ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් මෙරට ජනප‍්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පිනියක් වන ෆැලන් ඇන්ඩි්‍රයා සිය Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන පෙළ සඳහා නව සන්නාම තානාපතිනිය ලෙස පත්කළ බව නිවේදනය කරන ලදී.
මේ සඳහා වන නව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹ සිංගර් ප්‍රධාන කාර්යාලයේදී පැවැතිණි. දෙරණ ඩී්‍රම්ස්ටාර් සීසන් නවයෙහි කිරුළ හිමිකරගත් ෆැලන් ඇන්ඩි්‍රයා මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජනප‍්‍රිය සහ දක්ෂ කලාකාරිනියක් වන අතර ඇය තාරුණ්‍යය නියෝජනය කරමින් විවිධාකාර ශෛලීන්වල ගීත ගායනා කරමින් ශ්‍රී ලාංකික ජනාදරයට පත්ව ඇත.
පරම්පරා ගණනාවක් තිස්සේ ගුවන්විදුලි, Hi-Fi සිස්ටම්, ඇක්ටිව් ස්පීකර්ස් වැනි උසස් තත්ත්වයේ ශ්‍රව්‍ය උපකරණ පිරිනැමීම තුළින් සිංගර්, Hi-Fi Audio system ප්‍රියකරන ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත නාමයක් බවට පත්ව ඇත.
වර්තමානය වන විට 2.1 සිට 5.1ජය දක්වා ස්පීකර්ස්, single tower සිට twin tower දක්වා මාදිලියන්, ඇක්ටිව් ස්පීකර්ස් වැනි පුළුල් පරාසයක Hi-Fi සිස්ටම් සිංගර් විසින් වෙළෙඳපොළට නිකුත්කර ඇත.











