• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වේදිකාවට පණක් දෙන්න සරත්ගෙන් අලුත් වැඩක්…

August 4, 2021
in Heart
Reading Time: 3 mins read
A A
වේදිකාවට පණක් දෙන්න සරත්ගෙන් අලුත් වැඩක්…
Share on WhatsAppShare on Facebook

දැන් නාට්‍යයක් කරගන්න බැරි තැනටම ඇවිල්ලා…
මම කැමැතියි විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයාට සමීප වෙන්න…

වේදිකාවේ අභිෂේක ලබමින් රටවටා සැරිසැරූ ඔහු අද ටෙලිනාට්‍යවල වගේම චිත්‍රපටවලද චරිතාංග රංගන ශිල්පියෙක් බවට පත්වෙලා. ඉතින් මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකින් ඔබ හමුවට එන ජනප්‍රිය රංගන ශිල්පී සරත් කරුණාරත්නගේ රංගනයේ සුවිශේෂී රංගනයක් ලෙස ඔහු නිරූපණය කරන ‘බන්ටි’ චරිතය අපි දකිනවා. ඒ සුවිශේෂී බව අපට වගේම ඔහුට දැනුණු විදිහ දැනගැනීමට අපි ඔහුව සම්බන්ධ කරගත්තා.

සරත් ඔබගේ සුවිශේෂී රංගනයක් අපි මේ දවස්වල දකිනවා. ඒ සුවිශේෂී බව ඔබට දැනුණේ කොහොමද?
මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. දිවිතුරා, ධරණි. එයට අමතරව ‘ටීචර් අම්මා’ නිර්මාණවල මම එකිනෙකට වෙනස් චරිත කරනවා. හැබැයි මේ දවස්වල මම නිරූපණය කරන ‘බන්ටි’ චරිතය ගැන ගොඩදෙනෙක් කතා වෙනවා. කාලෙකට පස්සේ ආශාවෙන් හොඳ චරිතයක් කරන්න ලැබුණා. මම කරපු අනෙකුත් චරිතවලට අකැමැති කියනවා නෙවේ. මම මේ කරන ‘බන්ටි’ චරිතය මට වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට වගේ අපේ කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පීන් පවා මගේ රඟපෑම ගැන අගය කළා.

‘බන්ටි’ චරිතය කිරීමට ඔබ වෙනම උත්සාහයක් ගත්තාද?
‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයේ තිමිර උඩලවත්ත ඒ වගේම ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සුදත්ත තිලකසිරි සමග මම මේ ‘බන්ටි’ චරිතය ගැන නිරන්තරයෙන්ම කතා කිරීමට උත්සාහ කළා. ඔවුන් දුන්න උපදෙස් අනුව දැකපු ‘බන්ටි’ තමයි මම නිරූපණය කිරීමට උත්සාහ කළේ. නැතුව මම බාහිර වෙනසක් කිරීමට උත්සාහ කළේ නැහැ. මම හිතනවා පිටපතට මම උපරිම සාධාරණයක් කරලා ඇති කියලා. මම ගොඩාක් අවධානයෙන් තමයි මේ චරිතය නිරූපණය කළේ.

ඔබ නිරන්තරයෙන්ම ඒකාකාරී බවින් මිදීමට තමයි උත්සාහ ගන්නේ?
ඇත්තටම මම කැමැති විවිධ චරිත හරහා ප්‍රේක්‍ෂකයාට සමීප වීමට. මොකද ඔවුන්ටත්, අපිටත් දැනුමක් වගේම ප්‍රේක්‍ෂකයන්ටත් හොඳ රසවින්දනයක් දෙන්න පුළුවන්.
මම වේදිකාවෙන් ලබපු ආභාෂයත් එක්ක මට ලැබෙන චරිතවලට උපරිම සාධාරණයක් කිරීමට ශක්තියක් ලැබෙනවා.

තවත් පැත්තකින් ඔබ මේ කියන්න යන පහේ කතාව මොකක්ද?
අද වේදිකාව වගේම සිනමාව ගොඩාක් කඩාවැටිලා මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක. වේදිකා නාට්‍යයක් තවම හරියාකාරව කරන්න බැරි තැනට පත්වෙලා. ඉතින් මමත්, බුද්ධික දමන්ත, අඛිල සපුමල්, අසංක සායක්කාර සහ එම්. සහේල් එකතුවෙලා අපි පස්දෙනා වේදිකා නාට්‍ය උළෙලක් එකම වේදිකාවේ පැවැත්වීමට කටයුතු කිරීමට සූදානම් වෙමින් තමයි මේ දවස්වල ඉන්නේ. එකම වේදිකාවේ එහෙම වේදිකා නාට්‍යයක් නරඹන්න ලැබෙන කාලය අඩු නිසා අපි මේ වෙනස්ම අත්දැකීමක් ප්‍රේක්‍ෂකයන්ට විඳීමට ඉඩකඩ සලසන්න තමයි හදන්නේ.

ඔබ වේදිකාවෙන් පෙරළියක් කරමින් ඇවිත් සිනමාවට ඔබේ ලොකු දායකත්වයක් නැහැ නේද?
මගේ හදවත වේදිකාව. සතියකට වේදිකා නාට්‍ය හතරක වැඩ කළ මම සමහර අවස්ථාවල මට දින වෙන් කිරීමේ ප්‍රශ්න ගැටලු පවා මතුවුණා. වේදිකාව වෙනුවෙන් ඒ තරමට මම කැපවෙලා වැඩ කළා. මම අදටත් කැමැතියි මාව වේදිකා රංගන ශිල්පියෙක් විදියට හඳුන්වනවාට. චිත්‍රපට කිහිපයකට මම සම්බන්ධ වුණා. ඒත් ලොකුවට මම සිනමාව වෙනුවෙන් යොමු වෙලා වැඩ කරලා නැහැ.

ගොඩදෙනෙක් කියනවා මෙගා නාට්‍ය කියන්නේ ගුණාත්මක භවින් අඩු නිර්මාණ කියලා. ඔබත් මෙගා නාට්‍යවල රඟපානවා?
එහෙම කියන්නේ අපේ ක්‍ෂේත්‍රයේ අයම තමයි. මෙගා කියන්නේ ගුණාත්මක අඩු බවට නෙවේ. කොටස් වැඩි ප්‍රමාණයක් නිසා. ඒ දෙක තේරුම් ගන්න බැරි පිරිසක් ඉන්නවා. මම හිතන්නේ එදා මෙගා නාට්‍යයවලට බැනපු අය අද ආශාවෙන් නරඹනවා. මොකද ගුණාත්මක නිර්මාණ නිසා. අලුත් රැල්ලක් හැදිලා තියෙනවා දැන් මෙගා වුණත් සෞන්දර්ය මූලාශ්‍රය කරගෙන දුරබැහැර ප්‍රදේශවලට ගිහින් හොඳ නිර්මාණ ප්‍රේක්‍ෂකයාට රසවිඳීමට ඉඩකඩ සැලැසීමට. දිවිතුරා ටෙලිනාට්‍ය නුවරඑළිය ප්‍රදේශයේ, ටීචර් අම්මා බෙලිහුල්ඔය වැනි දුෂ්කර පළාත්වලට ගිහින් නිර්මාණ නොකර කොළඹ අවට කරන්න තිබුණානේ. නැහැ ඒ නිර්මාණකරුවන් උත්සාහ කළේ කරන දේ හරියට වටිනාකමක් ඇතිව කරන්නයි. අපි එය අගය කළ යුතුයි.

–වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ ගුරු-විදුහල්පතිවරුන් 42ක් අත්අඩංගුවේ!

Next Post

හිටපන් යකෝ… නරියා…! -එස්.බී.
ලොම් හැලිච්ච ඇමැතිවරු ගෙදර තියන්න! -චමින්ද (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.