• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හුලංගමුව වලව්වෙන් මතු වූ කැප්පෙටිපොල විරුවාගේ ජීවන රහස්…

August 30, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
හුලංගමුව වලව්වෙන් මතු වූ කැප්පෙටිපොල විරුවාගේ ජීවන රහස්…
Share on WhatsAppShare on Facebook

1818 නිදහස් අරගලයේ ඉහළින්ම කියැවෙන නාමය වනුයේ මොණරවිල කැප්පෙටිපොල මහ දිසාවයි. එකී අරගලයේ වීර සෙන්පතියා වූ හෙතෙම දේශය වෙනුවෙන් දිවිය කැපකොට සිය නාමය මෙරට ඉතිහාස පොතේ රන් අකුරින් ලියා මේ වන විට වසර දෙසිය ගණනක් පසුකොට අවසන්ව ඇතත් අදටත් එකී නාමය කිසිවකුගේ හදවත් තුළින් මැකී ගොස් නැත්තා සේම මතුවටත් එලෙසම රැඳී තිබෙනවාට සැකයක්ද නැත.

කැප්පෙටිපොල මහ දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග්‍රාමයයි. ඔහුගේ පිය රාජාධි රාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහවී සිටි අතර මේ දෙපළට දරුවන් තිදෙනකු වූහ. දියණිය ඇහැලේපොල කුමාරිහාමිය. වැඩිමහල් පුතු රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොල නොහොත් කැප්පෙටිපොල මහ දිසාවේය.

කෙසේ නමුදු මෙරට උන්නතිය උදෙසා අපරිමිත සේවාවක් කළ කැප්පෙටිපොල මහ දිසාවේ සිය ජීවිතයේ අවසන් කාලය ගත කළේ මාතලේ හුලංගමුවේ පිහිටි කැප්පෙටිපොල මහ වලව්වේය. පෞරාණිකත්වය අභිමානය සුරැකෙන අයුරින් ඉදිකළ කැප්පෙටිපොල මහ වලව්ව කැප්පෙටිපොල මහ දිසාව මාතලේ දිසාව භාරව කටයුතු කරද්දී ඉදිකරවූවකි.

හුලංගමුව ගම්පියසේ පර්චස් 120ක භූමියක ඉදිකර ඇති මෙම වලව්ව කාමර 16කින් යුතු සුවිශේෂ ගොඩනැගිල්ලක් ලෙසද සඳහන් කළ හැකිය.

හෙළ ගෘහ නිර්මාණ සම්ප්‍රදායන්ගේ සුවිශේෂ නිර්මාණ අංග රැසක් මෙම වලව්ව තුළ දැකගත හැකිය. 18 වැනි සියවසේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප්‍රදායන් මෙහි පෙන්නුම් කෙරෙන අතර උස අඩි 30ක් පමණය. දිගින් අඩි 40ක පළලින් අඩි 25කුත් වන මෙහි එක් බිත්තියක් අඟල් 16ක් තරම් ඝනකමින් යුතුව ඉතා ආරක්ෂිත සහ ශක්තිමත් අයුරින් නිමවී තිබේ. බිත්ති බැඳිමේදී සිමෙන්තිවලින් තොරව මැටි බදාම විශේෂයක් භාවිත කර තිබීමද දැකිය හැකිය. ඉහළ වටිනාකමින් යුත් දැව යොදා සකස් කළ වහල දොර ජනෙල් ආදිය සුවිශේෂ ගෘහ නිර්මාණ රටාවකට අනුව නිර්මාණය කර ඇති අතර මහල් දෙකකින් යුතුව වලව්ව නිර්මණය කිරීමද විශේෂත්වයකි.

උඩු මහලේ සඳලුතල දෙකකි. එමෙන්ම දැවමය නිමාවක් සහිත උඩුමහලේ බිම කාගේත් සිත් ඇදබැඳ ගන්නට සමත් අපූරු නිර්මාණයකි. සඳලුතලයේ ආරක්ෂිත වැට මෙන්ම දෙපසින් ඉහළට පියනගන පඩිපේළි දෙකද කාගේත් සිත් ඇදගන්නා ආකාරයට නිමවා තිබේ.

එකල කැප්පෙටිපොල දිසාවේගේ අභිමානය කියැවෙන පරිදි රජකුට පවා වාසයට සුදුසු අයුරින් නිර්මාණය කර ඇති මෙම වලව්වට පිවිසුමට අශ්ව ලාඩමක හැඩයෙන් සාදා නිම කළ ප්‍රධාන දොරටු දෙකකි. බරාඳයෙන් විසිත්ත කාමරයට පිවිසීමට දැවයෙන් නිම කළ දෙපියන් දොරටු දෙකකි. විසිත්ත කාමයර දිගින් අඩි 40කි. පළලින් අඩි 15කි. මෙහි හරි මැද බිත්ති ආරුක්කුවකි. ඒ අසලම කෑම කාමරයකි. කෑම කාමරයට පිවිසීමටද දොරටු දෙකකි. එසේම කෑම කාමරයේ දිග පළලත් විසිත්ත කාමරයේ දිග පළලට සමානය.

කැප්පෙටිපොල දිසාව විසින් මෙම කෑම කාමරයේදී අලි ඇතුන්ටද ආහාර දුන් බවට පැවසේ. වලව්වේ පළමු කොටසේ වහල සහ මැද මිදුල එහි පෞරාණික බව මනාවට කියාපාන සාධකයන් බවට පත්ව ඇත්තේය. එතරම් ප්‍රෞඪත්වයක් සහිත වලව්වක සිය ජීවිකාව ගෙන යෑමට වාසනාව ලද ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් මොණරවිල කැප්පෙටිපොල මහ දිසාව නුවර කලාවිය පරවාගම කහල්ල ගම් පියසේ සිටින බවට 1818 ඔක්තෝබර් මස 23 වැනිදා අනුරාධපුර පිහිටි බි්‍රතාන්‍යයන්ගේ කඳවුරේ ලෙෆ්ටිනන්ට් විලියම් ඕනිල්ට ඔත්තුවක් ලැබී, එහිදී බි්‍රතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත්විය. ඒ අනුව 1818 නොවැම්බර් 26 වැනිදා කැප්පෙටිපොල මහ දිසාවේ සහ මඩුගල්ල නිලමේ බෝගම්බර වැව අසලදී හිස ගසා මරාදැමීමට නියම විය.

කැප්පෙටිපොල දිසාව සිය ආරක්ෂාව උදෙසා නිතරම සිය ඉණෙහි සඟවාගෙන යන කුඩා පුස්කොළ පොතක සඳහන් කළ ධම්මපද ගාථාවක් භාවිත කළ අතර, හිස ගසා දැමීමට ප්‍රථම එදින උදෑසන කැප්පෙටිපොල දිසාව දළදා වහන්සේ වැඳපුදා සිය තුප්පොට්ටිය දළදා සමිඳුන්ට පූජා කළේය. ඉන් පසු එය ධම්ම පදය සහිත පුස්කොළ පොත අතට ගෙන එහි පද කිහිපයක් මුමුණා තමා අසල කඩුව අමෝරා සිටින වධකයා දෙස නිර්භීත සේයාවකින් බලා, ‘බොල එක කඩු පහරින් මගේ ගෙල සිඳදමව’ යැයි පවසා ඉතිපිසෝ ගාථාව කියවා තිබේ. ‘අරහං’ යන වචනය කියවුණේත් හිස කඳින් වෙන් වූයේත් එකම මොහොතක බවටද විවිධ ජනප්‍රවාද ඔස්සේ අදටත් පැවැත එයි.
ඉන් පසුව එංගලන්තයට ගෙන ගිය කැප්පෙටිපොලගේ හිස විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර හිස් කබල ස්කොට්ලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කිරීමට කටයුතු කෙරිණි.

පසුකාලීනව එය මෙරටට ගෙන්වා 1954 නොවැම්බර් 26 වැනිදා මහනුවර මහ මළුවේ ශ්‍රී දළදා වහන්සේ අබියස ස්මාරකයක් ඉදිකර එහි තැන්පත් කර තිබේ.

තම උපන් රට වෙනුවෙන් ණය නොවූ නිර්භීත සෙන්පතියකු ලෙස දේශය නිදහස් කරගැනීම උදෙසා ලෙයින් කඳුළින් දහඩියෙන් දායකත්වය දැක්වූ නායකයකු ලෙස කැප්පෙටිපොල විරුවා අදටත් මෙරට ජන සමාජයේ කාගේත් සිත් තුළ ආදරණීය චරිතයක් ලෙස අනුස්මරණීයව සිටින්නේය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

කොරෝනා සුසානයන් ලොකු කරයි! තවත් භූමි 3ක් ලෑස්තියි!

Next Post

සැමියාට මරු කැඳවන බිරියගේ ග්‍රහයෝ…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.