මහජන බැංකුවේ දංකොටුව ශාඛාව නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
දංකොටුව, පන්නල පාරේ, අංක 129 ස්ථානයේ විවෘත කෙරුණු මෙම ශාඛාව අතිනවීන තාක්ෂණයෙන් සහ සුවිශේෂ සේවාවන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරීමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැකිය.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ලයනල් ගලගෙදර, පුත්තලම ප්‍රාදේශීය කළමනාකාරිනී කේ.ඒ.ඒ.එස්. පීරිස්, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනී එස්.ඒ.එම්.එල්. සිරිමාන්න, දංකොටුව ශාඛා කළමනාකාර ඩී.එම්. ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් සහභාගි වූහ.











