• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පියාගේ අවතාරය ලක්‍ෂ 25ක සල්ලිත් අරගෙන මහ රෑ ගෙදරට එයි

July 4, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
පියාගේ අවතාරය ලක්‍ෂ 25ක සල්ලිත් අරගෙන මහ රෑ ගෙදරට එයි
Share on WhatsAppShare on Facebook

‘කුමාරි මං රට යන්න තීරණය කළා. පුළුවන් හැටියට වැඩක් කළා නම් ලක්ෂ 25ක් හොයාගෙන දරුවගෙ සැත්කම කරන එක අපට මහා දෙයක් නෙවෙයි…’

සිය සැමියා වන පියල් එසේ කියා විදෙස්ගත වෙන්නට ගත් තීරණය තමාට දැන්වූ මොහොත කුමාරිගේ සිතේ අද ඊයේ මෙන් තැන්පත්ව තිබුණා. ඇය ඒ සිදුවීම් එකින් එක නිතර නිතර සිහිපත් කළේ සිතේ උපන් සිතුවිලි සමුදාය සඟවාගනිමිනි. පුංචි දරුවාද තුරුලට ගෙන ඇය පියල් ගැන මතකය අවදි කරන්නේ සඟවාගත් වේදනාවකිනි. ඔහු විදෙස්ගත වූයේ මීට වසර එකහමාරකට පෙරාතුවය. මැදපෙරදිග ගෘහ සේවකයකු ලෙසින් සේවය සැපයීමේ අරමුණ පෙරදැරිව පිටව ගිය පියල් මෙරටින් පිටවූ දා සිට සෑම දිනෙකම රාත්‍රියේ කුමාරිට ඇමතුම් ගත්තේය. දරුවාගේත් ඇගේත් සුවදුක් විචාලේය. කුමාරිද එම ඇමතුම් ලැබෙන තුරු මඟ බලාගෙන උන්නාය. තරුණ වයසේ හොඳම අවදියේ උන් ඇයට බොහෝ අවශ්‍යතා තිබුණද ඇය ඒ සියල්ල යටපත් කරගෙන සිටියේ තම දරුවා වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසවන සැමියා ගැන සිතමිනි.

‘ඔහොම තනියෙන් ඉන්න පුළුවන්ද? ඔන්න පියල් අයියා නම් එහෙ ගෑනියෙක් සෙට් කරගෙන ජොලියෙ ඇති…’

අසල්වැසි නිවෙසක තරුණයකු නිතරම කීවේය. එහෙත් කුමාරි ඒ කිසිවකට ඇහුන්කන් දුන්නේවත්, හූමිටි තිබ්බේවත් නැත. ඇයට පියල් ගැන තිබුණේ අසීමිත විශ්වාසයකි. එනිසාම ඇය ගමේ අය කියනා දේ පියල් සමග කියන්නට ගියේ නැත.

වසරකුත් මාස කිහිපයක් ගතවන තුරු පියල්ගෙන් සුපුරුදු ලෙස ඇමතුම් ලැබිණි. ඒ කාලයේ නිවෙසේ වියදමට අවශ්‍ය වියදම් මුදල්ද ඔහුගෙන් ලැබුණේය. එහෙත් ඔහු එවන සියලු මුදල් වියදම් කරන්නට නොසිතූ ඇය එම මුදල් ඉතිරි කරගත්තේ අරපිරිමැස්මෙනි. ඒ, දරුවාගේ සැත්කම වෙනුවෙන් මුදල් එකතුර කරගන්නා අදහස ඇතිවය.

එහෙත් වසරකුත් මාස කිහිපයක් ගතවූ තැන ඔහුගෙන් දුරකතන ඇමතුම් ලැබීම නතර විය. ඔහු ගැන විමසීමක් කරන්නට හෝ වෙනත් දුරකතන අංකයක් නොවූ කුමාරි ඉන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්විය. ඇය පියල් ඇමතුම් ලබාගත් දුරකතන අංකයට සෑම දිනෙකම දහ දොළොස් වතාවකට වඩා ඇමතුම් ලබාගත්තද එම අංකය ක්‍රියා විරහිතව තිබිණි. මේ සම්බන්ධව කුමාරිට කළ හැකිව තිබූ අනෙක් ක්‍රියාව වූයේ ඔහු එවා තිබූ එරට ලිපිනයට ලිපියක් යැවීම පමණකි.

මේ අතර පියල්ගේ නිහඬ බව වටින් ගොඩින් දැනගත් අසල්වැසි තරුණයන් කුමාරිට අයුතු යෝජනා කළේ පියල් ගැන වැරැදි අර්ථකථන ලබාදෙමිනි. එහෙත් ඇය තවදුරටත් පියල්ව විශ්වාස කරගෙන ඉවසා සිටියේ දරුවාගේ අසනීපය ගැන සිතමිනි.
‘පියල් අයියාට එහෙ ගෑනියෙක් සෙට් වෙලා. කුමාරි අක්කව මතකවත් නැතිව ඇති. මං දන්නෙ නැද්ද රට ගියාම සෙට්වෙන ඒවා. අවුරුදු ගානක් කවුරුවත් නැතිව හිටපු ගෑනියෙකුට එහෙම පියල් අයියා සෙට් වුණා නම්, ආයෙ උන්දැට කුමාරි අක්කව මතක් වෙන්නවත් ඉඩක් දෙන්නෙ නැතිවෙයි…’

තරුණයකු කතාව හරි අපූරුවට ගළපා කීවේය. එහෙත් කුමාරි ඒ කිසිවකින් සැලුණේ නැත. ඇය මාස කිහිපයක්ම ඔහුගෙන් ඇමතුමක් එතැයි බලා සිටියාය. ඒ අතරේ දරුවාගේ සැත්කම පිළිබඳ මතකය ඇගේ සිතට වද දුන්නාය. ඇතැම් රාත්‍රීන්වල නිදි නොලබාම ඇය ඒ ගැන සිතුවාය.

ඔය අතරේ දිනක් රාත්‍රියේ කවුදෝ දොරට ගසන හඬ ඇයට ඇසුණේ නින්දත් නොනින්දත් අතර සිටියදීය. ඇය සිතුවේ කවුරුන් හෝ තරුණයකු අයුතු හැඟීමකින් පැමිණ ඇතැයි කියාය.

‘කුමාරි කුමාරි මං පියල්….’

කුමාරි කලබලයෙන් නැඟිට ගත්තාය. දොර ළඟට යනවාත් ඇයට මතක නැත. දොර විවර කර පිටතට එබුණේ මුහුණේ සිනා පුරවාගෙනමය. දොරකඩ සිටගෙන සිටි පියල් සිනාසීගෙනම නිවෙසට ඇතුළුවී අත රැඳි කුඩා බෑගය මේසය මත තබා ඇය දෙස බැලුවේය.

‘හදිසියෙ ආවේ. ඉක්මනට ආයෙ යන්නත් ඕනෙ. හෙටම හරි දරුවගෙ සැත්කම කරන්න සල්ලි බඳින්න ඔයාට පුළුවන් නේද?
පියල් මේසය මත ඇති බෑගය දෙස බලමින් අසයි. කිසිවක් සිතාගත නොහැකිව සිටි කුමාරි හිස සලා ඊට කැමැත්ත පළකර මුළුතැන්ගෙට ගියේ තේ කෝප්පයක් සකසන අදහසිනි.

‘තේ එපා, අපි නිදාගමු. මං කඩේකින් කාලා ආවේ. අපි හෙට කතා කරමුකෝ. සමහර විට පාන්දරම මට යන්න වෙයි. එහෙම වුණොත් ඔයා හෙටම සල්ල බඳින්න. මෙතන ලක්ෂ තිහක්ම තියෙනවා…’

ඔහු වෙහෙසකර තත්ත්වයක සිටිනවා යැයි සිතූ ඇයද ඊට එකඟව නින්දට වැටුණාය. කුමාරි සරමක් දුන්නද එයවත් හැඳ නොගත් පියල් හැඳ සිටි ඇඳුම පිටින්ම නින්දට වැටුණේය.

පසුදා පාන්දර කුමාරි අවදිවී බලද්දී පියල් සිටියේ නැත. ඔහු ගෙන ආ මුදල් බෑගය පමණක් මේසය මත තිබිණි. දරුවා ගැන සිතා මුදල් රැගෙන ආවාට ඔහුට අනියම් සම්බන්ධයක් ඇතැයි ඇයට මුල් වරට එදා සිතිණි. එනිසා ඔහු ආපසු නොකියාම යන්නට ඇතැයි සිතා ඇය හිත හදාගත්තාය.

පසුදාම ගොස් රෝහලට මුදල් බැඳ සැත්කමට දින වෙන්කර ගත් කුමාරි, අදාළ දිනයේ සිය දරුවා රෝහලට රැගෙන ගොස් සැත්කම කරවාගෙන දින කිහිපයක් රෝහලේ නතරව සිටියාය. ඒ කාලය අතර තුර දෙවතාවක්ම දරුවා පවසා සිටියේ සිය පියා තමා බලන්නට පැමිණි බවයි. එහෙත් ඒ දෙවතාවේම තමාට ඔහු හමු නොවීම ගැන ඇය පුදුම වූවාය.

සතියකට පමණ පසු කුමාරි දරුවාත් රැගෙන නිවෙසට ආවේ දරුවා සුවවීමේ සතුටිනි. ඉදිරිපස දොර හරින විටම ඇයට දොර යටින් දමාගිය ලිපියක් නෙත ගැටිණි. දරුවා කාමරයට ඇරලූ ඇය කලබලයෙන් ලිපිය කඩා බැලුවාය. එහි සටහන්ව තිබූ දේ දැක ඇගේ හිස කරකැවෙන්නට පටන් ගත්තාය.

‘එයා මැරිලා… මාස හතරක්ලු… දෙයියනේ එතකොට ඒකයි එයා කතා කරලා නැත්තේ. ඒත්… නෑ… නෑ… ඒක වෙන්න බැහැ. එතකොට එදා ආවේ කවුද…? එයා මැරිලා නෑ… එයා ගෙනාපු සල්ලිවලින් දරුවවත් සනීප කරගත්තනෙ…’

ඇගේ මනස අවුල් වූ ස්වභාවයක් දිගින් දිගටම දැකගන්නට ලැබීම නිසා අසල්වැසියන් ඇගේ මවුපියන්ට දන්වා යවා ඇයව ඔවුන්ට භාර කළේය. පියල් සමග රහසේ පැන ඒම ගැන විරසකව සිටියදී ඔවුහු ඇයව භාරගන්නට පසුබට නොවීය. පියල්ගේ දේහය ගෙන්වා ගෙන අවසන් කටයුතුද ඇගේ මවුපියන්ගේ මැදිහත් වීමෙන් සිදුකෙරිණි.

අවසානයේ කුමාරිව බණ්ඩා කපු මහතා වෙත කැඳවාගෙන ආවේ ඇයට සෙත් ශාන්තියක් කරගන්නා අදහසිනි. කරුණු කාරණා විමසා බලා ඇගේ තත්ත්වය පැහැදිලි කරගත් කපු මහතා ඇයව සුවපත් කළේ අසාමාන්‍ය සිදුවීම් සිදුවිය හැකි බවට පැහැදිලි කර දෙමිනි.

සත්‍ය කතාවකි. නම් ගම් මනඃකල්පිතයි.
සැකසුම : කුමාර රත්නායක

SendShareShare
Previous Post

බැසිල්ගේ ඇමැතිකම වෙනස් වූ තීරණාත්මක සාකච්ජාව! ලංකාව හිර කරන්න අමෙරිකාව එවූ අලුත් නියෝජිතයා! (රාජ්‍ය රහස්)

Next Post

පෝට්සිටි වෙතින් එන්නත්කරණ වැඩසටහනට ලැප්ටොප් පරිගණක 20ක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.