එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාත්, අගමැති අපේක්ෂක වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් නිල වශයෙන් නම් කෙරෙන පක්ෂයේ විශේෂ සම්මේලනය අද (03) පැවැත්වීමට නියමිතය.
කොළඹ සුගතදාසයේදී පෙරවරු 9.30ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
මෙහිදී සිදුකෙරෙන යෝජනා සම්මතයෙන් පසු ලබන 10 වැනිදා පක්ෂයේ මංගල රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයකින් යුතුව පැවැත්වීමට එජාපය සියලු කටයුතු මේ වනවිටත් සැලසුම් කොට ඇත.