• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

22 දෙර්කාණාධිපති හතුරෙක්ද?

July 4, 2021
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
22 දෙර්කාණාධිපති හතුරෙක්ද?
Share on WhatsAppShare on Facebook

අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ප්‍රබල විවාහ දෝෂයන් වන කේන්දරයක 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා 7 වැන්න හා විවාහකාරක සිකුරු හා සම්බන්ධ වූ විට විවාහයට වන බලපෑම සම්බන්ධවයි. ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව දෙර්කාණ 36 අතුරින් 22 වැනි දෙර්කාණය විශේෂයෙන්ම ඉතා අයහපත් ලෙස සැලකේ. ජන්ම පත්‍රයක 22වැනි දෙර්කාණාධිපති ග්‍රහයා යනු ඉතා අශුභවාදී ග්‍රහයා ලෙස සැලකේ. ඒ අනුව යම් ජන්ම පත්‍රයක කිසියම් ස්ථාන අධිපති ග්‍රහයකු එම කේන්දරයේ ඉහත 22 වැනි දෙර්කාණාධිපති හා සම්බන්ධ වූ විට එම ස්ථානවලට දැඩි බාධාකාරී බලපෑම් එල්ල වෙයි. විවාහ ස්ථාන වන 7 වැන්න හා සම්බන්ධ වූ විට එම විවාහ පලවලට වන බලපෑම් පහත කේන්දර ද්විත්වය අනුසාරයෙන් සාකච්ඡා කරමු.

මෙම 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා විවාහ ස්ථානය වන 7 වැන්නේ තැන්පත් වීම, 7 අධිපති වීම, 7 වැන්නට දෘෂ්ටි හෙළීම හෝ 7 වැන්න සමග යෝග වීම හා කුමන ආකාරයෙන් හෝ විවාහ ස්ථාන හා සම්බන්ධ වීම මේ සඳහා මූලික වෙයි.
මෙසේ තමන්ගේ කේන්දරය තුළ 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා විවාහයට අසුබාකාරයට පිහිටා විවාහය දෙදරා ගිය අවස්ථා මෙන්ම විවාහ දිවියට ඇතුළු වීමට වාසනාව නොලද අවස්ථාද අප වෙත පැමිණෙන සේවාදායකයන්ගේ කේන්දර පරීක්ෂාවේදී බොහෝ ප්‍රමාණයක් හමුවී ඇත. විශේෂයෙන්ම සමහර අවස්ථාවල මෙම 22 වැනි දෙර්කාණාධිපති ඇතැම් ලග්න හිමියන්ට යෝගකාරක ග්‍රහයකු විය හැකි අතර කේන්දරයට බලවත්වද පිහිටා තිබිය හැකිය. එවැනි අවස්ථාවලදී මෙම 22 වැනි දෙර්කාණාධිපතියාගේ පාපී බව යම් ප්‍රමාණයකට අඩුවී සුබ පල ලබාදීමෙහි හැකියාවක් ඇත. එබැවින් 22 වැනි දෙර්කාණාධිපතියා සෑම අවස්ථාවකදීම අසුබව ප්‍රතිඵල ලබාදෙන ග්‍රහයකු ලෙස නොසැලකිය යුතු අතර ඒ පිළිබඳ ගැඹුරින් තර්කානුකූලව විමර්ශනය කළ යුතුය. එම නිසා විවාහයක් සඳහා දෙදෙනකුගේ ජන්ම පත්‍ර ගැළපීමේදී මෙම බාධාකාරී 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා පිළිබඳ දැඩිව අවධානය යොමුකිරීම තුළ විවාහයේ ගැටලු හා ප්‍රශ්න අඩු, සෞභාග්‍යයෙන් පිරි යහපත් විවාහ ජීවිතයක් අපේක්ෂා කළ හැකිය.

ඒ අතරින් අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ කේන්දරයක 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා 7 වැන්න හා විවාහකාරක සිකුරු හා සම්බන්ධ වූ විට විවාහයට වන බලපෑම සම්බන්ධවයි. ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව දෙර්කාණ 36 අතරින් 22 වැනි දෙර්කාණය විශේෂයෙන්ම ඉතා අයහපත් ලෙස සැලකේ. ජන්ම පත්‍රයක 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා යනු ඉතා අශුභවාදී ග්‍රහයා ලෙස සැලකේ. ඒ අනුව යම් ජන්ම පත්‍රයක කිසියම් ස්ථානයක අධිපති ග්‍රහයකු එම කේන්දරයේ 22 වැනි දෙර්කාණාධිපති හා සම්බන්ධ වූ විට එම ස්ථාන පලවලට දැඩි බාධාකාරී බලපෑම් එල්ල වෙයි. විවාහ ස්ථාන වන 7 වැන්න හා සම්බන්ධ වූ විට එම විවාහ පලවලට එල්ලවන බලපෑම් පහත කේන්දර අනුසාරයෙන් සාකච්ඡා කරමු.
මෙම 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා විවාහ ස්ථානය වන 7 වැන්නේ තැන්පත් වීම, 7 අධිපති වීම, 7 වැන්නට දෘෂ්ටි හෙළීම හෝ 7 වැන්න සමග යෝගවීම කුමන ආකාරයෙන් හෝ විවාහ ස්ථාන හා සම්බන්ධ වීම මේ සඳහා මූලික වෙයි.
මෙසේ තමන්ගේ කේන්දරය තුළ 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා විවාහයට අසුබ ආකාරයට පිහිටා විවාහය දෙදරා ගිය අවස්ථා මෙන්ම විවාහ දිවියට ඇතුළු වීමට වාසනාව නොලද අවස්ථාද අප වෙත පැමිණෙන සේවාදායකයන්ගේ කේන්දර පරීක්ෂාවේදී බොහෝ ප්‍රමාණයක් හමුවී ඇත. පහත දැක්වෙන්නේ එයින් එක් සත්‍ය සිදුවීමක් ආශ්‍රය කොට ගනිමින් ගොඩනැගූ උදාහරණයකි.

ඉහත මෙම කේන්දර හිමි ස්ත්‍රී පුරුෂ දෙපළ 2010 අගෝස්තු මාසයේදී විවාහ මංගල යෝජනාවක් අනුව විවාහයට එළැඹිණි. මෙහි පුරුෂ කේන්දරයේ වෘශ්චික ලග්නය තුලා නවාංශකයයි. එහි 22 වැනි දෙර්කාණාධිපති වූයේ 7 අධිපති සිකුරු ග්‍රහයායි. එම සිකුරු මෙම කේන්දරයේ ස්වක්ෂේත්‍ර බල සහිතව තැන්පත්ය. සිකුරු 7 වැන්නේ සිටීම බැලූ බැල්මට ප්‍රබලය. නමුත් 22 වැනි දෙර්කාණාධිපතියා වීම හේතු කොටගෙන එම සිකුරුගේ බල බිඳී ඉතා දුර්වල තත්ත්වයට පත්ව ඇත.

ස්ත්‍රී කේන්දරයේ කටක ලග්නය කටක නවාංශකයයි. එහි 22 වැනි දෙර්කාණාධිපතියා වූයේ 7 වැන්න අධිපති ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාය. එම සෙනසුරු මෙම ස්ත්‍රී කේන්දරයේ බලගතුව සිව්වැන්නේ සිටී. ඒ අනුව මෙම යුවළගේ 7 අධිපතියා වූයේ සිකුරු හා සෙනසුරු වන 22 වැනි දෙර්කාණාධිපතියන්ය. ස්ත්‍රී කේන්දරයේද ශනි උච්ච බල සහිතව සිටී. මීට අමතරව පුරුෂ කේන්දරයේ සිකුරු 12 වැන්නාධිපතියා වැය ස්ථානාධිපති වෙයි. ස්ත්‍රී කේන්දරයේ 8 වැන්නාධිපති හෙවත් මාරක ස්ථානාධිපතිද වෙයි. මෙම දෙපළගේ නැකැත් අනුව (දෙට හා රේවතී) පොරොන්දම් බැලීමේදී 75%ක් ශුභ තත්ත්වයේ විය. ඒ අනුව ඔවුන් විවාහ වූ අතර විවාහයෙන් මාස 7ක් ගතවීමට පෙර විවාහයේ විවිධ ගැටලු ඇතිවන්නට විය. දෙදෙනා අතර විටින් විට බහින්බස් වීම්ද ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මෙම දෙදෙනා විවාහයෙන් වෙන් විය. එම වෙන්වීම සිදුවන නොවැම්බර් මාසය වන විට මෙම දෙදෙනාගේ මහ දශා, අතුරු දශා, විදශා පිළිබඳ අවධානය යොමු කිරීමේදී පුරුෂ කේන්දරයේ රාහු මහ දශාවේ ශනි අතුරු දශාවේ සිකුරු විදශාව පැවැති අතර ස්ත්‍රී කේන්දරයේ කුජ මහ දශාවේ හා ශනි අතුරු දශාවේ ශනි (සෙනසුරු) විදශාව පැවැතියේය.

මීට අමතරව දෙදෙනාගේම ග්‍රහ ගෝචරය (ග්‍රහ ගමන) 2012.11.25 වන විට කාලසර්ප යෝගය පැවැති අතර ස්ත්‍රී කේන්දරයේ 64 නවාංශකාධිපතියාද සෙනසුරු විය.

මේ අනුව ඉහත සඳහන් කරුණු සලකා බැලීමේදී අපට නිගමනය කළ හැකි ඉතා පැහැදිලි සාධකය වන්නේ මෙම යුවළගේ විවාහය කඩාබිඳ දැමීමට මෙම 22 වැනි දෙර්කාණාධිපතියා ඉතා ප්‍රබල ලෙස දායක වී ඇති බවයි.

කිසියම් ජ්‍යොතිෂවේදියකු කිසිදු ශාස්ත්‍රීය කරුණු සොයාබැලීමකින් තොරව ඉතා අපරීක්ෂාකාරී ලෙස ග්‍රහ ගැළපීම් හා මෙම 22 වැනි දෙර්කාණාධිපති තත්ත්වයන් නොසලකා හරිමින් ඊනියා පොරොන්දමට පමණක් සීමා වෙමින් මෙම විවාහයට උපදෙස් දීම තුළ අද එම යුවළ පමණක් නොව මවුපියන්ද දැඩි පීඩාකාරී තත්ත්වයටත්, අසහනයටත්, ධනය විශාල ලෙස විනාශ වීමටත් ලක්ව දැඩි ලෙස අපහසුතාවන්ට පත්ව ඇත.

ඒ අනුව ඉතා පැහැදිලි ලෙස පැවැසිය හැක්කේ ජන්ම පත්‍රයක 22 වැනි දෙර්කාණාධිපතියා කිසියම් භාවයක සිටී නම් එම භාවයට අදාළ කරුණුවලට දැඩි බලපෑමක් එල්ල කිරීමේ අවදානමක් ඇති බවයි. මීට අමතරව එම 22 වැනි දෙර්කාණාධිපතියාගේ මහ දශා, අතුරු දශා, විදශා ඉතා අපලකාරී බව අපට ඉහත උදාහරණයෙන් නිගමනය කළ හැකිය. එම 22 වැනි දෙර්කාණාධිපතියාගෙන් කියැවෙන සියලු කරුණු සඳහා දැඩි බාධා හා බලපෑම් ඇතිවේ.

ඉහත දැක්වූ ජන්ම පත්‍ර හිමි යුවළගේ විවාහය දික්කසාදයකින් නිමා වීමටත් ප්‍රබල හේතුව ලෙස දැක්විය හැක්කේ සාම්ප්‍රදායික පොරොන්දමට පමණක් සීමා වීම තුළ වෙනත් ග්‍රහ තත්ත්වයන් හා දෝෂ සලකා නොබැලීමයි. මෙම විවාහය දැඩි ප්‍රශ්න හා ගැටලු මැද පැමිණ දෙදෙනාගේම අදාළ 22 වැනි දෙර්කාණාධිපතියාගේම විදශාව ක්‍රියාත්මක වන විට වෙන්වීම සිදුවීම තුළ එම 22 වැනි දෙර්කාණාධිපතිගේ ප්‍රබල අශුභත්වය අපට මැනැවින් වටහාගත හැකිය.
මෙම විවාහ බිඳවැටීමට ප්‍රධාන හේතූන් ලෙස දැක්විය හැක්කේ,

  1. දෙදෙනාගේම 7 වැන්න අධිපති 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා වීම.
  2. පුරුෂ කේන්දරයේ 7 අධිපති (22 වැනි දෙර්කාණාධිපතියා) විවාහ ස්ථානයේ සිටීම.
  3. ස්ත්‍රී කේන්දරයේ 7 අධිපති (23 වැනි දෙර්කාණාධිපතියා) සිව්වැන්නේ සිටීම හා චන්ද්‍රයාගෙන්ද 7 වැන්නේ සිටීම.
  4. දෙදෙනාගේම 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගේ විදශාවන් ක්‍රියාත්මක වීම.
  5. පුරුෂ කේන්දරයේ චන්ද්‍රයාගෙන් 8 වැන්නේ සෙනසුරු ඒරාෂ්ටකව ගමන් කිරීම හා සෙනසුරුගේම මහ දශාවක් හා අතුරු දශාවක් පැවැතීම.
  6. ස්ත්‍රී කේන්දරයේ ග්‍රහ බල තත්ත්වයන්ට වඩා පුරුෂ කේන්දරයේ ග්‍රහ බල තත්ත්වයන් දුර්වල වීම.
  7. පුරුෂ කේන්දරයේ ලග්නයේ මෙන්ම නවාංශකයේද විවාහයට අදාළ අඟහරු හා සිකුරු ග්‍රහයන් බල රහිත වීම.
  8. ස්ත්‍රී කේන්දරයේ අඟහරු හා සිකුරු යන ග්‍රහයන් පුරුෂ කේන්දරයේ තත්ත්වයන්ට නොගැළපෙන ලෙස ඉතා ප්‍රබල තත්ත්වයේ වීම.
  9. පුරුෂ කේන්දරයේ 11 වැන්නේ කුජ හා ශනි යන ග්‍රහයන් යෝගවී සිටීම හා ස්ත්‍රී කේන්දරයේ එවැන්නක් නොවීම.
  10. ස්ත්‍රී කේන්දරයේ චන්ද්‍රයාගෙන් 8 වැන්නේ කුජ බලගතුව සිටීම හේතුවෙන් පුරුෂ කේන්දරයේ සඳුගෙන් 8හි පිහිටි කුජ දෝෂය භංග නොවීම.

විශේෂයෙන්ම සමහර අවස්ථාවල මෙම 22 වැනි දෙර්කාණාධිපති ඇතැම් ලග්න හිමියන්ට යෝගකාරක ග්‍රහයකු විය හැකි අතර කේන්දරයට බලවත්වද පිහිටා තිබිය හැකිය. එවැනි අවස්ථාවලදී මෙම 22 වැනි දෙර්කාණාධිපතියාගේ පාපී බව යම් ප්‍රමාණයකට අඩුවී සුබ පල ලබාදීමෙහි හැකියාවක් ඇත.

ජ්‍යොතිෂ හා වාස්තුවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

පෝට්සිටි වෙතින් එන්නත්කරණ වැඩසටහනට ලැප්ටොප් පරිගණක 20ක්

Next Post

සෙලාන් බැංකුවේ කිලිනොච්චි ශාඛාව දැන් නව ස්ථානයක

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.