ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ලංකා බැංකුව මේ වසරේදී සිය 82 වැනි සංවත්සරය සමරනු ලබයි. ‘ජාතියේ මහා පහන්ටැඹ’ ලෙසින් විරුදාවලි ලත් ලංකා බැංකුව පසුගිය කාල වකවානුවේදී අසමසම කාර්යභාරයක් ඉටුකරමින්, විදේශීය වෙළෙඳපොළ දක්වා තම සේවාවන් පුළුල් කිරීම මගින් මෙරට ආර්ථිකය නඟාසිටුවීමට මෙන්ම උසස් මූල්‍ය සේවාවන් රැසක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයට දායාද කිරීමටද සමත් වී තිබේ.
ලංකා බැංකුව, ශ්‍රීමත් ඇන්ඩෲ කැලිඩිකොට් ආණ්ඩුකාරවරයා විසින්, 1938 ‘ලංකා බැංකු ආඥා පනත’ යටතේ, 1939 අගෝස්තු 01 වැනි දින බි්‍රස්ටල් වීදියේ (වර්තමාන ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත) අංක 41 දරන ලිපිනයෙහි ස්ථාපිත කෙරිණි.
පසුගිය වසර 82ක කාලය තුළ, ගනුදෙනුකරුවන්ගේ විවිධ වූ මූල්‍ය අවශ්‍යතා සඳහා සාර්ථක විසඳුම් ලබා දීමෙන් ජාතියේ සංවර්ධන අභිලාෂයන් ඉටුකරන බලවේගයක් බවට ලංකා බැංකුව පත්වී ඇත. මේ නිසාම මෙම කාලසීමාව තුළ දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ලංකා බැංකුව පිළිගැනීමට ලක්වී ඇත.











