අද වෙද්දි මෙරට වැඩිම පිරිසකගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ විදෙස් රටකට ගොස් මුදලක් උපයාගැනීමය. නැතහොත් විදෙස් රටකට ගොස් අධ්‍යාපනය ලැබීමය. එසේම විදේශයක පදිංචියටම යන්නට සිහින දකින පිරිසක්ද නැත්තේම නොවේ. මේ ආකාරයට විදෙස්ගත වීමට සිහින දකින පිරිස් අතරින් සැලකිය යුතු කොටසකට එම අවස්ථාව මඟහැරෙන අයුරුත් දක්නට ලැබේ. ඇතැම් විට යෑමට අවශ්‍ය සියලු වරප්‍රසාද තිබුණද කෙසේ හෝ ගමන සිදු නොවන වගත් පෙනෙන්නට ඇත.
මේ තත්ත්වය මනාව තේරුම්ගත යුතුය. එනම් කෙනකුට හිතූ පමණින් විදෙස්ගත විය නොහැකිය. එම පුද්ගලයාට ඊට වාසනාව තිබිය යුතුය. එසේ වාසනාව තිබේද යන්න කලින්ම හඳුනාගන්නට ඕනෑම ජන්මියකුට සිය කේන්දරය පරීක්ෂාවෙන් දැනගත හැකිය.
සෙනසුරු, සිකුරු, චන්ද්‍ර, බ්‍රහස්පති ග්‍රහයන්ද, සෙනසුරුගේ ජන්ම, අෂ්ටම, ලග්න ඒරාෂ්ටකද, රාහු මහ දශාවද ජන්මියකුට විදෙස්ගත වීමට උදව්වක් වන බව පැහැදිලිය. 12 භාවයේ සිටින ග්‍රහයා චරක රාශියක අධිපති වී සිටී නම් එම ජන්මියාට බොහෝ විදේශයන්හි සංචාරයට වාසනාව ඇති බව හෙළිවේ. 12 වැන්නේ පාප ග්‍රහයකු සිටීනම් 12 අධිපති පාප ග්‍රහයකු සමග සංයෝගවී පාප ග්‍රහයකුගේ බැල්මට නතුව සිටීනම් එම ජන්මියාටත් බොහෝ රටවල සංචාරයට වාසනාව උදාවන බව කියැවේ.
ලග්නාධිපති 12 අධිපතියා පාප පීඩිතව සිටී නම් හෝ දුර්වලව සිටී නම් එවැනි අයට පහසුවෙන් විදෙස්ගත වීමට වාසනාව ඇති අතර නිතර නිතර විදෙස් සංචාර යෙදෙන බවත් පැවැසේ. නැතහොත් කඩින්කඩ යන්නට එන්නට සිදුවන බවත් පැවැසේ. 12 අධිපති මිත්‍ර ග්‍රහයකු නම් සිකුරුගේ දෘෂ්ටියකට ලක්වෙයි නම් නිසැකවම විදෙස්ගත වෙයි. එකී 12 අධිපති සූර්ය ග්‍රහණයකට යොමු වූයේ නම් ජන්මියාට කුඩා නගරයකත්, 12 අධිපති බලගතු නම් එම ජන්මියාට නාගරික පරිසරයකත් වාසයට වාසනාව පෑදේ.
12 අධිපති 9 වැන්නේද, 12 රාහු තැන්පත් වීමද, උපන් දේශයට පිට දුර ප්‍රදේශයක වාසයට සුබ පිහිටීමකි. මෙය බෝහෝ දුරට විදෙස් සංචාර සඳහා මෙන්ම විදෙස් පදිංචියට මඟ පාදන පිහිටීමක් බව පැවැසේ. චන්ද්‍රයා නවවැන්නේ සිටීමත් 3,9,12 අධිපතියන් සංයෝග වීමද විදෙස්ගත වීමේ සිහින සඵල කරන්නට හේතු වේ. 3 අධිපතියා ලග්නගත වීමද 9,10 අධිපතියන් 9 හෝ 10 තැන්පත් වීමද විදෙස්ගතව ආදායම් සෙවීමට උපකාරී වන බව කියැවේ.
ඉහත ග්‍රහ සංයෝගවලට අමතරව තවත් ග්‍රහ සංයෝග රාශියක් විදෙස්ගත වීම සම්බන්ධව ඉඟි පළකරන අතර කේන්දරයක් ඉතා සූක්ෂ්ම පරීක්ෂා කිරීමෙන් එම තත්ත්වය මනාව හඳුනාගත හැකි වෙයි.
එසේම කේන්දර පරීක්ෂාව තුළින් අදාළ ග්‍රහ සංයෝගව වෙන්නේ කවදාද යන්නත් එසේ බලවත් වීමෙන් විදෙස්ගත වීමට වාසනාව ලැබෙන්නේ කෙසේද යන්න හඳුනාගත යුතුය. යම් ජන්මියකු විදෙස්ගත වීමට සිතා සිටිනවා නම් ඉතා යෝග්‍ය කාරණය වන්නේ සිය ජන්ම පත්‍රය පරීක්ෂා කරවාගෙන තමාට විදෙස්ගත වීමට වාසනාව ඇත්තේ කවදාද යන්න තේරුම් ගැනීමය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්