• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිළිකමට මැදි වුණේ පුංචි කෙල්ලක කාලේ…

June 29, 2021
in Heart
Reading Time: 5 mins read
A A
නිළිකමට මැදි වුණේ පුංචි කෙල්ලක කාලේ…
Share on WhatsAppShare on Facebook

මට සාමාන්‍යයන් අතරද ඉතාම සාමාන්‍ය පෙනුමක් තියෙන්නේ…

රංගනයට ආරූඪ වන්නේ මගේ වටපිටාවේ සිටින සජීවී සැබෑ චරිත තුළින්…

කවදාවත් මම ඇයව කොපි කළේ නැහැ…
චරිතාංග නිළියක් වුණේ මගේ පෙනුම නිසා…

තරුවක් නොවූ, චරිතාංග නිළි කැල අතර අග්‍රගණ්‍ය මට්ටමේ මතක සටහන් තැබූ රංගනවේදිනියන් කිහිප දෙනෙකු වේ නම්, කෞෂල්‍යා ප්‍රනාන්දු ද ඒ අතර එක් අයෙකි. ඒ සඳහා නිදසුන් අවැසි නම්.., දුන්හිඳ අද්දර, බොරදිය පොකුණ සහ අසන්ධිමිත්තා හරිම පහසුවෙන් පෙළගසා ඒ සඳහා දෙන්නට පුළුවන්ය. එපමණක් නොව.., මෑතක සිට ස්වාධීන රූපවාහිනියෙහි විකාශනය ආරම්භ වූ ‘සකර්ම’ තුළින්ද මේ ප්‍රවීණ රංගනවේදිනිය සිය කුසලතාව මනාව ඔප්නංවන්නීය. ඉතින්.., ‘කෞෂල්‍යා ප්‍රනාන්දු’ ගැන තව මොන කතාද? අප ‘මව්රට’ට ඈ කී කතාව ඔබට කියන්නට මේ සූදානම් වන්නේ ඒ හින්දාමය, මේ තරුවක නොව.., රූප රාජනියක නොවූ චරිතාංග නිළියක ගැන කතාවයි.

🔴 ඉතින් කෞෂල්‍යා.., පිළිගන්නවා බොහොම සුහද සිතින් ඔබව ‘මව්රට – හදවත’ට.
ස්තුතියි.., මමත් පිළිගන්නවා සුහද සිතින් ඒ ආරාධනාව.

🔴 ‘සකර්ම’ තුළින් ඔබ නැවැතත් කලඑළි බැහැලා?
රංගනයෙන් මම ඈත්ව හිටියේ නැහැ කවදාවත්… අලුත් වැඩ කිහිපයකට අතගසා තිබුණා. කනගාටුයි කියන්න කොරෝනාව ඒ සියලු උත්සාහයන් අඩපණ කළා.

🔴 අලුත් වැඩ කිහිපයෙන් එකක්වත් කියමුද අපට?
අලුත් වේදිකා නාට්‍යයක් නිම කරමින් සිටියා. ‘සඟ, වෙද, ගොවි, කම්කරු’ යන නමින්. පුහුණුවීම් අවසාන වෙමින් තිබූ කාලයේ එහි වැඩකටයුතු අතරමග නතර වුණා.

🔴 ඔබ ඒ ගැන කලකිරීමකද මේ දිනවල කල් ගෙවන්නේ?
අපොයි නැහැ.., ලෝවාසී සියලුම කලාකරුවනට මුහුණපාන්නට සිදුව තිබෙන අභාග්‍යයක වූ ‘කොරෝනාව’ ගැන කලකිරීමකට පත්වීමෙන් මොන පලක්ද? මේ කටුක විරාමයට අප හැමෝම උපේක්‍ෂාවෙන් මුහුණ දිය යුතුයි.

🔴 ඉඳහිට විතරක් රඟපාන්නේ නිතර පෙනී සිටීම ඔබේ චරිතාංග නිළි වෘත්තියට පටහැනි නිසාද?
එහෙම දෙයක් එතැන නැහැ. මම චරිත තෝරනවා. එහි ප්‍රධානම හේතුව මට සහ ප්‍රේක්‍ෂකයාට වින්දනය ලැබිය හැකි චරිත නිරූපණයන්ට පමණයි මම දායක වන්නේ. අනෙක් හේතූන් අතර මගේ කාර්යබහුල බව විශේෂයි. එකක් මම ගුරුවරියක්. අනෙක ජයවර්ධනපුර විශ්වවිiාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කරනවා. තවත් කාරණයක් වන්නේ නාට්‍ය සහ රංගන කලාව පිළිබඳව නවක රංගනවේදීන් හට වැඩමුළු පවත්වනවා. සුවිශේෂීවම සඳහන් කළ යුතුයි, මගේ දරුවන් තවම කුඩායි. රාජකාරි බොහොමයක් අතරතුර දෝලනය වෙලා රංගනයටත් නිතර කාලය දෙන්නට ගියොත් මගේ දරුවන්ට අම්මාගේ සෙනෙහස අහිමි විය හැකියි. ඒ නිසා තිර පිටපත් තෝරා ගැනීමේදී නිතර පරෙස්සම් වෙනවා.

🔴 ඔබ නිළිකමට යොමු වුණේ ඔබේ මව ‘සෝමලතා සුබසිංහ’ වූ හේතුවටද?
අම්මගේ අනුග්‍රහය මත තමයි එය සිදුවූයේ. ඒ වගේම ඇගේ ජාන මා තුළද තිබුණා. හැබැයි රංගවේදිනියක වූයේ මමත් එයට යම් කැමැත්තක සිටි නිසයි. ඒ කැමැත්ත තුළ වූයේ හීනයක් සැබෑකර ගැනීමේ ආශාවක් නම් නෙවෙයි. මගේ හීනය තුළ සිටියේ ගුරුවරියක්. නිළිකමට මැදි වුණේ පුංචි කෙල්ලක කාලේ ඉඳන්ම වේදිකාව මට බොහෝ හුරුව තිබූ නිසයි.

🔴 අම්මා ප්‍රවීණ රංගවේදිනියක වීම, ඔබට හොඳ නිර්මාණකරුවන් සමග ගැටීමේ වාසනාව උදා කළා?
සම්පූර්ණ වැරැදි නිගමනයක්. සෝමලතා සුබසිංහ නම් ප්‍රවීණ රංගවේදිනියගේ දියණිය වීම තුළ මම රංගනයට ප්‍රවිෂ්ට වීම වඩාත් අපහසු කාරණයක් වුණා. අම්මා මට දුන් මුල් උපදෙස වුණේ කරන්නන්වාලේ රංගනයට යොමු වීම කිසිදා නොකරන්න කියලයි. අනෙක ඈ මට කිව්වා… සෝමලතා සුබසිංහගේ දුව ලෙස නොව කෞෂල්‍යා ප්‍රනාන්දු ලෙස රංගනය ජයගන්න කියලා.
ඒ කාලේ දැන් වාගේ නාට්‍ය සහ රංග කලාව සඳහා පන්ති පාඨමාලා තිබුණේ නැහැ. මම වේදිකාව කියෙව්වා. වේදිකාව ශ්‍රවණය කළා. එය නැරැඹුවා. ඒ අතර අම්මා ආරම්භ කොට තිබූ ළමා නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක වුණා. අන්න එතැනදී වේදිකාව තුළ අණසක පතුරුවා සිටි ප්‍රවීණයන්ගෙන් මට ආරාධනා ලැබුණා. ඒ ගමන ඉදිරියට යන විට උසස් නිර්මාණකරුවන් ඇසුරු කිරීමේ වරම තුළ මම හොඳ නිර්මාණ සඳහා දායක වෙමින් වෘත්තීමය වශයෙන් රංගනයට පිවිසුණා.

🔴 වේදිකාව තුළ ප්‍රවීණත්වයට පත් ඔබ පළමුව කැමරාවක් අබියස සිටගත්තේ හඳගමගේ ආරාධනයටයි?
ඔව්… ‘දුන්හිඳ අද්දර’ට මට ආරාධනා කළාට මම අශෝක හඳගමට ස්තුති කරනවා.

🔴 එය ඔබේ විශිෂ්ට රංගනයක්, හඳගම එය අගය කළාද?
නැහැ… ඔහු එය අගය කළේ නැහැ… ඔහු එහෙම කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඒක හරි නැහැ. මම හිතපු විදිය නෙවෙයි’ කියා ඔහු නොකියන්නේ යම් රූගත කිරීමක් සාර්ථක වූ විට කියලයි මම හිතන්නේ.

🔴 ඔබ රංගනයට මැදිවන්නේ අම්මාගේ රංගන ශෛලියන් තුළින් ගත් යමක් හරහාද?
කවදාවත් මම ඇයව කොපි කළේ නැහැ. හැබැයි ඇයගෙන් උගත් දේ අපමණයි. මම බොහෝ තැන්වල චරිතයනට ආරූඪ වන්නේ මගේ වටපිටාවේ සිටින සජීවී සැබෑ චරිත තුළින්. නිවෙසක මෙහෙකාරියක්, දරුවන් සමග නිතර වෙහෙස වන මවක්… කම්කරු ගැමිලියක්, ඇඟලුම් කම්හලක සේවිකාවක්… වැනි අයගේ හැසිරීම් සහ දිවි රටාවන් මම මට ලැබෙන තිර පිටපත් සඳහා ආභාෂයට ගන්නවා.

🔴 ප්‍රවීණ, දේශීය සහ විදේශීය නිළියන්ගෙන් ඔබ යම් කිසිවක් සියුම්ව සොරාගත් අවස්ථා නැතිද?
තියෙනවා… ඔබ කීවා වාගෙම මම ස්වර්ණා මල්ලවආරච්චි, චාන්දනී සෙනෙවිරත්න සහ මෙරිල් ස්ටී්‍රෆ් වැනි අයගේ රංගන චර්යාවන් තුළින් යම් යම් දෑ උකහා ගත් තැන් තිබෙනවා.
ඒ වාගේම හිටපු උතුරු ඉන්දීය නිළි ‘ස්මිතා පටෙල්’ගේ රංගන ශෛලියටද මම ඉතාම මනාපයි. ඈ මට සුවිශේෂී කෙනෙක්.

🔴 ඒ ඔබ ‘ස්මිතා පටෙල්’ගේ පෙනුමට මඳක් සමාන නිසාද?
ඔබ මට සරදමක් කරනවාද මන්දා… ස්මිතා පටෙල් ඉතාම හැඩකාරයි. කෞෂල්‍යා ප්‍රනාන්දු කියන්නේ සාමාන්‍යයන් අතරද ඉතාම සාමාන්‍ය පෙනුමක් ඇති කෙනෙක්. තරුවක් නොවූ මම චරිතාංග නිළියක වූයේද ඒ පෙනුම නිසයි.

🔴 ඔබ සිටින්නේ ඔබ ගැන පැහැදිලි වැටහීමක?
සත්තකින්ම… මම කවුද… සිටිය යුතු තැන කොතැනද… මට රිසි, නොරිසි දෑ මොනවාද යන්න මම හොඳින්ම දන්නවා.
– දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තුන්කට්ටුව ලංකාවට එයි! මීගමුවේ හෝටලයකට අරන් යයි!!

Next Post

කොරෝනා එක්ක නොබියව සටන් වැදුණු පත්තරකාරියකගේ හෘදය සාක්ෂිය!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Sri...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.