අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා වන ශානි අබේසේකර මහතා සිය වසර 35ක සේවා කාලයක් නිම කරමින් විශ්‍රාම යාමට තීරණය කර ඇත.
ඒ අනුව ඊයේ (30) දින සිය විශ්‍රාම යැවීමේ ලිපිය යැවීමට ඒ මහතා කටයුතු කොට ඇත.
ඊයේ දිනට ඒ මහතාගේ 60 වන උපන්දිනයද යෙදී තිබිණ.
මෙරට ආන්දෝලනාත්මක විමර්ශනයන් ලෙස සැලකෙන උඩතලවින්න ඝාතනය, රෝයල් පාක් ඝාතනය, සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාර එල්ල වීම, පාස්කු බෝම්බ ප්‍රහාරය, රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම, භරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, රතුපස්වල ඝාතනය ආදියෙහි විමර්ශන සිදුකළේ අබේසේකර මහතාය.










