අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ප්‍රබල විවාහ දෝෂයන් වන කේන්දරයක 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා 7 වැන්න හා විවාහකාරක සිකුරු හා සම්බන්ධ වූ විට විවාහයට වන බලපෑම සම්බන්ධවයි. ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව දෙර්කාණ 36 අතුරින් 22 වැනි දෙර්කාණය විශේෂයෙන්ම ඉතා අයහපත් ලෙස සැලකේ. ජන්ම පත්‍රයක 22වැනි දෙර්කාණාධිපති ග්‍රහයා යනු ඉතා අශුභවාදී ග්‍රහයා ලෙස සැලකේ. ඒ අනුව යම් ජන්ම පත්‍රයක කිසියම් ස්ථාන අධිපති ග්‍රහයකු එම කේන්දරයේ ඉහත 22 වැනි දෙර්කාණාධිපති හා සම්බන්ධ වූ විට එම ස්ථානවලට දැඩි බාධාකාරී බලපෑම් එල්ල වෙයි. විවාහ ස්ථාන වන 7 වැන්න හා සම්බන්ධ වූ විට එම විවාහ පලවලට වන බලපෑම් පහත කේන්දර ද්විත්වය අනුසාරයෙන් සාකච්ඡා කරමු.
මෙම 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා විවාහ ස්ථානය වන 7 වැන්නේ තැන්පත් වීම, 7 අධිපති වීම, 7 වැන්නට දෘෂ්ටි හෙළීම හෝ 7 වැන්න සමග යෝග වීම හා කුමන ආකාරයෙන් හෝ විවාහ ස්ථාන හා සම්බන්ධ වීම මේ සඳහා මූලික වෙයි.
මෙසේ තමන්ගේ කේන්දරය තුළ 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා විවාහයට අසුබාකාරයට පිහිටා විවාහය දෙදරා ගිය අවස්ථා මෙන්ම විවාහ දිවියට ඇතුළු වීමට වාසනාව නොලද අවස්ථාද අප වෙත පැමිණෙන සේවාදායකයන්ගේ කේන්දර පරීක්ෂාවේදී බොහෝ ප්‍රමාණයක් හමුවී ඇත. විශේෂයෙන්ම සමහර අවස්ථාවල මෙම 22 වැනි දෙර්කාණාධිපති ඇතැම් ලග්න හිමියන්ට යෝගකාරක ග්‍රහයකු විය හැකි අතර කේන්දරයට බලවත්වද පිහිටා තිබිය හැකිය. එවැනි අවස්ථාවලදී මෙම 22 වැනි දෙර්කාණාධිපතියාගේ පාපී බව යම් ප්‍රමාණයකට අඩුවී සුබ පල ලබාදීමෙහි හැකියාවක් ඇත. එබැවින් 22 වැනි දෙර්කාණාධිපතියා සෑම අවස්ථාවකදීම අසුබව ප්‍රතිඵල ලබාදෙන ග්‍රහයකු ලෙස නොසැලකිය යුතු අතර ඒ පිළිබඳ ගැඹුරින් තර්කානුකූලව විමර්ශනය කළ යුතුය. එම නිසා විවාහයක් සඳහා දෙදෙනකුගේ ජන්ම පත්‍ර ගැළපීමේදී මෙම බාධාකාරී 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා පිළිබඳ දැඩිව අවධානය යොමුකිරීම තුළ විවාහයේ ගැටලු හා ප්‍රශ්න අඩු, සෞභාග්‍යයෙන් පිරි යහපත් විවාහ ජීවිතයක් අපේක්ෂා කළ හැකිය.
ඒ අතරින් අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ කේන්දරයක 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා 7 වැන්න හා විවාහකාරක සිකුරු හා සම්බන්ධ වූ විට විවාහයට වන බලපෑම සම්බන්ධවයි. ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව දෙර්කාණ 36 අතරින් 22 වැනි දෙර්කාණය විශේෂයෙන්ම ඉතා අයහපත් ලෙස සැලකේ. ජන්ම පත්‍රයක 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා යනු ඉතා අශුභවාදී ග්‍රහයා ලෙස සැලකේ. ඒ අනුව යම් ජන්ම පත්‍රයක කිසියම් ස්ථානයක අධිපති ග්‍රහයකු එම කේන්දරයේ 22 වැනි දෙර්කාණාධිපති හා සම්බන්ධ වූ විට එම ස්ථාන පලවලට දැඩි බාධාකාරී බලපෑම් එල්ල වෙයි. විවාහ ස්ථාන වන 7 වැන්න හා සම්බන්ධ වූ විට එම විවාහ පලවලට එල්ලවන බලපෑම් පහත කේන්දර අනුසාරයෙන් සාකච්ඡා කරමු.
මෙම 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා විවාහ ස්ථානය වන 7 වැන්නේ තැන්පත් වීම, 7 අධිපති වීම, 7 වැන්නට දෘෂ්ටි හෙළීම හෝ 7 වැන්න සමග යෝගවීම කුමන ආකාරයෙන් හෝ විවාහ ස්ථාන හා සම්බන්ධ වීම මේ සඳහා මූලික වෙයි.
මෙසේ තමන්ගේ කේන්දරය තුළ 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා විවාහයට අසුබ ආකාරයට පිහිටා විවාහය දෙදරා ගිය අවස්ථා මෙන්ම විවාහ දිවියට ඇතුළු වීමට වාසනාව නොලද අවස්ථාද අප වෙත පැමිණෙන සේවාදායකයන්ගේ කේන්දර පරීක්ෂාවේදී බොහෝ ප්‍රමාණයක් හමුවී ඇත. පහත දැක්වෙන්නේ එයින් එක් සත්‍ය සිදුවීමක් ආශ්‍රය කොට ගනිමින් ගොඩනැගූ උදාහරණයකි.
ඉහත මෙම කේන්දර හිමි ස්ත්‍රී පුරුෂ දෙපළ 2010 අගෝස්තු මාසයේදී විවාහ මංගල යෝජනාවක් අනුව විවාහයට එළැඹිණි. මෙහි පුරුෂ කේන්දරයේ වෘශ්චික ලග්නය තුලා නවාංශකයයි. එහි 22 වැනි දෙර්කාණාධිපති වූයේ 7 අධිපති සිකුරු ග්‍රහයායි. එම සිකුරු මෙම කේන්දරයේ ස්වක්ෂේත්‍ර බල සහිතව තැන්පත්ය. සිකුරු 7 වැන්නේ සිටීම බැලූ බැල්මට ප්‍රබලය. නමුත් 22 වැනි දෙර්කාණාධිපතියා වීම හේතු කොටගෙන එම සිකුරුගේ බල බිඳී ඉතා දුර්වල තත්ත්වයට පත්ව ඇත.
ස්ත්‍රී කේන්දරයේ කටක ලග්නය කටක නවාංශකයයි. එහි 22 වැනි දෙර්කාණාධිපතියා වූයේ 7 වැන්න අධිපති ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාය. එම සෙනසුරු මෙම ස්ත්‍රී කේන්දරයේ බලගතුව සිව්වැන්නේ සිටී. ඒ අනුව මෙම යුවළගේ 7 අධිපතියා වූයේ සිකුරු හා සෙනසුරු වන 22 වැනි දෙර්කාණාධිපතියන්ය. ස්ත්‍රී කේන්දරයේද ශනි උච්ච බල සහිතව සිටී. මීට අමතරව පුරුෂ කේන්දරයේ සිකුරු 12 වැන්නාධිපතියා වැය ස්ථානාධිපති වෙයි. ස්ත්‍රී කේන්දරයේ 8 වැන්නාධිපති හෙවත් මාරක ස්ථානාධිපතිද වෙයි. මෙම දෙපළගේ නැකැත් අනුව (දෙට හා රේවතී) පොරොන්දම් බැලීමේදී 75%ක් ශුභ තත්ත්වයේ විය. ඒ අනුව ඔවුන් විවාහ වූ අතර විවාහයෙන් මාස 7ක් ගතවීමට පෙර විවාහයේ විවිධ ගැටලු ඇතිවන්නට විය. දෙදෙනා අතර විටින් විට බහින්බස් වීම්ද ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මෙම දෙදෙනා විවාහයෙන් වෙන් විය. එම වෙන්වීම සිදුවන නොවැම්බර් මාසය වන විට මෙම දෙදෙනාගේ මහ දශා, අතුරු දශා, විදශා පිළිබඳ අවධානය යොමු කිරීමේදී පුරුෂ කේන්දරයේ රාහු මහ දශාවේ ශනි අතුරු දශාවේ සිකුරු විදශාව පැවැති අතර ස්ත්‍රී කේන්දරයේ කුජ මහ දශාවේ හා ශනි අතුරු දශාවේ ශනි (සෙනසුරු) විදශාව පැවැතියේය.
මීට අමතරව දෙදෙනාගේම ග්‍රහ ගෝචරය (ග්‍රහ ගමන) 2012.11.25 වන විට කාලසර්ප යෝගය පැවැති අතර ස්ත්‍රී කේන්දරයේ 64 නවාංශකාධිපතියාද සෙනසුරු විය.
මේ අනුව ඉහත සඳහන් කරුණු සලකා බැලීමේදී අපට නිගමනය කළ හැකි ඉතා පැහැදිලි සාධකය වන්නේ මෙම යුවළගේ විවාහය කඩාබිඳ දැමීමට මෙම 22 වැනි දෙර්කාණාධිපතියා ඉතා ප්‍රබල ලෙස දායක වී ඇති බවයි.
කිසියම් ජ්‍යොතිෂවේදියකු කිසිදු ශාස්ත්‍රීය කරුණු සොයාබැලීමකින් තොරව ඉතා අපරීක්ෂාකාරී ලෙස ග්‍රහ ගැළපීම් හා මෙම 22 වැනි දෙර්කාණාධිපති තත්ත්වයන් නොසලකා හරිමින් ඊනියා පොරොන්දමට පමණක් සීමා වෙමින් මෙම විවාහයට උපදෙස් දීම තුළ අද එම යුවළ පමණක් නොව මවුපියන්ද දැඩි පීඩාකාරී තත්ත්වයටත්, අසහනයටත්, ධනය විශාල ලෙස විනාශ වීමටත් ලක්ව දැඩි ලෙස අපහසුතාවන්ට පත්ව ඇත.
ඒ අනුව ඉතා පැහැදිලි ලෙස පැවැසිය හැක්කේ ජන්ම පත්‍රයක 22 වැනි දෙර්කාණාධිපතියා කිසියම් භාවයක සිටී නම් එම භාවයට අදාළ කරුණුවලට දැඩි බලපෑමක් එල්ල කිරීමේ අවදානමක් ඇති බවයි. මීට අමතරව එම 22 වැනි දෙර්කාණාධිපතියාගේ මහ දශා, අතුරු දශා, විදශා ඉතා අපලකාරී බව අපට ඉහත උදාහරණයෙන් නිගමනය කළ හැකිය. එම 22 වැනි දෙර්කාණාධිපතියාගෙන් කියැවෙන සියලු කරුණු සඳහා දැඩි බාධා හා බලපෑම් ඇතිවේ.
ඉහත දැක්වූ ජන්ම පත්‍ර හිමි යුවළගේ විවාහය දික්කසාදයකින් නිමා වීමටත් ප්‍රබල හේතුව ලෙස දැක්විය හැක්කේ සාම්ප්‍රදායික පොරොන්දමට පමණක් සීමා වීම තුළ වෙනත් ග්‍රහ තත්ත්වයන් හා දෝෂ සලකා නොබැලීමයි. මෙම විවාහය දැඩි ප්‍රශ්න හා ගැටලු මැද පැමිණ දෙදෙනාගේම අදාළ 22 වැනි දෙර්කාණාධිපතියාගේම විදශාව ක්‍රියාත්මක වන විට වෙන්වීම සිදුවීම තුළ එම 22 වැනි දෙර්කාණාධිපතිගේ ප්‍රබල අශුභත්වය අපට මැනැවින් වටහාගත හැකිය.
මෙම විවාහ බිඳවැටීමට ප්‍රධාන හේතූන් ලෙස දැක්විය හැක්කේ,
- දෙදෙනාගේම 7 වැන්න අධිපති 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා වීම.
- පුරුෂ කේන්දරයේ 7 අධිපති (22 වැනි දෙර්කාණාධිපතියා) විවාහ ස්ථානයේ සිටීම.
- ස්ත්‍රී කේන්දරයේ 7 අධිපති (23 වැනි දෙර්කාණාධිපතියා) සිව්වැන්නේ සිටීම හා චන්ද්‍රයාගෙන්ද 7 වැන්නේ සිටීම.
- දෙදෙනාගේම 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගේ විදශාවන් ක්‍රියාත්මක වීම.
- පුරුෂ කේන්දරයේ චන්ද්‍රයාගෙන් 8 වැන්නේ සෙනසුරු ඒරාෂ්ටකව ගමන් කිරීම හා සෙනසුරුගේම මහ දශාවක් හා අතුරු දශාවක් පැවැතීම.
- ස්ත්‍රී කේන්දරයේ ග්‍රහ බල තත්ත්වයන්ට වඩා පුරුෂ කේන්දරයේ ග්‍රහ බල තත්ත්වයන් දුර්වල වීම.
- පුරුෂ කේන්දරයේ ලග්නයේ මෙන්ම නවාංශකයේද විවාහයට අදාළ අඟහරු හා සිකුරු ග්‍රහයන් බල රහිත වීම.
- ස්ත්‍රී කේන්දරයේ අඟහරු හා සිකුරු යන ග්‍රහයන් පුරුෂ කේන්දරයේ තත්ත්වයන්ට නොගැළපෙන ලෙස ඉතා ප්‍රබල තත්ත්වයේ වීම.
- පුරුෂ කේන්දරයේ 11 වැන්නේ කුජ හා ශනි යන ග්‍රහයන් යෝගවී සිටීම හා ස්ත්‍රී කේන්දරයේ එවැන්නක් නොවීම.
- ස්ත්‍රී කේන්දරයේ චන්ද්‍රයාගෙන් 8 වැන්නේ කුජ බලගතුව සිටීම හේතුවෙන් පුරුෂ කේන්දරයේ සඳුගෙන් 8හි පිහිටි කුජ දෝෂය භංග නොවීම.
විශේෂයෙන්ම සමහර අවස්ථාවල මෙම 22 වැනි දෙර්කාණාධිපති ඇතැම් ලග්න හිමියන්ට යෝගකාරක ග්‍රහයකු විය හැකි අතර කේන්දරයට බලවත්වද පිහිටා තිබිය හැකිය. එවැනි අවස්ථාවලදී මෙම 22 වැනි දෙර්කාණාධිපතියාගේ පාපී බව යම් ප්‍රමාණයකට අඩුවී සුබ පල ලබාදීමෙහි හැකියාවක් ඇත.
ජ්‍යොතිෂ හා වාස්තුවේදී සම්පත් එස්. කල්පගේ