• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයම මවිත කළ අහසින් යන කාර් එක

July 12, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලෝකයම මවිත කළ අහසින් යන කාර් එක
Share on WhatsAppShare on Facebook

ගුවන් යානයක් ඉහළ අහසේ පියාසර කිරීම ඉතා සාමාන්‍ය සිදුවීමක් වුවද මහා මාර්ගයේ ගමන් කරන මෝටර් රථයක් ඉහළ අහසේ පියාසර කිරීම නම් තවදුරටත් සාමාන්‍ය දෙයක් නොවේ. සැබෑවටම එය ඉතා අසාමාන්‍ය මෙන්ම පුදුමසහගත දෙයකි. එසේ නමුත් පසුගිය සතියේ එම අසාමාන්‍ය දේ ස්ලොවැකියා අහසේ සැබෑවක් බවට පත්වුණේ මහා මාර්ගයේ ගමන් කරන මෝටර් රථයක් ගුවන් යානයක් මෙන් ඉහළ අහසේ පියාසර කිරීම නිසාය. ඒ අවස්ථාව නැරඹීමට බොහෝ පිරිසක් පැමිණ තිබූ අතර ඔවුන් පුදුමයට පත්කරමින් ලොව පළමු වතාවට එලෙසින් මෝටර් රථයක් ඉහළ අහසේ පියාසර කෙරිණ.

ස්ලොවැකියා අහසේ සිදුවූ මෙම අපූරු සිදුවීමත් සමගින් දැන් මුළු ලෝකයාගේම ඇස් ස්ලොවැකියාව දෙසට යොමුවී තිබේ. ඊට හේතුව ඔවුන් නිෂ්පාදනය කළ මෙම පියාඹන මෝටර් රථයයි. ලෝකයේ බොහෝ රටවලින් පියාඹන මෝටර් රථයක් නිර්මාණය කිරීමට විටින් විට උත්සාහ දරුවද කළ සියලු පර්යේෂණ අසාර්ථක විය. නමුත් ඇතැම් රටවල් පියාඹන මෝටර් රථ නිෂ්පාදනය කෙරූ අතර ඒවාද 100%ක් සාර්ථක වූයේ නැත. එහෙත් මෙවර නම් ස්ලොවැකියාව නිෂ්පාදනය කළ පියාඹන මෝටර් රථය සාර්ථක වී ඇති බව පෙනෙන්නට තිබේ. ඒ අනුව පියාඹන මෝටර් රථ සඳහා අනාගතයේදී ඉතා හොඳ වෙළෙඳපොළක් බිහිවනු ඇති බවට දැන් දැන් බලාපොරොත්තු තැබිය හැකිය. එය එසේ වුවහොත් 21 වැනි සියවස තුළ හොඳම නව සොයාගැනීම මෙය වෙනු ඇත.

මෙම පියාඹන මෝටර් රථය නිර්මාණය කළ බව සඳහන් වන්නේ ස්ලොවැකියාවේ සිටින මහාචාර්ය ස්ටෙෆාන් ක්ලෙයින්ය. ඔහු පවසන ආකාරයට මෙය පොළොවේ සිට අඩි 8,200ක් ඉහළ අහසේ කිලෝමීටර 1000ක් පමණ එක දිගට පියාසර කරවීමට හැකියාව තිබේ. එයාර් කාර් (Air Car) යනුවෙන් නම්කර ඇති මෙම පියාඹන මෝටර් රථය දෙමුහුන් (Hybrid) වර්ගයේ BMW එන්ජිමකින් සමන්විතය. එසේම දැනට මහා මාර්ගයේ ගමන් කරනා සාමාන්‍ය මෝටර් රථවලට යොදනා සාමාන්‍ය පෙට්‍රල්ම මෙම පියාඹන මෝටර් රථය සඳහාත් යොදාගන්නා බව සඳහන් වෙයි. මේ අතර මෙම පියාඹන මෝටර් රථය ගුවන් යානයක් බවට පරිණාමය වීම සඳහා ගතවෙන්නේ විනාඩි දෙකයි තත්පර පහළොවක් පමණි. මිනිසුන් දෙදෙනකුට පමණක් අසුන්ගත හැකි මෙය පියාසර කරවීමේදී දැරිය හැකි උපරිම බර ප්‍රමාණය ලෙසට සඳහන් වන්නේ කිලෝග්‍රෑම් 200කි. මෙම පියාඹන මෝටර් රථය තටු දෙකකින් සමන්විත අතර එම තටු දෙක මෝටර් රථය දෙපසින් පහළට නමා හකුළා තබාගැනීමේ හැකියාව තිබේ. එය ස්වයංක්‍රීය ලෙස සිදුවන ක්‍රියාවලියකි.

පසුගියදා මෙම පියාඹන මෝටර් රථය මිනිත්තු තිස්පහක පර්යේෂණ ගුවන් ගමනක යෙදී තිබූ අතර එය ස්ලොවැකියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකක් අතර සිදුකර තිබේ. මෙය නිර්මාණය කළ මහාචාර්ය ස්ටෙෆාන් ක්ලෙයින් එහිදී පියාඹන මෝටර් රථය ගුවන්තොටුපළේ ගොඩබස්සවා නොනවත්වාම අසල වූ නගරය වෙත පදවාගෙන ගොස් ඇති අතර මෙම අවස්ථාව දැක බලාගැනීම සඳහා මාධ්‍යවේදීන් පිරිසකටද ආරාධනා කර තබිණි. පසුගිය 2021 ජූනි 28 වැනිදා උදෑසන මෙම පර්යේෂණ ගුවන් ගමන සිදුකර තිබිණි. එය අවසානයේ මහාචාර්ය ස්ටෙෆාන් පවසා තිබුණේ එම අවස්ථාව ඉතා සුන්දර මෙන්ම සාමාන්‍ය දෙයක් වූ බවයි. ඔහු පියාඹන මෝටර් රථය ගුවන් ගතකර තිබියදී පැයට කිලෝමීටර 170ක් තරම් ඉතා වේගයකින් පියාසර කර තිබිණි .මේ අතර ඔහු පවසන පරිදි ඩ්‍රෝන වර්ගයේ යානා මෙන් මෙය සිරස් අතට ගොඩබෑමක් සිදුකළ නොහැකි බවයි. සැබෑ ලෙසම මෙම පියාඹන මෝටර් රථය ගොඩබෑම සඳහා ගුවන් යානා ධාවන පථයක්ම අවශ්‍ය බව ඔහුගේ අදහසයි.

මහාචාර්ය ස්ටෙෆාන්ගේ මෙම පියාඹන මෝටර් රථයත් සමග අනාගතයේදී මීට හොඳ වෙළෙඳපොළක් බිහිවනු ඇති බවට දැනටමත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම පියාඹන මෝටර් රථය දුටු හයුන්ඩායි මෝටර්ස් යුරෝප් (Hyundai Motors Europe) සමාගමේ ප්‍රධාන විධායක මයිකල් කෝල් පවසන්නේ ’ඉගිළෙන කාර්‘ සංකල්පය අනාගතයේම කොටසක් බවයි. මේ අතර මහාචාර්ය ස්ටෙෆාන්ගේ පියාඹන මෝටර් රථය නිෂ්පාදනය කළ ක්ලෙයින් විෂන් (Klein Vision) සමාගම පවසන්නේ මෙම මූලාකෘතිය නිර්මාණය කිරීම සඳහා දෙවසරක් පමණ ගතවූ අතර ඊට යූරෝ මුදලින් යූරෝ මිලියන දෙකකට අඩු මුදලක් වැයවූ බවයි. එසේම ලෝකයේ ප්‍රවාහන යටිතල පහසුකම් සැපයීමේදී දැනට පවතින අපහසුතා හා ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙන අනාගත පිළියමක් ලෙස පියාඹන මෝටර් රථ සැලකිය හැකි බව ඔවුන්ගේ අදහසයි.

මේ අතර පියාඹන මෝටර් රථය ගැන අදහස් දක්වමින් Klein Vision සමාගමේ ආයෝජකයකු සහ උපදේශකයකු වන ඇන්ටන් රයැක් පවසා සිටින්නේ ගෝලීය ගුවන් සේවාවන් සහ කුලී රථ ව්‍යාපාරයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් හෝ මෙම පියාඹන මෝටර් රථය නිෂ්පාදිත සමාගමට ආකර්ෂණය කරගැනීමට හැකියාව ලැබෙන්නේ නම් එය විශාල වශයෙන් සාර්ථක වෙනු ඇති බවයි. එසේම තවදුරටත් ඔහු පවසන්නේ එක්සත් ජනපදයෙන් පමණක් ගුවන්යානා සඳහා ඇණවුම් 40,000ක් පමණ පවතින බවත්, ඒ ඇණවුම්වලින් 5%ක් හෝ පියාඹන මෝටර් රථවලට පරිවර්තනය කරගැනීමට හැකියාව තිබේ නම් එය ඔවුන්ට මහා වෙළෙඳපොළක් බවයි. මේ අතර ගුවන් තාක්ෂණයේ භාවිත වෙන ඉලෙක්ට්‍රොනික ශිල්පීය ක්‍රම සහ ගුවන් යානා පිළිබඳ ජ්‍යෙෂ්ඨතම පර්යේෂක West of England විශ්වවිද්‍යාලයේ ආචාර්ය ස්ටීවන් රයිට් මෙම පියාඹන මෝටර් රථය සම්බන්ධව එරටේ මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා තිබිණි.

“මට පිළිගන්න සිද්ධ වෙනවා මේක සුපිරියි කියලා. ඒත් මේ සඳහා අනුමැතිය ලබාදීමේදී මට ප්‍රශ්න සියයක් විතර මතුවෙනවා. ඕනෑම කෙනකුට ගුවන් යානයක් තනන්න පුළුවන්. නමුත් මිනිසකු ඒ තුළ සිටියදී යම් සිදුවීමකින් තොරව පැය ගණනාවක් වුණත් දිගින් දිගටම පියාසර කරවන්න පුළුවන් එකක් තනන එක තමයි විජ්ජාව. මේක පියාසර කරවීමට ආරක්ෂිතයි සහ අලෙවිය සඳහා ආරක්ෂිතයි කියලා ලියැවී ඇති කඩදාසි කැබැල්ල දකිනකල් මට ඉවසිල්ලක් නෑ.”

දැනටත් මෙම අපූරු පියාඹන මෝටර් රථය ගැන ලෝකයේම අවධානය යොමුවී තිබේ. ඒ අනුව බොහෝ දුරට තවත් වසර කීපයක් ගතවෙන විට මේ පියාඹන මෝටර් රථ ඉහළ අහසේ පියාසර කරනු අපට දැකිය හැකිය. එය එසේම වුවහොත් සැබෑවටම එය සමස්ත ලෝකයාටම අපූර්ව අත්දැකීමක් වනු ඇත. තවද එය තාක්ෂණයේ අපූරු පිම්මක් වෙනු ඇත.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

බැසිල්ගෙන් අලු‍ත්ම ආර්ථික වැඩපිළිවෙළක්! අමෙරිකාව එක්ක දැනටමත් සාකච්ජා කරලා!

Next Post

AIA ඉන්ෂුවරන්ස් සුප්‍රීම් කාණ්ඩයේ ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයක් මොරටුවේදී විවෘත කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.