන්ගේ ස්නානයටමද යන්න තවත් වරක් සිතා බැලිය යුතු අතර, මෙහි සැඟවුණු වටිනාකම් රාශියක් ඇති බව ජනප්‍රවාද ඇසුරේ තිබෙනවා සේම, එම රහස් සියල්ල මතු දිනෙක හෙළි කරගනිමින් හෙළයේ අභිමානය උදෙසා තවත් සුවිශේෂ කරුණු ඉන් මතුවනු ඇතැයි යන්නත් විශ්වාස කරන්නට අපට අවස්ථාව තිබේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මේ දවස්වල මේ දුරකතන අංක මතක තියාගන්න!

Next Post

ජීවිතය දිනන්න හොඳම ඉඩමක් තෝරාගන්න…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.