එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා වූ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන අය අද (29) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ.
දහවල් 1.15ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම ක්‍රීඩකයන් තිදෙනා නිරෝධානය සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයකට යොමු කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ නිරෝධානය සඳහා වැය වන මුදල් අදාල ක්‍රීඩකයන්ගෙන් අයකර ගැනීමට බලාපොරොත්තු වන බවයි.










