• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දුටුගැමුණු රජු පෙර භවයේ ජීවත් වූ මණිභාර දිව්‍ය පුත්‍රයාට අයිති රුහුණේ හදවත…

August 21, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
දුටුගැමුණු රජු පෙර භවයේ ජීවත් වූ මණිභාර දිව්‍ය පුත්‍රයාට අයිති රුහුණේ හදවත…
Share on WhatsAppShare on Facebook

දිනය කාවන්තිස්ස රජ සමය දක්වා දිවෙන්නේය. කාවන්තිස්ස රජුගේ අගමෙහෙසිය උන්නේ සිතේ මහා ශෝකයකිනි. තම සැමියාගෙන් පසුව හෙළදීපයේ රාජ්‍යත්වයට පත්කරන්නට පුත් කුමරකු නැති අඩුව ඇයට මහ ඉහළින් දැනුණාය. ඈ නිතර නිතර ඒ ගැන තමා දන්නා කියන සෑම දෙනකුටම පැවැසුවාය. ඒ අතරේ අය තවත් සුවිශේෂ තැනකට ආවේ ගියේ වේදනාවෙන් පිරි සිත නිවා සනසා ගන්නටය. ඒ තිස්සමහාරාම විහාරයටය. ඈ එහි යන එන සෑම මොහොතකම සිය අරමුණ ආශාව ගැන කීවාය. ඇගේ සිත තේරුම් ගන්නට සමත් විස්මිත ස්වාමින්වහන්සේ නමක අසනීප තත්ත්වයෙන් මරණාසන්නව එහි වැඩ සිටියහ. අවසානයේ විහාරමහා දේවියගේ සිතැඟි ඉටුකරමින් සිතා අපවත්වූ උන්වහන්සේ ඇගේ කුස පිළිසිඳ දුටුගැමුණු නමින් මෙලොව එළිය දුටුවේ විහාරමහා දේවියගේ පමණක් නොව කාවන්තිස්ස මහ රජුගේත් සිත් ප්‍රීතියෙන් පුරවාලමිනි.

හෙළ දීපයට මහඟු සේවාවක් සිදුකළ දුටුගැමුණු රජුගේ උපතට හේතුපාදක සපයමින් දේශයට මහඟු මෙහෙයක් ඉටුකළ ඒ උත්තරීතර වූ තිස්සමහාරාම පුදබිම එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසය තුළ සුවිශේෂ සන්ධිස්ථාන සකසාදී ඉදිරියෙන්ම කියැවෙන නාමයක් බවට පත්ව ඇත්තේ එහි ඇති වටිනාකම නිසාමය.

ගැමුණු කුමරුගේ උපතට සම්බන්ධ වූවා හා සමානවම කාවන්තිස්ස රජුගේ අභාවය සිදුවූ අවස්ථාවේදීත් රාජකීය අවමංගල්‍ය ගැන සියලු වැදගත් තීරණ ගනු ලැබුවේ තිස්සමහාරාම විහාරය කේන්ද්‍ර කරගෙන බව මහාවංශයේ සඳහන් වේ.

අනතුරුව සිය පිය රජුගේ ඇවෑමෙන් රජකමට පත් ගැමුණු කුමරු අනුරාධපුරයේ රජකම් කළ එළාරට එරෙහිව සටනට යද්දී ගැමුණු කුමරුගේ ආරාධනාවෙන් සේනාවේ පෙරගමන් යන්නට තිස්සමහාරාම විහාරවාසී භික්ෂුන් පන්සියයක් දෙනා සම්බන්ධ වූ බව මහාවංශයේ දක්වා ඇත. එයින් මතු අනුරධපුරයේ බලය තහවුරු කර දුටුගැමුණු රජු එහි රාජධානිය පිහිටුවා ගත්තද, මාගම් රජ පෙළපත හා තිස්සමහාරාමය අතර තිබූ සම්බන්ධතාව කිසිදා පලුදු නොවූ බවට අපමණ සාක්ෂි සාධක පොතපතෙහි මෙන්ම ජනප්‍රවාදයේද පැවැත එයි.

කෙසේ නමුදු හෙළ දීපයේ රාජ වංශය සමග බැඳෙමින් හෙළයේ උන්නතිය උදෙසා කැපවූ තිස්සමහාරාම විහාරය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පුදබිමකි. ඒ ඉතිහාසය කොතරම් දීර්ඝදැයි කියන්නේ නම් බුද්ධ කාලය දක්වා ඉතිහාසයකි.

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිස්ස වැවට යාබදව කෙත්වතු යායක සිසිලස විඳිමින් විරාජමාන සුවිසල් ස්ථූප රාජයා නමින් තිස්සමහාරාමයයි. පැරැණි සෙල්ලිපිවලට අනුව අකුජුක වෙහෙර, මහගම රජමහා වෙහෙර, තිසරම් රජමහා වෙහෙර ආදී විවිධ නම්වලින් හඳුන්වන ලද තිස්සමහාරාම ඉතිහාසය බුද්ධ කාලය දක්වා විහිදෙන බව වංශකතා සඳහන් කරයි. බුදුන්වහන්සේගේ තෙවැනි ලංකා ගමනේදී තිස්සමහාරාමය ඉදිකරවූ භූමිය සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත්ව තිබේ. බුදුන් වහන්සේ එහි නිරෝධ සමාපත්තියෙන් වැඩසිට භූමිය කම්පා කරවූ පසුව එකී ස්ථානයේ ආරක්ෂාව මණිභාර නම් දිව්‍ය පුත්‍රයාට පවරා තිබේ.

එයින් මතු පසුකාලීනව අනුරාධපුරයේ රජකම් කළ දෙවනපෑතිස් රජ දවස (ක්‍රි.පූ.307-267) මහා මහින්ද මහරහතන්වහන්සේගේ උපදෙස් මත රජු විසින් ශ්‍රීමහා බෝධින්වහන්සේගේ දෙතිස්ඵල බෝධි ශාඛාවන්ගෙන් එක් ශාඛාවක් රුහුණු මාගම රෝපණය කිරීමට කටයුතු කර තිබේ.

අවසානයේ දෙවනපෑතිස් රජුගේ සොයුරු මහානාග යුවරජු සිය පාලන මධ්‍යස්ථානය රුහුණු මාගම පිහිටුවාගැනීමෙන් පසු ඔහු විසින් තිස්සමහාරාම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නාග මහා විහාරය නමින් ආරාමයක් ඉදිකරවා භික්ෂුන්වහන්සේට පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. මේ සියලු කටයුතු සිදුකෙරුණු භූමිය එදා බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩසිට මණිභාර දිව්‍ය පුත්‍රයාට භාර කළ භූමියම වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

මේ වකවානුවේදී මහානන්ද නම් මහරහතන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් ආරක්ෂා කරමින් පැමිණි සර්වඥ ලළාට ධාතුන්වහන්සේ මහානාග යුව රජුට හිමිවීමත් සමග ධාතුන්වහන්සේ තැන්පත් කරවීම පිණිස මහානාග යුවරජු ධාතු ඝරයක් ඉදිකරවා තිබේ. එසේ ධාතු ඝරය ඉදිකළ භූමියේම පසු කලක තිස්සමහාරාමය ඉදිවූ බවත්, මෙම භූමියේ පූජනීයත්වය එයින් තවත් වර්ධනය වූ බවත් සඳහන් වේ.

රාජකීයයන්ගේ ප්‍රධාන වන්දනීය ස්ථානයක්ව පැවැති මෙම පින් බිම තවත් දියුණුවට පත් වූයේ මාගම රජු පැමිණි කාවන්තිස්ස රජුගේ රාජ සමයේදීය. ඒ රජු විසින් විහාර බිමේ එකසිය විසි රියනක් උස තුන්සිය සැට රියනක් විෂ්කම්භය ඇති මහා ස්ථූපයක් කරවූ බවත් ධාතු වංශයේ සඳහන් වෙයි.

එසේම එම ස්ථූපයට රජු සිය නම තැබීම හේතු කොටගෙන එතැන් පටන් තිස්සමහාරාමය ලෙසින් ප්‍රකට වූ බවත් ධාතු වංශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

පසු කලෙක කාවන්තිස්ස රජතුමා සේරුනුවරද සෑයක් ඉදිකළ අතර එය මංගල මහා සෑය ලෙස නම් කෙරිණි. එම මංගල මහා සෑයේ තැන්පත් කිරීමට සර්වඥ ලළාට ධාතුන්වහන්සේ මාගම සිට සේරුනුවරට වැඩම කළ බව ධාතු වංශය සඳහන් කළද ඊට පෙර මහානාග රජු ලළාට ධාතුන්වහන්සේ තැන්පත් කිරීමට ඉදිකළ ධාතු ඝරය වටකොට පසු කලෙක කාවන්තිස්ස රජු විසින් ස්ථූපයක් කරවා එය තිස්සමහාරාමය ලෙස නම් තැබූ බවට තවත් මතයක් පවතින හෙයින් ලළාට ධාතුන් වහන්සේ සේරුවාවිලට වැඩම කරවූ බවට වන මතය යම් පරස්පරතා සහිත ගැටලුසහගත මතයක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් එවකට රෝහණ දේශයේ පැවැති තත්ත්වය අනුව අනාදිමත් කාලයක සිට මාගම ධාතු ඝරයක තැන්පත් කොට තිබූ ලළාට ධාතුන් වහන්සේ වෙනත් ස්ථානයකට ගෙන යෑමට කාවන්තිස්ස රජතුමාට අවශ්‍යතාවක් හෝ අවකාශයක් නොලැබුණු බවයි විද්වත් මතය වන්නේ.

එමෙන්ම පස්වැනි කාශ්‍යප රජුගේ පුත් මිහිඳු නම් ඈපා විසින් (ක්‍රි.ව.914-923) පිහිටුවන ලද කිරින්ද සෙල් ලිපියේ එන තොරතුරු අනුව තිස්සමහාරාම සෑයේ බුදුන් වහන්සේගේ වම් යටි දළදාව නිධන් කොට ඇතැයි යන කාරණය සම්බන්ධව තවත් සාධක ඉදිරිපත් වෙයි.

ලක්දිව මහා විහාරවාසී භික්ෂු පරපුරේ දකුණු ලක මූලස්ථානය වශයෙන් තිස්සමහාරාමයට විශේෂ තැනක් හිමිවුණු අතර එය අනුරාධපුරයේ රුවන්මැලි සෑයට ලැබුණු පිළිගැනීමට සමාන පිළිගැනීමකි. එමෙන්ම තිස්සමහාරාමයට අනුබද්ධව විශාල විහාරාරාම සංකීර්ණයක් ඉදිව තිබූ බවටද සාධක රැසක් හමුවෙයි. එම විහාරාරාම සංකීර්ණය කෙතරම් විශාලද යන්න තේරුම් ගැනීමට හොඳම සාධකය දොළොස් දහසක් භික්ෂුන් මෙහි වැඩසිටියාය යන්න සම්මෝහ විනෝදයකින් සඳහන් වන කරුණුම ප්‍රමාණවත් වන්නේය. උන්වහන්සේලාට අධ්‍යාපනය ලබාදුන් ප්‍රධාන ආයතනය වී ඇත්තේ කාවන්තිස්ස රජු දවස තිස්සමහාරාම ආරාම සංකීර්ණයේ ඉදිකළ සිලාපස්ස නම් පිරිවෙනයි.

තිස්සමහාරාම විහාරවාසී භික්ෂුන්වහන්සේලා ගැන තවත් තොරතුරු මනෝරථපූරණී, පපංචසුදනී හා සුමංගලවිලාසිනී ආදී අට්ඨකථා මෙන්ම රසවාහිනි, ථුපවංශය, සඟසරණ, සද්ධර්මාලංකාරය ආදී සාහිත්‍ය මූලාශ්‍රවලින්ද හමුවේ.

පසුකාලීනව ක්‍රමයෙන් ජරාවාස වූ තිස්සමහාරාම විහාරය වෙත නැවත අවධානය යොමුවන්නේ මහනුවර රාජධානි සමයේ මහනුවර රාජ්‍ය කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707-1739) සමයේදීය. ඔහු තිස්සමහාරාම විහාරයේ කටයුතු උදෙසා අනුග්‍රහය දක්වමින් නිකුත් කළ සන්නස් දෙකක් හමුව ඇති අතර ඒවායින් විහාරයේ කටයුතු සඳහා ගම්බිම් පූජා කිරීම හා සීමා දැක්වීමත් විහාරයේ පිළිසකර කටයුතු බුද්ධරක්ඛිත සහ නවරත්න යන ගණින්නාන්සේලාට පවරාදීම සිදුකර ඇති බවත් හෙළිවෙයි.
පසු කලෙක කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසත් (1747-1782) තිස්සමහාරාම විහාරය නිරුපද්‍රිතව තිබූ බවට එකල විසූ භරණ ගණිතාචාර්යයන් රචිත නීලකොබෝ සංදේශයේ සඳහන් තොතුරුවලින් හෙළිවෙයි.

වර්ෂ 1815දී ඉංග්‍රීසින් මහනුවර රාජධානිය අල්ලාගත් සමය වන විට තිස්සමහාරාමය ජනතා මතකයෙන් දුරස්ව තිබූ බව පෙනෙන්නට තිබේ. එසේ වල් බිහිවෙමින් පැවැති තිස්සමහාරාමය 19 වැනි සියවසේ මැද භාගයේදී එනම් 1853දී එහි පැමිණි වේපතඉර සුමන නම් සාමණේර හිමියන් එහි වටිනාකම හඳුනාගෙන නොපසුබට වීර්යයෙන් යුතුව ස්ථූපය පිළිසකර කිරීමේ කටයුත්ත ආරම්භ කර තිබේ. එහෙත් 1873 උන්වහන්සේ අපවත් වුවද වල්පිට මේධංකර හිමියන් එම ගමනේ පෙරමුණ ගෙන ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන ගොස් තිබේ.

මේ කාලයේ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා එවකට බි්‍රතානය ආණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් හර්කියුලිස් රොබින්සන්ද දායකත්වය ලබාදුන් බව සඳහන් වේ.
වර්ෂ 1895දී දේවතා කොටුවේ ධාතු නිධානෝත්සවය පැවැති අතර, සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා 1897දී තිස්සමහාරාම විහාර කාර්යසාධක සමාගම පිහිටුවාගෙන තිබේ. නව ස්ථූපය අඩි 550ක විෂ්කම්භය ඇති අඩි 186ක උසින් යුතුව බුබ්බුලාකාර හැඩයෙන් නිර්මාණය කෙරුණු අතර, කොත්වහන්සේ අඩි එකොළහමාරක් උසින් යුතු අතර, එය පළමුව කොළඹ විද්‍යොදය පිරිවෙන් භූමියේ මහජන ප්‍රදර්ශනයට තබා මහ පෙරහැරකින් මුහුදුබඩ මාර්ගය ඔස්සේ තිස්සමහාරාමයට වැඩමවා තිබේ. කොත සහිත රථය ජනතා සහායෙන් ඇදගෙන ගිය බවටද කියැවේ. මෙය කොත් පෙරහැර නමින් ප්‍රකට වූ අතර මෙම පෙරහැර අද දක්වාම කොත් පෙරහැර නමින් පවත්වනු ලබයි.

අවසානයේදී වර්ෂ 1900 පොසොන් මස යෙදුණු සුබ නැකැතකින් කොත පැලඳීම සිදුකෙරුණු අතර මෙම පින්කම් සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වූ බවද පැවැසේ. එතැන් පටන් විවිධාකාර සංවර්ධන කාර්යයන්ගේ දායකත්වයෙන් තිස්සමහාරාම ස්ථූපය අද දක්වාම මහා ජනතාවකගේ වැඳුම් පිදුම් ලබමින් පැවැත එන අතර, තවත් කාලාන්තරයක් බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරය ලබමින් විරාජමානව වැඩසිටින්නට හැකි පූජා භූමියක් ලෙස තිස්සමහාරාම පුදබිමට බෞද්ධ හදවත් තුළ සුවිශේෂ ස්ථානයක් හිමිවනු නිසැකය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මිනිස්සු ආණ්ඩුව ලොක්ඩවුන් කරයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

දෙවැනි කාර්තුවේ ශක්තිමත් වර්ධනය සමග කොමර්ෂල් බැංකුව වාර්තා අලුත් කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.