• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පිරිත් අසමින් සිටි වත්හිමි රජුටත් ජීවිතය අහිමි කළ කුරුණෑගල වැවේ අද්භූත රන් තලියට මොකද වුණේ?

August 29, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පිරිත් අසමින් සිටි වත්හිමි රජුටත් ජීවිතය අහිමි කළ කුරුණෑගල වැවේ අද්භූත රන් තලියට මොකද වුණේ?
Share on WhatsAppShare on Facebook

ඇතුගල, වයඹ පුරවරයේ අභිමානවත් සංකේතය ලෙසයි සැලකෙන්නේ. කුරුණෑල නගර සීමාවේ සිට නුවර පාරට සමාන්තරව දීර්ඝ ප්‍රදේශයක් පුරා පැතිර යමින් අභිමානවත් අයුරින් අහස් කුස සිඹින මේ මහා ගිරිශිඛරය දෙස් විදෙස් කා අතරත් අතිශය ජනප්‍රියයි. කුරුණෑගල කිව්වාම නොදන්න බොහෝ දෙනෙක් ඇතුගල් පුරය කිව්වාම දන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ ඇතුගල්පුර රාජධානි සමූහයකට නෑකම් කියන සුවිශේෂ පුරවරයක්. ඉතින් ඒ නෑකම් සබඳකම් අතරේ ඉතිහාසය හා බද්ධ වුණු බොහොමයක් කතා පුවත් අදටත් ජනප්‍රවාදයේ පවතිනවා. එවැනි කතාවක් සැඟවුණු තැනක් තමයි කුරුණෑගල වැව. එහෙමත් නැත්නම් අතීතයේ භාවිත කළ ආකාරයට රන්තලිය වැව. මේ වැව හා බැඳුණු ජනප්‍රවාද රාශියක් තවමත් ලක්වැසි ජනතාව අතර නොනැසී පැවත එනවා. ඒ අතරින් විශේෂ කතාවක් තමයි වත්හිමි රජුට දිවි අහිමි කළ අද්භූත රන් තලිය හා වැව අතර සබැඳුණු අපූරු කතාව.

අක්කර 150ක් පුරා පැතිර ඇති රන්තලිය වැව අතීතයේ දැනට වඩා විශාලව තිබී ඇති බවටත් මතයක් තිබෙනවා. එකල වැවෙහි පිටවාන තිබී ඇත්තේ අද ගැට්ටුවාන නමින් හඳුන්වන ප්‍රදේශයක බවයි සැලකෙන්නේ. එමෙන්ම වැවෙහි එක් කෙළවරක් සාරගම වැවෙහි වැව් බැම්මට යාබදවත්, අනෙක් කෙළවර මාලිගා පිටිය ක්‍රීඩාංගණය පවතින භූමිය දක්වාත් විහිදී තිබී ඇති අතර, අද වන විට එම ප්‍රමාණයන් අඩුවෙමින් අක්කර 150ක ප්‍රමාණයකට සීමාවී තිබෙනවා.

තුන්වැනි බුවනෙකබාහු හෙවත් වන්නි බුවනෙකබාහු රජු රජකම් කළ යුගයේ එනම් 1326 සිට 1335 දක්වා කාලයේ ඔහු විසින් කුරුණෑගල වැව තනා ඇති බවයි වංශකතාවල සඳහන් වන්නේ. කෙසේ නමුත් දීර්ඝ ඉතිහාසයක් පුරා රාජකීය රහස් සඟවාගෙන සිටින මේ මනරම් වැවට රන්තලිය වැව ලෙසින් නම් ලැබුණු ආකාරය ගැන ජනප්‍රවාදයේ එන කතා පුවත් අතර විශේෂිත කතාවකි මේ.

වංශකතා රචකයන්ට මඟහැරුණු හෝ මඟහැරීම මත වංශකතාවලට එක් නොවූ රජ කෙනකුද ඇතුගල්පුරයේ රාජධානි කළ බව ජනප්‍රවාදයේ එයි. ඒ රජුගේ නම පිළිබඳ නිසි තොරතුරු නැතත් රජුට යෝනක දේශයෙන් ගෙන ආ පරිවාර බිසවක් සහ අග බිසවක් වූ බව ජනප්‍රවාදයේ එයි. මෙම බිසෝවරුන් දෙදෙනාගෙන් අගබිසවට කාලිංග නමින් පුත් කුමරකු සිටි අතර පරිවාර බිසවගේ පුත් කුමරුට වත්හිමි ලෙස නම් තබා ඇත.

කෙසේ නමුත් මේ කාලයේ රජු තවත් රජ කෙනකු සමග සටනකට ගොස් ඇති අතර එම සටනින් රජු ජය ගත්තත් මාලිගයට එම පුවත විකෘති කර දැනුම්දීමට කුමන්ත්‍රණකරුවකු ක්‍රියා කර ඇති හෙයින් රජුගේ බිසෝවරු විරාගලින් පැන දිවි තොරකරගෙන ඇත. මේ මොහොතේ පුත් කුමරකු මාලිගයේ මෙහෙකාර කාන්තාවක විසින් නාවමින් සිට ඇති අතර, එම කාන්තාව කුමරුගේ ආරක්ෂාව පතා කුමරුද රැගෙන සිය ගමට පැනගොස් ඇත. රජු ඇතුළු පිරිස පැමිණ සිදුවූ විනාශය දැක ඔවුන්ද විරාගලින් පැන දිවි තොර කරගෙන ඇති හෙයින් වත්හිමි කුමරුගේ පමණක් දිවි බේරුණු බව ජනප්‍රවාදයේ එයි. පසුකාලීනව වත්හිමි කුමරුද සිය නෑයන් සිටින බේරුවල ප්‍රදේශයට ගොස් ශිල්ප හදාරා පසුව කුරුණෑගලට පැමිණ සිට උරුමය වූ රජකම ලබා පාලන කටයුතු කරගෙන ගොස් තිබේ.

වත්හිමි රජුට පාලන බලය ලැබුණේ මහ අමුතු කාලයකය. හිටි හැටියේ කුරුණෑගල වැවෙන් රන් තලියක් උඩට මතුව නොපෙනී යන්නට පටන්ගන්නේ ඔය කාලයේය. මෙය නම් අපූරු හාස්කමකි. එමෙන්ම නිධානයක් යැයි සිතූ රජු මෙම නිධානය ගන්නට පිඹුරුපත් සැකසුවේ තමා දන්නා කියන ඇමැතිවරුන්ද සම්බන්ධ කර ගනිමිනි.
රජුගේ ආශාව සහ කැමැත්ත නිධානය ලබාගැනීම පමණක්ම වූ හෙයින් එය රැගෙන දෙන්නකුට වටිනා තෑගි බෝග ලබාදෙන්නටද පොරොන්දු විය. ඒ සඳහා නන් දෙසින් යන්ත්‍ර මන්ත්‍රකරුවන් පැමිණියේය. එහෙත් දිනෙන් දින රන් තලිය ලබාගැනීමේ සිහිනය කල් ගියේය. බලාපොරොත්තු කඩවීමේ ශෝකයෙන් සිටි රජු කිහිප දෙනකුගේ ජීවිතද උදුරා ගත්තේය.

තත්ත්වය එන්න එන්නම දරුණු වන වග වටහා ගත් ප්‍රභූහු රජු උපායකින් ඝාතනය කරවීමට සැලසුම් කළහ. ඒ අනුව සත් දින පිරිත් සජ්ඣායනයක් සිදුකළහොත් නිධානය ලබාගත හැකි බවට රජු කැමැති කරවා ගත්තේය. අවසානයේ රජුට පිරිත් ශ්‍රවණය සඳහා සැකසූ විශේෂ මණ්ඩපයට නොපෙනෙන ආකාරයට රෝද සවිකර සඟවා තබන්නට කටයුතු කළ ප්‍රභූන් පිරිස සත්වැනි දිනයේ පිරිත් අසමින් සිටි රජු මණ්ඩපයත් සමගම ගලෙන් පහළට පෙරළා දැමුවේය. පිරිත් අසමින් සිටියද කේන්තියෙන් මියගිය රජු යක්ෂ ආත්මයක් ලබා ප්‍රදේශයේ සියලු ජනයාට පීඩා කළේය. නිතර නිතර විපත් කරදර පැමිණවීය. මේ තත්ත්වය හඳුනාගත් ප්‍රදේශයේ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු දත් ස්වාමින්වහන්සේ නමක් මැදිහත්ව රජු යක්ෂ ආත්මයෙන් මුදාලූ අතර අවසානයේ වත්හිමි රජු ගලේබණ්ඩාර නමින් දේවත්වයට පත්ව ප්‍රදේශයේ ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඇතුගල්පුරයට අරක්ගත්තේය.

රන් තලිය මතුවන වැව ලෙස කා අතරත් ප්‍රසිද්ධ වූ කුරුණෑගල වැව, රන්තලිය වැව ලෙසත්, පසුව රන්තාලිය වැව ලෙසත් භාවිත වීමට පටන් ගත්තේය. නිතර නිතර ජලයෙන් ඉහළට මතුවී පෙනුණු රන්තලිය වත්හිමි රජුට දිවි අහිමි කළද රජකුට දේවත්වයට පත්වන්නට වාසනාව ලබාදුන්නේය. එයින් මතුවටද බොහෝ අවස්ථාවල කුරුණෑගල වැව් ජලය මත හිරු කිරණින් දිලිසෙන රන් තලිය දුටුවෝ වූහ. ඇතැම්හු ඉන් සතුටු වූහ. තවකකු එය ශාපයක් යැයි සිතා බියට පත්විය. ඔය අතරේ වත්හිමි රජු සේම තවත් බොහොමයක් පිරිස් රන් තලියට ලොබ බඳින්නට ඇත. යන්ත්‍ර මන්ත්‍රකරුවන් සිය දහස් ගණනක් මේ රන් තලිය ගන්නට සිය මන්ත්‍ර ශාස්ත්‍රවල මන්ත්‍ර තන්ත්‍ර භාවිත කරන්න ඇත. ඒ අතරේ කිසිවකුට නොදැනී රහසේ ජීවිතද අහිමි වන්නට ඇත.

ඒ සියල්ල එසේ සිදුවන අතරේ කඩින් කඩ විටින් විට රන් තලිය පෙනී නොපෙනී යන්නටත් ඇත. ඊට ආශාවෙන් සිටියවුන්ගෙන් කාගේ හෝ ආශාව ඉටුවීද නැද්ද යන්නත් අදද එම රන් තලිය වැව් ජලය මත පෙනී නොපෙනී යනවාද යන්නත් රහසක්ම පමණකි.

අද වෙද්දී වත්හිමි රජුගේ රාජ්‍ය පාලනයෙන් පසු පාලන යුග රාශියක් පසුකරගෙන පැමිණ තිබේ. එහෙත් විවිධාකාරයෙන් වැවෙහි ප්‍රමාණය එහා මෙහා වෙමින් හැඩය වෙනස් වෙමින් භූමිය විශාල වෙමින් වැව කුඩා වෙමින් වර්තමානයේද ඇතුගල අබියස හිඳ ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපයන්නට කුරුණෑගල රන්තාලිය වැව සැදී පැහැදී සිටී. හැබැයි රන් තලිය එහි ඇද්ද නැද්ද යන්න නම් දන්නේ නැත. රන් තලිය ගැන නොදන්නා කෙනෙක් නැති වුවද එයට කුමක් වූයේද යන්න දන්නා කෙනකු නොමැති වීමද කනගාටුවකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ජයසුමන කිව්වත් ‘ටොසිලිසුමාබ්’ අරන් එන්න බැරි වෙයි! සිංගප්පූරුව දෙන්න බෑ කියයි!

Next Post

ජීවිතය වට්ටන හූනියම් සහ ඔබේ හිත…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.