• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිංහලේ අභිමානය ලෝකයට ගෙන ගිය කවුද මේ ගයිගර්

July 10, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සිංහලේ අභිමානය ලෝකයට ගෙන ගිය කවුද මේ ගයිගර්
Share on WhatsAppShare on Facebook

රටක නාමය ලෝකයට ගෙන යෑමට යමකු සමත් වේ නම් එම තැනැත්තා රටට ආදරය කරන්නකු ලෙස හැඳින්වූවාට වරදක් නැත. එමෙන්ම රටක සංස්කෘතිය භාෂාව සිරිත්විරිත් සහ අභිමානය ලෝකයට ගෙන යන්නකු වේ නම් ඔහු එරටට ආදරය කරන්නකු යැයි කීවද වරදක් නැත. හැබැයි, වෙනත් රටක උපන්නකු තමන් උපන් දේශයෙන් පිටත වෙනත් රටක එවැනි කැප කිරීමක් කරයි නම් හෙතෙම සුවිශේෂී ගති ලක්‍ෂණ හිමි විශිෂ්ටයකු ලෙස හැඳින්වූවාට වරදක් නැත. ජර්මනියේ උපන් විල්හෙලම් ගයිගර්ද එවැනි සුවිශේෂී තැනැත්තෙකි. හැබැයි ඔහු හඬ නැඟුවේ සහ ලෝකයට ගෙන ගියේ ජර්මනියේ, සංස්කෘතියවත්, භාෂාවවත් සිරිත්වත් නොවේ. ඔහු ලෝකයට ගෙනගියේ අපේ සිංහල භාෂාවය. අපේ සංස්කෘතියය. අපේ සිරිත් විරිත්ය. අපේ ඉතිහාසයය. ගයිගර් අපට වටින්නේ එනිසාය. අපි කවදා හෝ යුරෝපීයයන් අනුගමනය සහ අනුකරණයට ගොස් වැඩවරද්දා ගනු ඇතැයි කාටත් කලින්ම දුටුවේ ගයිගර්ය. ඔහු ඒ ගැන බොහෝ තැන්වල පැවැසුවේය. එසේ නොවන ලෙස සිංහලයන් දැනුවත් කළේය. ඔහුගේ උත්සාහය කොතරම් නම් සාර්ථක වී දැයි ලක්වැසියන් සිතා බැලිය යුතුය.

1856 ජුලි 21 වැන දින මෙතුමා ජර්මනියේ බැවේරියානු ප‍්‍රාන්තයේ න්‍යුරම්බර්ග් නුවර උපත ලැබූ අතර, විල්හෙලම් ගයිගර්ගේ පියා ජොහැන්නස් ලියොනාඩ් ගයිගර් වන අතර මව වූයේ එම්මා පෞර්ය. ගයිගර් පරම්පරාවට දිගු ඉතිහාසයක් පවතී. විල්හෙලම් ගයිගර් 1895 දෙසැම්බර් 07 වන දින ලංකාවට පැමිණියේය.

මොහු සිය ආචාර්ය උපාධිය ලබාගත්තේ පුරාතන පර්සියානු භාෂාව වෙනුවෙන් වන අතර, 1876 වසරේදී දර්ශනවාදය පිළිබඳ ගරු සම්මාන සහිතව ආචාර්ය උපාධිය ලබාගැනීමට සමත් විය. 1877 බර්ලින් සරසවියට ගිය අතර එහි සමීපතමයන් වූයේ හර්මන් ඕල්ඩන්බර්ග්, ඇල්බ්‍රෙෂ් වීබර් හයින්රිෂ් ෂිමර්, ඔස්කාර් ෆ‍්‍රන්ක්ෆර්ට් යන අයයි.

ගයිගර්ගේ වැදගත්ම කාර්ය වූයේ ලන්ඩන්, රෝමය, ඔස්ලෝ, වියානා, කෝපන්හේගන්, හැම්බර්ග් යන නගරවල පවත්වන ලද සමුළුවලදී සිංහල භාෂාව පිළිබඳව දැනුවත් කිරීමය. ගයිගර් දේශපාලනයේ වැදගත් පුද්ගලයෙකු වූ අතර 1905 බැවේරියානු රාජ්‍ය මන්ත‍්‍රී මණ්ඩලයේ අසුන නියෝජනය කළේය. ශාස්ත‍්‍රීය කටයුතුවලට දේශපාලනය බාධාවක් බව අවබෝධ කරගත් මොහු සම්පුර්ණ කාලයම සිංහල ද්වීපය වෙනුවෙන් වෙන් කළේය. සිංහලය සහ බෞද්ධාගම කෙරෙහි ගයිගර්ගේ අධ්‍යයනයන් වෙනස් මුහුණුවරක් ගත්තේය. එසේම මොහු ලංකාවට පැමිණීමට පෙර සිටම මාර්ටින් ද සිල්වා වික්‍රමසිංහ මහතා හමුවී තිබිණි. වික්‍රමසිංහ මහතා විසින් රචිත ග‍්‍රන්ථයන්ට ගයිගර් කැමති විය. එමෙන්ම ගයිගර් චරිතාපදානය සම්බන්ධයෙන් හයින්ස් බෙෂර්ට් දක්වා තිබෙන විස්තරය ඉතා වැදගත්ය. ඔහු 1920 වසරේදී බැවේරියාවේ මියුනික් අගනගරයෙහි මියුනික් සරසවියේ මහාචාර්යවරයා බවට පත්විය. එසේම මෙම වසරේදීම ජර්මන් බෞද්ධ ව්‍යාපාරය සමඟද සබඳතා පවත්වන ලදී. 1921-1928 දක්වා කාලය තුළදී ජර්මන් බෞද්ධ සඟරාවේ කර්තෘ වශයෙන් ක්‍රියාකරන ලද්දේද ගයිගර් වූ නමුත්, උපන් ආගම වෙනස් කොට බෞද්ධයෙකු නොවීය. 1932-1936 දක්වා කාලය තුළ ඉන්දීය හා ඉරානීය අධ්‍යයන සඟරාවේ කර්තෘ වශයෙන්ද ක්‍රියා කරන ලදී.

ගයිගර්ගේ දෙවැනි විවාහය 1917 වසරේදී මැන්ඩලීන් ග්රෝබ් සමඟයි. දෙවැනි සහ තෙවැනි අවස්ථාවලදී ලංකාවට පැමිණියේ ඇය සමඟය. ගයිගර් යුවළ 1920 වර්ෂයේදී නිකුත් කළ ත‍්‍රිපිටක සාහිත්‍යයේ පාලිධම්ම නම් වූ පිටු දෙසියයකින් සමන්විත ග‍්‍රන්ථයකි. එහි ඇත්තේ පුරාතන පාලි සාහිත්‍යයේ ධම්ම ශබ්දය සඳහන් වන වැදගත් පාඨ, ඒවායේ අර්ථය සහිතව අති සූක්ෂ්මව ගොනුකර වාර්තා කර තිබෙන ශාස්ත‍්‍රීය පර්යේෂණ ග‍්‍රන්ථයක් වශයෙන් වැදගත්ය.

මහාවංශයට මොහුගෙන් සිදු වූ සේවාව ඉතා වැදගත්ය. මහාවංශයේ ඵෙතිහාසික වැදගත්කම තමන් විසින්ම අවබෝධ කරගෙන ඔහු නව අදහස් දැක්වීය. එමෙන්ම මහාවංශය ජර්මන් බසට පරිවර්තනය කිරීම මොහුගෙන් සිදුවූ වැදගත් සේවාවකි. සිංහල කෘති පරිවර්තන, ප‍්‍රකාශන සහ වාර්තා සියයකට වැඩිය. මොහුගෙන් සිදුවූ වැදගත්ම සේවාව නම් ලංකාවේ භාෂාව, ඉතිහාසය, ආගම මෙන්ම සංස්කෘතිය සම්බන්ධයෙන් යුරෝපීයන් දැනුවත් කිරීමට කෘති සම්පාදනය කිරීමයි.
ගයිගර් විසින් රචනා කරන ලද කෘති කිහිපයක් පහත පරිදි දැක්විය හැකියි.

දීපවංශය, මහාවංශය සහ සිංහලයාගේ ඵෙතිහාසික දියුණුව, මහාවංශයේ ඉංග‍්‍රීසි පරිවර්තනය, සිංහලයේ මහාවංශ කතාව හෙවත් මහාවංශය, රසවාහිනි පරිවර්තනය, සංයුක්ත නිකාය, චූලවංශය (ජර්මන්), චූලවංශය (ඉංග‍්‍රීසි), සිංහල භාෂා ශබ්දකෝෂය, සිංහල භාෂා ව්‍යාකරණ, සිංහල දින පොතේ පිටු හා සංචාරක මතක සටහන්, නිවර්තන හිරු රැස් යට.

ගයිගර් කළු සුද්දන් ගැන දැඩි කලකිරීමකින් සිටි බව හයින්ස් ‘ගයිගර් චරිතාපදානයෙහි’ විස්තර කොට ඇත. ගයිගර්ගේ දෙවන ලංකා ගමනයේදී සිංහලයන් යුරෝපීයන් අනුකරණය කිරීම සම්බන්ධයෙන් තමන් ලද අත්දැකීම් සියල්ල විස්තර කොට ඇත.
තමන්ගේ අති අගනා සංස්කෘතිය නිකම්ම පුස්සකට බිලිවේගෙන යන බව සිංහල වර්ගයා සිතට ගතයුතුය. අනිත්‍ය පිළිබඳ ඔවුන්ගේ සාභිමාන සම්බන්ධතා, ඔවුන්ගේ පුරාවෘත්ත, ඔවුන්ගේ චාරිත‍්‍ර, ඔවුන්ගේ භාෂාව, යුරෝපා දේශයේ විනීත සමාජය යනුවෙන් හංවඩු ගැසී ඇති බාහිර ආටෝපය පමණක් ඇති ඒ ඊනියා විනීත සමාජයේ සාමාජිකත්වය සඳහා සාමාජිකත්වය නොව එබන්දක් සේ පෙනී යන විපරීත සංඥාවක් සඳහා බිලි නොදෙන්නට සිංහල වර්ගයා සිතට ගත යුතුය.

(විජේතුංග, සුදන්තක පී, 2003, ගයිගර් දුටු ලංකාව)

ගයිගර් සිදුකරන ලද තවත් වැදගත් කාර්යයක් වනුයේ සිංහල භාෂාව සම්බන්ධයෙන් යුරෝපීයන් තූළ පැවැති මතවාද දුරු කිරීමය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගයිගර් ඉදිරිපත් කළේ සිංහල භාෂාව ස්ථිර වශයෙන්ම ආර්යය භාෂාවක් බවයි. එසේම ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් වන බවත් පැවසීය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ පැහැදිලි අනාර්ය භාෂා පවුලක් වන දකුණු ඉන්දීය ද්‍රවිඩ භාෂා පවුල් සමඟ සම්බන්ධතාවයක් නැති බවයි. සිංහල භාෂා මූලයට සිංහල, මාලදිවයින් සහ වැදි භාෂාව අයත් වන බව ගයිගර් පැවසීය.

වර්ෂ 1896දී ජර්මනියේ පෙරදිග අධ්‍යාපන අංශය මගින් ලයිපස්හිදී ප‍්‍රසිද්ධ කළ ‘ගුරු පූජා කවු මදි’ නම් ග‍්‍රන්ථයෙහි සිංහල භාෂාව සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සපයා තිබේ.

සිංහල භාෂාව පිළිබඳ මාගේ විනිශ්චය කෙටියෙන් පවසන්නේ නම් මෙසේය.

සිංහල භාෂාව යනු පවිත‍්‍ර ආර්ය මූලික වශයෙන්ම එහි ශබ්ද ඉතිහාසයේ ආභාසය හරහා පෝෂණය වූ සෘජු පාලි භාෂාවේ වර්ධනයකි. තවත් ගැඹුරට විමසමින් මෙම භාෂාවේ සංයුතිය තුළ සැරිසරද්දි එය ද්‍රවිඩ භාෂා මූලයන්ගේ සාරය උරාගත් එහි ප‍්‍රභවයක්ය යන්න කිසිසේත්ම පිළිගත හැකි නොවන බව පැහැදිලි වේ. මහාප‍්‍රාණ අක්ෂරයන්ගේ විරල බවත් ස්වර හා ශබ්දයේ ඇති වෙනස්කම්ද ඊට කදිම සාක්ෂි සපයයි.

ගයිගර් ලංකාව සම්බන්ධයෙන් අසා දැනගත් දේ මෙන්ම ලංකාවට පැමිණීමට පෙර ජර්මනියේ දී පර්යේෂණාත්මකව සොයාගත් දේ, ඇසින් දුටු දේවල්, දින පොතේ සටහන් කළ පුද්ගලික සටහන් ආදිය පිළිබඳව සඳහන් කර තිබේ. යටත්විජිත සමයේ තමා දුටු දේ සම්බන්ධයෙන් නිගමන ලබා දීමේදී කිසිම බලපෑමකින් තොරව කරුණු දක්වා තිබේ. එසේම අතිශයෝක්තියෙන් තොරව කරුණු දැක්වීමද විශේෂත්වයකි. පිරිසිදු ජාතියක වැදගත්කම ගයිගර් විසින් පෙන්වා දෙන ලදී.

තොරතුරු උපුටා ගැනීම අන්තර්ජාලයෙනි
සටහන – කුමාර රත්නායක

SendShareShare
Previous Post

කොළඹින් අල්ලන් ගිය ස්ටාලින් මුලතිව් සිට කතා කරයි!

Next Post

මහජන බැංකුව 60 වැනි සංවත්සරය සමරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.