• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගුවනේ රහස් හෙළිකරන අපූරු ඔත්තුකාරයා

October 9, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ගුවනේ රහස් හෙළිකරන අපූරු ඔත්තුකාරයා
Share on WhatsAppShare on Facebook

මැලේසියානු ගුවන් සේවයට අයත් ඵ්‍ය 17 යන ගුවන්යානය අතුරුදන් වූයේ 2014 ජූලි 17 වැනිදාය. නෙදර්ලන්තයේ සිට ක්වාලාලම්පූර් නුවර බලා පියාසර කරමින් තිබියදී එම ගුවන් යානය අබිරහස් අන්දමින් අනතුරට ලක්වීම එදා ලෝකයේම අවධානය දිනාගත් පුවතක් විය. එයින් විනාශ වූ මිනිස් ජීවිත ප්‍රමාණය 298කි. එමෙන්ම පුද්ගලයන් 157ක් රැගත් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක්ද මීට මාස කිහිපයකට පෙර කඩා වැටිණි. එය ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර සිට කෙන්යාවේ නයිරෝබි දක්වා පියාසර කරමින් තිබිණි. එය බෝයිං සමාගම නිෂ්පාදනය කළ බෝයිං 737 මැක්ස් වර්ගයට අයත් ගුවන් යානයකි.

අප මෙසේ ගුවන් යානා අනතුරු ගැන කතා කරන්නේ කුමන හේතුවක් මතද කියා කියවන ඔබට ප්‍රශ්නාර්ථයක් නැඟෙන්නට ඇත. සැබෑවටම අප අද කතාබහ කරන්නේ ගුවන් යානා අනතුරකින් පසු අපට එක්වරම සිහියට එන සුවිශේෂී දෙයක් ගැනය. ඒ ගුවන් යානාවල ඇති “කළු පෙට්ටිය”යි. ගුවන් යානා අනතුරක් සිදු වූ පසු මෙම කළු පෙට්ටියේ වටිනාකම ගැන කියන්නට වචන නැත. ඊට හේතුව ඒ තරමටම කළු පෙට්ටියේ අවශ්‍යතාව ගුවන් යානා අනතුරකදී දැනෙන්නට ගැනීමය. එහෙත් කියවන ඔබ නමින් කළු පෙට්ටිය ගැන දැන සිටියද එහි ඇතුළාන්තය ගැන බොහෝ දුරට නොදන්නවා විය හැකිය. එම නිසා අපි අද ඔබට කියන්නේ ගුවන් යානාවේ ඇති කළු පෙට්ටිය ගැනය.

ලෝකයේ ඕනෑම ගුවන් යානයක් අනතුරට ලක් වූ පසු එහි සියලුම තොරතුරු මෙන්ම සියලුම රහස්ද අනාවරණ කරගන්නේ යානයේ පියාසර දත්ත ඇතුළත් “කළු පෙට්ටිය” හෙවත් “බ්ලැක් බොක්ස්” එක හරහාය. විශේෂයෙන්ම ගුවන් යානයක් අනතුරට ලක් වූ වහාම බොහෝ අයට එය සිහිවන්නේ එම හේතුව නිසාය. නමුත් ගුවන් යානා ගුවන්ගත කළ මුල්ම කාලයේ මෙවන් අංගයක් ගුවන් යානා තුළ තිබුණේ නැත. එහෙත් 1950 දශකයේ බොහෝ ගුවන් අනතුරු ප්‍රමාණයක් සිදු වූ නිසා ඕස්ටේ්‍රලියානු ජාතික “ඬේවිඞ් වොරන්” විසින් ගුවන් නියමු කුටියේ කතාබහ පටිගත කිරීමටත් යානයේ යාන්ත්‍රික කටයුතු අධීක්ෂණයටත් නව උපාංගයක් නිර්මාණය කළේය. වර්තමානයේ අප දන්නා කළු පෙට්ටියේ ආරම්භය එතැනය. පසුව 1960 වර්ෂයේදී ඕස්ටේ්‍රලියානු රජය ඔවුන්ගේ වාණිජ ගුවන් යානා සියල්ලටම මෙම කළු පෙට්ටිය අනිවාර්ය කළ බව සඳහන්ය.

ගුවන් යානා කළු පෙට්ටියේ විශේෂ කොටස් දෙකක් දැකිය හැකිය. ඉන් පළමුවැන්න වන්නේ පියාසැරි දත්ත ගබඩාවයි. එයින් යානයේ එන්ජිමේ ක්‍රියාකාරිත්වය, ගමන් කරන උස, වේගය, දිශාව සහ ආරම්භයේ සිට අවසානය දක්වා වූ සියල්ල පටිගත කරනු ලබයි. එමෙන්ම අනෙක් කොටසින් සිදුවන්නේ නියමු කුටියේ කතාබහත් ඔවුන්ගේ සංවාදත් එන්ජිමේ ශබ්දය මෙන්ම යානයේ රෝද එසවීමේ සහ පහත් කිරීමේ ශබ්ද සියල්ල පටිගත කිරීමයි. ඒ අනුව කළු පෙට්ටියේ මෙම කොටස් දෙක බොහෝ වැදගත් බව කිව හැකිය. එම නිසා ගුවන් යානා අනතුරකදී කළු පෙට්ටිය සොයාගත් පසු සිදු වූ අනතුර පිළිබඳ සියලුම දත්ත ලබාගත හැකිය.
ගුවන් යානයේ කළු පෙට්ටිය ඇත්තේ යානයේ පිටුපස ප්‍රදේශයේය. ඊට හේතුව වන්නේ එම ප්‍රදේශය අනතුරු අවම ප්‍රදේශයක් වීමය. අනතුරක් මගින් යානය මුහුදට කඩන් වැටුණද කළු පෙට්ටිය සොයාගන්නේ එයින් නිකුත් වන එක්තරා සංඥවක් හරහාය. එය හඳුන්වන්නේ “බීකන්” යනුවෙනි. යානය ජලයට වැටුණද එය ස්වයංක්‍රීයව සක්‍රීය වන අතර අඩි 14000 ගැඹුරකදී වුවද එය සක්‍රීය වෙයි. කළු පෙට්ටිය ක්‍රියාකාරී වන්නේ එය තුළ පිහිටි විශේෂ බැටරියක් නිසාය. එහි ආයු කාලය වන්නේ සක්‍රීයවූ දින සිට දින තිහකි.

එමෙන්ම මෙම කළු පෙට්ටිය ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන ලෙස තාක්ෂණය උපරිම අන්දමින් යොදා ගනිමින් නිර්මාණය කර තිබේ. විශේෂයෙන්ම එහි පිටත ආවරණය ශක්තිමත් නිසා පිපිරීමකදී වුවද එයට හානියක් සිදුවන්නේ නැත. එසේ වන්නේ එය වානේ ටයිටේනියම් මිශ්‍රණයකින් සාදවා ඇති නිසාය. එම නිසා එය ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන අතර ගුවන් යානයේ ආරක්ෂකයා වන්නේද කළු පෙට්ටිය වෙයි. සැබෑවටම කළු පෙට්ටිය යැයි පැවසුවද එය කළු පැහැයක් නොගන්නා අතර කළු පෙට්ටිය වර්ණ ගන්වා ඇත්තේ දීප්තිමත් තැඹිලි පැහැයෙනි. එම වර්ණය ඇසට පහසුවීම මෙන්ම දුරකදී වුවද පෙනීම ඊට හේතුවයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

සුවිනීතා දැන් කරන දේ

Next Post

යුනිලීවර් – සතොස එක්ව ඉඩම් පිරිනමයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.