ජාත්‍යන්තරව පිළිගත් සම්මානනීය රෝහලක් ලෙස ප්‍රචලිත ලංකා හොස්පිටල්ස් ව්‍යාප්තිය අවම කණ්ටක විලයන සැත්කම් (Minimally Invasive Spinal Fusion Surgeries) 50ක් සාර්ථකව සිදු කරමින් පසුගියදා සිය ගමන් මඟෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් පසු කළේය.
ස්නායු ශල්‍ය අංශයෙන් මෙවන් දක්ෂතාවක් පෙන්වූ එකම දේශීය රෝහල ලංකා හොස්පිටල්ස්ය. අන්වීක්ෂීය ස්නායු හා අස්ථි බද්ධ සැත්කම් යනු කොඳුඇටපෙළ ආශ්‍රිත රෝග සඳහා යොදා ගැනෙන වේදනාව සහ කැළැල් අවම වූ නවීන ශල්‍යකර්ම විශේෂයකි.
සැත්කම් පටිපාටියෙහිදී ස්නායුවල සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා ස්නායු නිරීක්ෂණ හා ස්නායු මග පෙන්වීම් යොදා ගැනේ. සාම්ප්‍රදායික සැත්කමකින් සුවය ලබනවාට වඩා කඩිනමින් සුවය ලබන්නට මෙම සැත්කම් ප්‍රවේශය ඉවහල් වෙයි.