• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බැණුම් අහලා තමයි හොඳක් අහන්න වෙන්නේ…

July 1, 2021
in Heart
Reading Time: 3 mins read
A A
බැණුම් අහලා තමයි හොඳක් අහන්න වෙන්නේ…
Share on WhatsAppShare on Facebook

පහුගිය කාලේ මගේ ජීවිතයේ ගොඩක් ප්‍රශ්න ආවා…
දැන්ම විවාහ වෙන්න බෑ…

නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇයව විවිධ නිර්මාණ තුළින් අපට දැකගන්න හැකි වුණා. ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ නිලූ චරිතයට ජීවය දුන් ඇය, මේ දවස්වල ටෙලිනාට්‍යයේ අපට දැකගන්නට ලැබුණේ නැහැ. ඇය දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙලාද? මේ, ඒ ගැන අප අරුණි සමග කළ කතාබහ.

අරුණිට මේ දවස්වල බෝනස් එකක් ලැබුණා වගෙයි. දිනුමක් නැද්ද?
ඔව් නේ, දීර්ඝ නිවාඩු කාලයක් ලැබුණු නිසා ගෙදරට වෙලා ඉන්නවා. දිනුම් ඇදීමේ වැඩකටයුතුත් මේ දවස්වල සිදුකරන්නේ නැහැ. සංචරණ සීමා අවසන් වුණාට පසු සියලු වැඩකටයුතු නැවත පටන් ගන්නවා. මේ මොහොතේ අපි සියලු දෙනාගේම ජයග්‍රහණය තමයි කොවිඩ් සටනින් ජයගැනීම. එතකොට අපි හැමෝටම වාසනාව උදාවෙනවා කියලා මම පෞද්ගලිකව හිතනවා.

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඔබව දැන් දකින්න නැත්තේ ඇයි?
මම ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙලා නැහැ. කතාව වෙනත් පැත්තකට ගලාගෙන යන නිසා මාව දැකගන්න ලැබුණේ නැහැ. ගොඩ දෙනෙක් හිතා ඉන්නේ මම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙලා කියලා.

දෙවෙනි ඉනිම තුළ ඔබ වසර ගණනාවක ඉඳලා කටයුතු කරනවා. එය ඔබගේ අනෙකුත් වැඩකටයුතු සඳහා බාධාවක් නෙවෙයිද?
එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අවුරුදු හතරක පමණ කාලයක ඉඳලා මම දෙවෙනි ඉනිමේ රඟපානවා. අපේ ප්‍රවීණ ශිල්පීන් රැසක් සමග ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක මෙහෙම එක දිගට වැඩකරන්න මටත් අවස්ථාවක් ලැබුණු එක ගැන මම ඉතා සතුටු වෙනවා.

මේ දිනවල ඔබ ගතකරන විවේකයත් එක්ක කලාවට දක්වන දායකත්වය කොයි වගේද?
ටෙලිනාට්‍ය දෙකක පිටපත් මට ලැබුණා. ඒ දේවල් අධ්‍යයනය කරනවා. ඊට අමතරව පැරැණි ටෙලිනාට්‍ය, චිත්‍රපට නරඹනවා ගෙදරට වෙලා. එක දිගට රාජකාරි වැඩකටයුතු සමග කාලය ගෙවපු නිසා හිතට පුංචි සැහැල්ලුවක් තියෙනවා මේ දිනවල ගෙදරට වෙලා විවේකීව ඉන්න නිසා.

ටෙලිනාට්‍ය පිටපත් කලින් ලැබෙන නිසා චරිතයට පෙර සූදානමක් ඇතිව සම්බන්ධ වෙන්න පහසුයි නේද?
එහෙම හැම නිර්මාණයකම පිටපත් අපට කලින් ලැබෙන්නේ නැහැ. මම වැඩකරපු නිර්මාණ දෙක තුනක සම්පූර්ණ පිටපත් ලැබුණා. ඒ වගේ වෙලාවට හරිම පහසුවෙන් තමයි රඟපාන්නේ. ගොඩක් නිර්මාණවල රූගතකිරීම්වලට සම්බන්ධ වුණාම තමයි අපට පිටපත ලැබෙන්නේ. හැබැයි ඉතින් කලින් අපට චරිතය ගැන පොඩි පැහැදිලිකිරීමක් කරලා තමයි සම්බන්ධ කරගන්නේ.

ඔබ නිරූපණය කරන නිලූ චරිතය ගැන යමක් පැවැසුවොත්?
සමහරු දොස් කියනවා එවැනි චරිත රඟපාන්න එපා කියලා. ඒ වගේ වෙලාවට ඉතින් පොඩ්ඩක් බැණුම් අහලා තමයි හොඳක් අහන්න වෙන්නේ. නිලූ චරිතය තුළින් මාව වෙනස්ම පැත්තකට ගියා. අනෙකුත් ශිල්පීන් වගේම මමත් කැමැති විවිධ චරිත නිරූපණය කරමින් යමක් ඉගෙන ගන්න.

ඔබ දැන් පෙම්වතියක්ද?
ඔව්, මම පෙම්වතියක්. හැබැයි තවම විවාහ වෙන්න කාලයක් යොදාගෙන නැහැ. මොකද රටේ මේ පැතිරෙන කොවිඩ් වසංගතයත් එක්ක අපට ඒ ගැන දැන්ම හිතලා දින වකවානු වෙන්කරන්න බැරි නිසා.

ඔබ රංගන ශිල්පිනියක්. තවත් පැත්තකින් නිවේදිකාවක්. මේ සියල්ල එක්ක ඔබ ව්‍යාපාරයක් කරගෙන යනවා. කොහොමද මේ සියල්ලම තනියම කරන්නේ?
ඇත්තටම මම හැම දෙයක්ම කාලයක ඉඳලා හරිම ආශාවෙන් පහසුවෙන් තමයි කළේ. ඒත්
පසුගිය කාලයේ මගේ ජීවිතයේ විවිධ ප්‍රශ්න මතු වුණා. මගේ මල්ලි නැතිවුණා. ඔහුවත් හිටියා නම් මට ශක්තියක්. මට ඒ දේවල් කරන්න බැරි නිසා මම ව්‍යාපාර කටයුතු නතර කළා.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ශානි පොලිසියෙන් අයින් වෙයි!

Next Post

ඇමැතිගෙන් පොලිස්පතිට දැඩි නියෝගයක්!

MORE NEWS

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News
Heart

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.