සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සිය කිලිනොච්චි ශාඛාව, වඩාත් ඉඩ පහසුකම් සහිත නව ස්ථානයක ස්ථාපිත කිරීමට පසුගියදා කටයුතු කළේය. ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, නව ශාඛාව අංක 155 සහ 155/1, A-9 පාර, කිලිනොච්චිය යන ස්ථානයේ පිහිටා තිබේ.
මැනැවින් ඉඩකඩ සහිත මෙම නව ශාඛාව ඔස්සේ, ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල්තැන දෙමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් අනුව වඩාත් කාර්යක්ෂම වූ සේවාවක් ලබාදීමට එහි කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇත. මෙම නව ස්ථානය ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක් වන නිසා, ශාඛාවෙන් මෙන්ම ATM යන්ත්‍රවලින්ද සේවාවන් ලබාගැනීමේදී ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක් අත්වනු නොඅනුමානය.
සෙලාන් බැංකුවේ කිලිනොච්චි ශාඛාව දිනපතා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා විවෘතව පවතී.
මෙම දුෂ්කර කාලපරිච්ඡේදයේදී සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති විධිවිධාන නිසි පරිදි අනුගමනය කිරීමට සෙලාන් බැංකුව කටයුතු කරන අතර, එම විධිවිධාන පිළිපදින මෙන් සිය ගනුදෙනුකරුවන්ගෙන්ද ඉල්ලා සිටී. එමෙන්ම හැකිතාක් දුරකට තම එදිනෙදා බැංකු සේවා අවශ්‍යතා සඳහා සෙලාන් බැංකුවේ ඩිජිටල් සේවාවන් භාවිතා කිරීම සුදුසු බවත්, වැඩිදුර විස්තර හා සහාය සඳහා 011 200 88 88 අංකය හෝ www.seylan.lk වෙබ් අඩවිය භාවිත කළ හැකි බවත් සෙලාන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට කාරුණිකව සිහිපත් කරයි.