• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අරන්තලාවේ භික්ෂු ඝාතනයෙන් බේරුණු බුද්ධසාර හිමි කියන කතාව

October 8, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අරන්තලාවේ භික්ෂු ඝාතනයෙන් බේරුණු බුද්ධසාර හිමි කියන කතාව
Share on WhatsAppShare on Facebook

නූලට, තිතට, කලට, වෙලාවට වැඩ කරන මට එදා හැමදේම වැරැදුණා. ඩෙස්ක් පුටු එහාට මෙහාට කරල අපි හත් අට නමක් උඩ ශාලාවේ නිදාගත්තා. ඇහරිලා බලන කොට එතැන හිටියෙ මම විතරයි. දඩි බිඩියේ පහළට ගිහින් දත කටවත් මදින්නෙ නැතිව වතුර ටැංකියෙන් මුහුණට වතුර දෝතක් ගහගෙන අඳනකඩෙන් මුහුණ පිහාදාලා රාත්‍රියේ සකස්කර තිබුණු සිවුරු, අඳනකඩ, පාත්තර, කුඩ, සෙරෙප්පු හොයන කොට ඒවත් නෑ. පොඩි හාමුදුරුවරු ඒව ඇරගෙන බස් එකට නැඟල. වෙන කරන්ට දෙයක් නැති තැන පොරව ගෙන සිටි සිවුරු අඳනකඩ පිටින්ම ලකලෑස්ති වෙලා බසයට ගොඩවෙලා දෙවැනි සීට් එකේ පාත්තරය තියල සීට් එක වෙන්කර ගත්තත් පොඩි නමක් මගේ පාත්තරය පැත්තකට දාල එතැන වාඩිවෙලා හිටියා. අන්තිමේදි මට ඉතිරි වෙලා තිබුණේ බස් එකේ පිටිපස්සෙ අන්තිම සීට් එක විතරයි. මොන හේතුවකටද අහේතුවකටද කියන්ට දන්නෙ නෑ. එදා මට කවදාකවත් නැති විදියට තදින්ම නින්ද ගිහිල්ලා. ඔබ මේ කියෙව්වේ හාස්කමකින් මෙන් අරන්තලා මහා සංඝ ඝාතනයෙන් දිවි බේරාගෙන වෙඩිවැදීම නිසා රෝද පුටුවකට සීමාවූ දිවි පෙවතක් ගතකරන ආඳාඋල්පත බුද්ධසාර හිමියෝ ‘මව්රට’ට පැවසූ කතාව.

උතුරු නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම වාගීස්වර ශ්‍රී සුමනතිස්ස අතිපූජ්‍ය හෑගෙඩ ශ්‍රී ඉන්දසාරාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ තිස්එක් නමක් මහා සංඝරත්නය කොටි ත්‍රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයට ලක්ව අපවත්වී වසර 32ක් ගතවී ටික දිනක් ගිය විටදී ‘මව්රට’ට හමු වූ ආඳාඋල්පත බුද්ධසාර හාමුදුරුවෝ ඒ බිහිසුණු මොහොත මෙසේ යළිත් සිහිපත් කළහ. අන්තිමට බසයට නැංග මම අන්තිම සීට් එකේ වාඩිවුණා. පාන්දර හින්ද පාරෙ වාහන අඩුයි. සමරපාල අයිය වේගයෙන් බසය පදවාගෙන ගියා. අපි ගියේ අම්පාර ප්‍රධාන සැපයුම් මාර්ගයක් වන අම්පාර අරන්තලාව හරහා. මහඔය පාරෙ ආරක්ෂාවක් නෑ. මීට මාස 4කට විතර ඉස්සර වෙලා අරන්තලා ගම කොටි කැපුව. 20ක් 30ක් විතර මරල දාල තිබුණ. මේ හරියෙදි අපි ගිය බසය එක පාරටම නතර වුණා. කඩු, පිහි, කෙටේරි, කැති සහ තුවක්කු ගත්ත හත් අට දෙනෙක් බසයට නැංගා. බස් එක ගිය ගමන නවත්තලා තේක්ක කැලේ පැත්තට යන්ට පටන් ගත්තා. වෙන්ට යන දේ තේරුම් ගත්ත පොඩි උන්වහන්සේලා මර හඬ දෙනව. දහම් බෙරය වයන්නට සද් ධර්මයෙන් සන්නද්ධ වී සිටි ගුරු දේවයන් වහන්සේ ප්‍රමුඛ හිමිවරුන් සහ මිනී මස් ලේ රස බලන්ට කඩු, කිණිසි, කැති, පොරෝ, තුවක්කුවලින් සන්නද්ධවී සිටි කොටි ත්‍රස්තයන් අතර සටනක් ඇති වුණා. මගේ තුනටිය ගිනි ගන්නවා වගේ දැනුණා. මට මතක එපමණයි. සිහිය එන විට සිද්ධියේදී අපවත්වූ හිමිවරුන්ගේ දානෙ දීලත් ඉවරයි. සිහිය ආවත් මම ඇඟපත පණ තියෙන මළ මිනියක් ගානයි. අන්තිමේදී වෛද්‍යවරු මගේ ශරීරයේ තිබූ වෙඩි උන්ඩ අයින් කළා. මගේ තුනටියෙන් පහළ පණ නැති වුණා. දෙසැම්බර් මාසේ දවසක රාගම පුනරුත්ථාපන රෝහලට යැව්වා. අවුරුදු එකහමාරක් එතැනදී ප්‍රතිකාර කළා. ජාතික රෝහලේ එක දිගට වසර හයක් ප්‍රතිකාර කළා. ටිකට් කැපුවා. රෝද පුටුවකින් බලගල්ල සරස්වති පිරිවෙනට වැඩම කළා. අවුරුදු හයක් රෝද පුටුවේ ඉඳන් ඉගෙන ගත්තා. ඌව පළාතේ හිටපු මහ ඇමැති සමරවීර වීරවන්නි මහත්තයා රිදීමාලියද්දේ සදහම් සෙවණ හදල දුන්නා. දැන් සදහම් සෙවණේ වැඩ ඉන්නවා. මොනව කළත් කොටින්ට මගේ ජිවිතය උදුර ගන්ට බැරිවුණා. දැන් මම ජීවිතය කියන්නේ මොකටද කියල හොඳ පන්නරයක් ලබල තියෙනවා. රෝද පුටුවක හිටියත් යමකුට සමාජ, ආගමික, ශාසනික, ජාතික මෙහෙවරක් ඉටු කළ හැකියි. මම ඒකට හොඳම උදාහරණයක්. වයස අවුරුදු 13දී විතර මහණ වුණු මට ඒ සිද්ධිය වන විට අවුරුදු 16ක් ඇති. දැන් මගේ වයස අවුරුදු 48යි. ජීවිතයෙන් අවුරුදු 32ක් රෝද පුටුවේ. ‘මව්රට’ පත්තරෙන් අද මම හමුවන දවස ඉතාමත් වැදගත් දවසක්. අද මගේ පැවිදි දිවියට වසර 35ක් සම්පූර්ණ වෙනවා. ඒ නිමිති කෙටගෙන මගේ නෑදෑ හිතවතුන් ලොකු දානමය පිංකමක් සංවිධාන කළා. අපේ කිරිඳිවැල සෝමරතන නාහිමිපාණන් ඇතුළු රටේ නමගිය ප්‍රධාන පෙළේ මහ සංඝරත්නය මේ පිංකමට වැඩම කළා.

රෝද පුටුවක වැඩ සිටියත් දානමය පිංකමකදී කඩියකු මෙන් කඩිසරව කටයුතු කරන බුද්ධසාර හිමියන් දකින කාට වුවත් පුදුම නොවී සිටිය නොහැකිය. උන්වහන්සේගේ හැසිරීම දෙපා පණ නැත්තකුගේ මෙන් නොවේ. මෙහිදී නිතැතින්ම රුසියන් ජාතික බරිස් පලොවොයිගේ “සැබෑ මිනිසකුගේ කතාව” සිහිපත් වෙයි. යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දෙපා අහිමි වන රුසියන් වීර ගුවන් හමුදා නියමුවෙක්ගේ වීර ක්‍රියාවන් එමගින් විස්තර කෙරේ. යුද බිමේ සිටි පත්තරකාරයෙක් මේ ශ්‍රේෂ්ඨ චරිතය ලොවට හෙළිකරයි. අපේ රටේ පැවැති 30 අවුරුදු යුද්ධයේදීද එවන් සැබෑ මිනිසුන් රැසක් බිහිකර ඇතත් එම චරිත ලොවට සැඟවී තිබේ. රුසියන් ලේඛක බරිස් පලොවොයි මෙන් ඒවා රටට හෙළිදරව් කිරීමේ වගකීම පැවැරි ඇත්තේ ගමේ භාෂාවෙන් කියනවා නම් පත්තරවලට ලියන අයටය. නමුත් ඒ වගකීම ඉටු කරන්නේ කීයෙන් කීදෙනෙක්ද යන්න ප්‍රශ්නාර්ථයක් වන්නේ එසේ සැඟවී ගිය චරිත තවමත් මේ රටේ සැඟවී තිබෙන බැවිණි.

1987 ජූනි මස 02දා අරන්තලාවේදී කොටි ත්‍රස්තවාදීන් සිදු කරනු ලැබූ මෙම සංඝ ඝාතනයේදී අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්දසාරභිධාන නාහිමියෝ ඇතුළු වයස අවුරුදු 09 සිට 24 දක්වා වූ සාමණේර හිමිවරු 30 නමක් අපවත් වූහ. එසේම බසය පැදවූ රියැදුරු දන්කොටුවේ පදිංචි පී.ජී. සමරපාල, අවිස්සාවේල්ලේ පදිංචි බස් කොන්දොස්තර එන්.ජී. ජිනදාස සහ අම්පාර නව නගරයේ පදිංචිව සිටි 18 වියැති වසන්ත ජයවර්ධන යන මහත්වරුන්ද දිවි පූජා කළහ. හාස්කමකින් මෙන් දිවි බේරාගත් සාමණේරයන් වහන්සේලා වන්නේ පූජ්‍ය වළල්ලාවිට විමලඤාණ (සිද්ධියේ දී තුවාල ලබා රෝගාතුරව සිට 2017 වසරේ දී අපවත් වූහ.) පූජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර (පූර්ණ ආබාධිත) පූජ්‍ය හඟුරන්කෙත පුඤ්ඤසාර (රෝගීව ප්‍රතිකාර ලබයි) යන හිමිවරුන් වන අතර හෑගොඩ දේවානන්ද, දම්බරාවේ සෝණුත්තර, නුගේලන්දේ විමලනන්ද, රජගලතැන්නේ උපනන්ද, හඳුන්ගමුවේ දයාලංකාර, වාවින්නේ සිරිනන්ද, රිදීමාලියද්දේ ඉන්දසුමන යන සාමණේරයන් වහන්සේලා උපැවිදිවී සිටින්නේ යැයි අරන්තලාව ශ්‍රී ඉන්දසාර ත්‍රිපිටක ජ්‍යාත්තන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නා හිමියෝ පැවසූහ.

රැග් විජයසිරි

SendShareShare
Previous Post

ලංකා හොස්පිටල්ස් වෙතින් වාර්තාවක්

Next Post

ඕෂධීගේ ආශාව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.