• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිතාගෙන හිටියට රට යන්න ලැබෙයිද

July 27, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
හිතාගෙන හිටියට රට යන්න ලැබෙයිද
Share on WhatsAppShare on Facebook

අද වෙද්දි මෙරට වැඩිම පිරිසකගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ විදෙස් රටකට ගොස් මුදලක් උපයාගැනීමය. නැතහොත් විදෙස් රටකට ගොස් අධ්‍යාපනය ලැබීමය. එසේම විදේශයක පදිංචියටම යන්නට සිහින දකින පිරිසක්ද නැත්තේම නොවේ. මේ ආකාරයට විදෙස්ගත වීමට සිහින දකින පිරිස් අතරින් සැලකිය යුතු කොටසකට එම අවස්ථාව මඟහැරෙන අයුරුත් දක්නට ලැබේ. ඇතැම් විට යෑමට අවශ්‍ය සියලු වරප්‍රසාද තිබුණද කෙසේ හෝ ගමන සිදු නොවන වගත් පෙනෙන්නට ඇත.

මේ තත්ත්වය මනාව තේරුම්ගත යුතුය. එනම් කෙනකුට හිතූ පමණින් විදෙස්ගත විය නොහැකිය. එම පුද්ගලයාට ඊට වාසනාව තිබිය යුතුය. එසේ වාසනාව තිබේද යන්න කලින්ම හඳුනාගන්නට ඕනෑම ජන්මියකුට සිය කේන්දරය පරීක්ෂාවෙන් දැනගත හැකිය.

සෙනසුරු, සිකුරු, චන්ද්‍ර, බ්‍රහස්පති ග්‍රහයන්ද, සෙනසුරුගේ ජන්ම, අෂ්ටම, ලග්න ඒරාෂ්ටකද, රාහු මහ දශාවද ජන්මියකුට විදෙස්ගත වීමට උදව්වක් වන බව පැහැදිලිය. 12 භාවයේ සිටින ග්‍රහයා චරක රාශියක අධිපති වී සිටී නම් එම ජන්මියාට බොහෝ විදේශයන්හි සංචාරයට වාසනාව ඇති බව හෙළිවේ. 12 වැන්නේ පාප ග්‍රහයකු සිටීනම් 12 අධිපති පාප ග්‍රහයකු සමග සංයෝගවී පාප ග්‍රහයකුගේ බැල්මට නතුව සිටීනම් එම ජන්මියාටත් බොහෝ රටවල සංචාරයට වාසනාව උදාවන බව කියැවේ.

ලග්නාධිපති 12 අධිපතියා පාප පීඩිතව සිටී නම් හෝ දුර්වලව සිටී නම් එවැනි අයට පහසුවෙන් විදෙස්ගත වීමට වාසනාව ඇති අතර නිතර නිතර විදෙස් සංචාර යෙදෙන බවත් පැවැසේ. නැතහොත් කඩින්කඩ යන්නට එන්නට සිදුවන බවත් පැවැසේ. 12 අධිපති මිත්‍ර ග්‍රහයකු නම් සිකුරුගේ දෘෂ්ටියකට ලක්වෙයි නම් නිසැකවම විදෙස්ගත වෙයි. එකී 12 අධිපති සූර්ය ග්‍රහණයකට යොමු වූයේ නම් ජන්මියාට කුඩා නගරයකත්, 12 අධිපති බලගතු නම් එම ජන්මියාට නාගරික පරිසරයකත් වාසයට වාසනාව පෑදේ.

12 අධිපති 9 වැන්නේද, 12 රාහු තැන්පත් වීමද, උපන් දේශයට පිට දුර ප්‍රදේශයක වාසයට සුබ පිහිටීමකි. මෙය බෝහෝ දුරට විදෙස් සංචාර සඳහා මෙන්ම විදෙස් පදිංචියට මඟ පාදන පිහිටීමක් බව පැවැසේ. චන්ද්‍රයා නවවැන්නේ සිටීමත් 3,9,12 අධිපතියන් සංයෝග වීමද විදෙස්ගත වීමේ සිහින සඵල කරන්නට හේතු වේ. 3 අධිපතියා ලග්නගත වීමද 9,10 අධිපතියන් 9 හෝ 10 තැන්පත් වීමද විදෙස්ගතව ආදායම් සෙවීමට උපකාරී වන බව කියැවේ.

ඉහත ග්‍රහ සංයෝගවලට අමතරව තවත් ග්‍රහ සංයෝග රාශියක් විදෙස්ගත වීම සම්බන්ධව ඉඟි පළකරන අතර කේන්දරයක් ඉතා සූක්ෂ්ම පරීක්ෂා කිරීමෙන් එම තත්ත්වය මනාව හඳුනාගත හැකි වෙයි.

එසේම කේන්දර පරීක්ෂාව තුළින් අදාළ ග්‍රහ සංයෝගව වෙන්නේ කවදාද යන්නත් එසේ බලවත් වීමෙන් විදෙස්ගත වීමට වාසනාව ලැබෙන්නේ කෙසේද යන්න හඳුනාගත යුතුය. යම් ජන්මියකු විදෙස්ගත වීමට සිතා සිටිනවා නම් ඉතා යෝග්‍ය කාරණය වන්නේ සිය ජන්ම පත්‍රය පරීක්ෂා කරවාගෙන තමාට විදෙස්ගත වීමට වාසනාව ඇත්තේ කවදාද යන්න තේරුම් ගැනීමය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

සප්ත රත්නයකට උරුමකම් කියන මීළඟ සක්විති රජු කවුද?

Next Post

කොවිඩ්-19 රෝගීන් වෙනුවෙන් මධ්‍යගත සන්නිවේදන මධ්‍යස්ථානයක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.