• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාස්තු පුරුෂයා නිසා නිවෙසේ ඇතිවන දෝෂ

October 3, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

වාස්තු පුරුෂයා බහිරවයකු නොවන අතර සියලු බහිරවයන්ගේ පාලකයා සේ සැලකේ. වාස්තු පුරුෂයා තුළ වාස්තු, පුරුෂ මණ්ඩල පිහිටයි. මෙම වාස්තු පුරුෂ මණ්ඩල අවබෝධ කරගැනීම උදෙසා ආකෘති 02ක් භාවිතයේ යෙදේ. ඒ මණ්ඩුක ආකෘතිය හා පරමසායික ආකෘතිය ලෙසය. මෙම පරමසායික ආකෘතිය මණ්ඩුක ආකෘතියේම වර්ධනයකි. සාමාන්‍ය වාස්තු පුරුෂ මණ්ඩල ආකෘතිය හෙවත් මණ්ඩුක ආකෘතිය කෝෂ හෙවත් කෝෂ්ට 64කින් යුතුය. එනම් එක් එක් පසෙකට සමාන කොටු 8කුත් අනෙක් පසට සමාන කොටු 8කුත් ලෙස (8ං8) සාමාන්‍ය වාස්තු පුරුෂ මණ්ඩල ආකෘතිය ගොඩනැගේ. තවද මෙම මණ්ඩුක ආකෘතියේම කම්පනය හා භ්‍රමණය හේතුකොටගෙන එක් පසෙක තිබෙන කොටු 8 කොටු 9 බවට පත්වේ. මෙය මණ්ඩුක ආකෘතියේ දෙපසින්ම සිදුවීමෙන් කොටු හෙවත් කෝෂ්ට (9ං9) ලෙස කෝෂ 81කින් යුත් පරමසායික ආකෘතිය ලෙස හඳුන්වා වාස්තු පුරුෂ මණ්ඩල බිහිවේ. වාස්තු පුරුෂයා පිදීම ඈත අතීතයේ සිට පැවැත එන්නකි. මෙහිදී එම වාස්තු පූජා කළයුතු දිශාව පහත ආකාර වේ.

සූර්යයා සිංහ, කන්‍යා, තුලා යන රාශිවල ගමන් කරන කාලය නිරිත දිශාව

සූර්යයා වෘශ්චික, ධනු, මකර යන රාශිවල ගමන් කරන කාලය වයඹ දිශාව

සූර්යයා කුම්භ, මීන, මේෂ යන රාශිවල ගමන් කරන කාලය ඊසාන දිශාව

සූර්යයා වෘෂභ, මිථුන, කටක යන රාශිවල ගමන් කරන කාලය ගිනිකොන දිශාව

තවද වාස්තු පුරුෂයා පිදීමේදී එක් එක් කෝෂ්ටයට හිමි දේවතාවෙක්ද පිදිය යුතුය. ඊට හේතුව වාස්තු පුරුෂයාගේ ඒ ඒ අවයව පිහිටි ස්ථාන විවිධ දේවතාවුන්ට අයත් කර තිබීමයි. පැරැණි වාස්තු පොතපතේ සඳහන් වන ආකාරයට එය මෙසේය.

  1. හිස මුදුන – මහ දෙවියො
  2. දෙකන්හි – පර්යන්‍ය, දිනි
  3. ගෙල – ආප
  4. දෑලවර – ජය, අදිනි
  5. දෙතන – අයිමා, පෘතුවිධර
  6. හෘදය – ආපවතස
  7. දක්ෂිණ භුජයෙහි – ඉන්ද්‍ර ඇතුළු දෙවිවරු 5 දෙනා
  8. වාම භූජයෙහි – නාගාදීන්ද
  9. දකුණු අතෙහි – සවිත්‍ර, සවින්‍ය
  10. වම් අතෙහි – රුද්‍රාදී දෙවිවරුන් දෙදෙනා
  11. කලවාහී – මෘත්‍යු, මෛත්‍ර ගණයා
  12. නාභියෙහි – බ්‍රහ්මයා
  13. ලිංගයෙහි – ඉන්ද්‍ර, ජය
  14. දෙදනෙහි – වහ්නි, රෝග
  15. බොලට හෙවත් ගොස් ඇටයෙහි – පුෂ, නන්දි, ගනාදී සප්ත දේවතාවුන්
    සර්ව යනු වාස්තු පුරුෂයාගේ පිහිටීම අනුව නිවෙසේ දෝෂ බැඳීමයි. මෙය අප රටේ ඉතා ඉහළින් භාවිත වේ. සූක්ෂ්ම යනු නිවෙසක් පිළිබඳ සූක්ෂ්ම ආකාරයෙන් සොයාබැලීමයි. මෙම ක්‍රමය අප රටට වඩා ඉන්දියාවේ භාවිත වේ. මහා වාස්තු ක්‍රමය ලෙස හඳුනන්නේද මෙයයි. තවද ශ්‍රී ලංකාව තුළදී වාස්තු පුරුෂයා ඊසාන දෙසට බරව සිටී යැයි පැවැසුවද ඉන්දියාවේදී වාස්තු පුරුෂයා නිරිත දෙසට බරව සිටී යැයි සැලකේ. ඉඩමක හෝ නිවෙසක වාස්තු පුරුෂ පිහිටීම ගත්කල ඊසාන දෙසට හිසත්, නිරිත දෙසට පාදත්, ගිනිකොන හා වයඹ දෙසට දෙවැලමිටත්, දෙදනත් උතුරු හා නැඟෙනහිරට උරහිසුත් පිහිටා ඇත. එනමුත් වර්ෂයේ මාස අනුව වාස්තු පුරුෂයාගේ පිහිටීම සලකා ඉඩමේ නිවාස සෑදිය යුතු ස්ථානය තීරණය කළ යුතුය. කෙසේ නමුත් නිවාස ඉදිවිය යුත්තේ මනුෂ්‍ය හා දේව පාද තුළය. නිවෙසක සශ්‍රීකත්වය පවත්වාගැනීමට වාස්තු පුරුෂයාගේ අංගෝපාංගයන් පිඩාවට පත් නොවීම මෙන්ම වාස්තු පුරුෂයාගේ ශරීර අංගයන් හීනවීමද නොවිය යුතුය. මෙහිදී වාස්තු පුරුෂයාගේ ශරීර අංගයන් හීනවීම යනු නිවෙසේ යම් යම් කොටස් අඩුවීමයි. එලෙස නිවෙස සැලැසුමේ වාස්තු පුරුෂයාගේ අංගණයට අදාළ එක් එක් දිශා අඩුවීමේ පලාපල මෙසේය.

    ගිනිකොන අඩුවීම – දක්ෂිණ බාහුව – ධන හානි

    වයඹ අඩුවීම – වම් බාහුව – ධන හානි

    නිරිත අඩු වීම – පාද – දිළිඳු වීම

    තවද වාස්තු පුරුෂයාගේ පීඩා නොවිය යුතු ස්ථාන හෙවත් මහා ධර්මස්ථාන වනුයේ හිස, මුඛය, පපු ප්‍රදේශය, පෙකණිය, ලිංග ප්‍රදේශය හා කලවා ප්‍රදේශයි. මෙම ප්‍රදේශ අතුරින් බොහොමක් ස්ථාන බ්‍රහ්ම පාදයට අයත්වේ. මෙම ස්ථානවල බර භාණ්ඩ, කුලුනු, බිත්ති වැනි දෑ නොතිබිය යුතුය. තවද නිවෙසක මුළුතැන්ගෙය ගිනිකොන දිශාවේ මිස ඊසාන දිශාවේ නොවිය යුතුය. එසේ නොවුණහොත් ගෙහිමියා නිතර ලෙඩ රෝගවලට ගොදුරු වේ. ඊට හේතුව වාස්තු පුරුෂයාගේ හිස පීඩා වීමයි. එසේම වාස්තු පුරුෂයාගේ වැලමිට ආශ්‍රිත ප්‍රදේශ යම් ලෙසකින් පීඩාවට පත්වුවහොත් නිවාස හිමිකරුගේ සිරුරේ එම ප්‍රදේශයේ පීඩා ගෙනදේ. වාස්තු පුරුෂයාගේ සෙසු පීඩා නොවිය යුතු ස්ථාන සම්බන්ධයෙන්ද මෙසේමය. එනිසා භූමියක අන්තර්ගතවී ඇති ශක්තිය දක්වන වාස්තු පුරුෂ සංකල්පය පිළිබඳ දැනුවත්වීම තුළ වාස්තු පුරුෂයා වෙතින් ඇතිවන දෝෂ උපරිමයෙන්ම වළකාගත හැකිය.

    ජ්‍යොතිෂවේදී, දේශබන්දු මහේන්ද්‍ර පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

සජිත් ජනපති-රනිල් අගමැති කරන එජාප විශේෂ සමුලුව අද

Next Post

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.