• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දහස් ගණනක් පිරිවර රැගෙන පොසොන් එකට විතරක් මිහින්තලේ යන අමුත්තා

June 26, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දහස් ගණනක් පිරිවර රැගෙන පොසොන් එකට විතරක් මිහින්තලේ යන අමුත්තා
Share on WhatsAppShare on Facebook

මහාවංශයේ දුම්රිය පරිච්ඡේදය ලිවීම ආරම්භ වූයේ බි්‍රතාන්‍යයන් මෙරට පාලනය කරන සමයේදීය. එසේ බි්‍රතාන්‍යයන් දුම්රිය මාර්ග ඉදිකොට දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය කළේ මෙරට ජනතාවට වන්දනා ගමන් යාමට නොව බි්‍රතාන්‍ය වතු නිෂ්පාදන පහසුවෙන් කොළඹට ගෙන ඒම සඳහාය. මේ නිසා රට පුරා විහිදුණු දුම්රිය මාර්ග පද්ධතියක් මෙරටට හිමිවිය. මාතර, බදුල්ල, මාතලේ, කන්කසන්තුරේ, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, පුත්තලම මෙන්ම නුවරඑළිය, යටියන්තොට, ඕපනායක වැනි ප්‍රදේශ දක්වාම විහිදුණු රටේ සෑම ප්‍රධාන නගරයක්ම පාහේ ආවරණය වූ දුම්රිය මාර්ග පද්ධතියක් බි්‍රතාන්‍යයන් මෙරටට දායාද කළත්, ඕපනායක වැනි වටිනා දුම්රිය මාර්ග පසුකාලීනව ගලවාදැමූ නිසා අප අලුත් දුම්රිය මාර්ග සෑදීම කෙසේ වෙතත් සුද්දා හදාදුන් ටික හෝ රැක නොගත් පිරිසක් බවට පත් වූ විවේචනයක්ද විය. සුද්දාගෙන් පසුව දුම්රිය මාර්ග පද්ධතිය කොටකරනු විනා එක අඟලක් හෝ දුම්රිය මාර්ගය දික්කර ගැනීමට අප සමත් නොවූ බවට චෝදනාවක්ද මේ නිසා එල්ල විය.

නමුත් දැන් ඒ චෝදනාව ඒ තරම්ම වලංගු නැත. ඊට හේතු වන්නේ රත්නපුර මාර්ගය වැනි වටිනා මාර්ගයක් අහිමිකරගත් නමුත් මේ වන විට සුළුවෙන් හෝ දුම්රිය මාර්ගය යළි දික්කර ගැනීමට අප සමත් වීම නිසාය. මෙසේ සුද්දාගෙන් පසුව අපේ දුම්රිය මාර්ග පද්ධතිය දික්කිරීම පමණක් නොව වාණිජ අරමුණු වෙනුවට වන්දනාවේ යාම සඳහාම දුම්රිය මාර්ගයක් ඉදිකර ගැනීමටද අපට හැකිවිය. මෙසේ අප ඉදිකරගත් දුම්රිය මාර්ගය වන්නේ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර දුම්රිය ස්ථානය පසුකර යනවිට හමුවන මිහින්තලේ හන්දිය දුම්රිය ස්ථානයෙන් ආරම්භවී මිහින්තලය නගරය දක්වා දිවෙන සැතපුම් 08ක පමණ දිගකින් යුත් පුළුල් ආමාන දුම්රිය මාර්ගයයි.

අනුරාධපුර – මිහින්තලය දුම්රිය මාර්ගය ඉදිවන්නේ 1993 වර්ෂයේදී එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අදහසක් අනුවය. සිංහලයන්ගේ ප්‍රධාන ආගමික උත්සව කාලසීමාවක් වන පොසොන් සමයේදී අනුරාධපුරය හා මිහින්තලය ජන ගඟකින් පිරී ඉතිරීයන අතර ලක්ෂ 20ක පමණ වන්දනාකරුවන් පිරිසක් එක්රැස් වේ. මෙලෙස අධික ජන සංඛ්‍යාවක් එක්රැස්වීම නිසා ඇතිවන තදබදය පාලනය කිරීම සඳහා සාර්ථක විසඳුමක් ලෙස අනුරාධපුරය හා මිහින්තලය යන දෙනුවර යාකරමින් දුම්රියක් ධාවනය කළ යුතු බව ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අදහස වී තිබේ. අනුව 1993 වසරේ මිහින්තලය කේන්ද්‍රීයව පැවැති “ගම් උදාව” වැඩසටහනට සමගාමීව දුම්රිය මාර්ගයක් හා මිහින්තලයේ දුම්රිය ස්ථානයක් ඉදිකොට වන්දනාකරුවන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු කරන ලදී. මේ අනුව සංස්කෘතිකමය කටයුත්තක් මුල් කරගත් පළමු දුම්රිය ලෙසද මිහින්තලය දුම්රිය සැලකිය හැකිය.

මිහින්තලා දුම්රිය මඟ ඉදිකිරීමේ ඍජු අරමුණ වන්දනාකරුවන් වුවත්, මිහිඳු මාහිමියන් මෙරටට වැඩමකර වසර 2,300ක් සපිරීම නිමිතිකරගෙන මිහිඳු ජයන්තියට ගරුකිරීමක් වශයෙන් මෙරට සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය ලෙස සලකා මිහින්තලය දෙවැනි අගනුවරක් ලෙස දියුණු කිරීමේ සැලැස්මක්ද තිබූ අතර මිහින්තලය එවැනි නගරයක් ලෙස දියුණුවීමේදී දුම්රිය ඉතා වැදගත් අංගයක් ලෙස සලකනු ලැබිණි. එවකට පැවැති නගර සැලසුම් දෙපාර්තමේන්තුව ඒ සඳහා සැලසුම් කළ අතර දුම්රිය ස්ථානය සමග අනෙකුත් රාජ්‍ය ආයතන හා විශ්වවිද්‍යාලයක්ද සංවර්ධනය කිරීමට නියමිත විය. මිහින්තලය අවට ගොවිබිම් විශාල ලෙස පවතින නිසා ආර්ථික මධ්‍යස්ථානයක් හරහා කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයටද මෙම දුම්රිය මඟ යොදාගත හැකි බවට අදහස් ඉදිරිපත් වී තිබිණි.

ඒ අනුව සරුසාර කුඹුරු යායක් හා වන ගොමුවකින් මැදිවූ ආකර්ෂණීය සුන්දර පරිසරයක් මැදින් කිලෝමීටර් 13.5ක දිගකින් යුත් මේ දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ වූ නමුත් එය ඉදිකිරීමට මුල්වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ හදිසි වියෝව නිසා එහි අවසානය දැකීමට එතුමාට නොහැකි විය. නමුත් ඉතා සාර්ථකව නිමැවුණු දුම්රිය මඟ හා දුම්රිය ස්ථානය එවකට සභානායක හා මහාමාර්ග හා ප්‍රවාහන ඇමැතිවරයා වූ විජයපාල මෙන්ඩිස් මහතා විසින් 1993 මැයි 28 වැනිදා පොසොන් වන්දනාකරුවන් වෙනුවෙන් විවෘතකරන ලදී. වන්දනාවට අමතරව මේ දුම්රිය මගින් ගතහැකි බොහෝ ප්‍රයෝජන පිළිබඳ ආරම්භයේ සිටම විවිධ සාකච්ඡා පැවැතියත් දුම්රිය මඟ විවෘත කළදා සිටම අද දක්වාම භාවිතයට ගැනෙන්නේ පොසොන් වන්දනාව සඳහා පමණි. එනම් මේ දුම්රිය මඟෙහි දුම්රියක් ගමන් ගන්නේ පොසොන් පොහොය යෙදෙන දිනවලදී පමණි.

වසරේ දින තුනක් පමණක් දුම්රිය ධාවනය වන මේ අපූර්ව දුම්රිය මාර්ගයේ පොසොන් සමයේ දිනකට දුම්රිය ගමන් වාර 35 (යාම් 35 හා ඊම් 35) පමණ සිදුවේ. අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලේ හන්දිය දක්වා උතුරු දුම්රිය මාර්ගයේම එන මිහින්තලා පොසොන් දුම්රිය මිහින්තලා හන්දිය දුම්රිය මංසන්ධියෙන් හැරී මිහින්තලය කරා දිවයයි. කෙටි දුම්රිය මාර්ගයක් වුවද මේ දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය නැවතුම් දෙකක් හමුවේ. ඒ “සමගි පුර” හා “අශෝක පුර” යන දුම්රිය ස්ථානයන්ය. ලංකාවේ දුම්රිය මාර්ගයන්හි දුම්රිය ගමන් කිරීම සඳහා විද්‍යුත් සංඥා හෝ ටැබ්ලට් ක්‍රම භාවිත කළත් වසරේ දින තුනක් පමණක් ගමන් කරන නිසා මේ මාර්ගයේ භාවිත වන්නේ ටෝකන් ක්‍රමයකි. සාමාන්‍යයෙන් දුම්රියෙහි ගමන් කිරීමට මුදල් ගෙවා ටිකට් පතක් ලබාගත යුතු නමුත් මේ මාර්ගයේ වන්දනාවෙහි යෙදෙන වන්දනාකරුවන්ට මුදල් ගෙවා ටිකට් පතක් ලබාගැනීමට සිදුවන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විට මෙම මාර්ගයේ නොමිලයේ ගමන් ගැනීමේ වරම වන්දනාකරුවන්ට හිමිවෙයි. ඊට හේතුවන්නේ විවිධ ආයතන පොසොන් දුම්රිය වෙනුවෙන් අනුග්‍රාහකත්වය සපයා මගීන්ට නොමිලයේ ගමන් පහසුව සලසා දීමයි. මේ නිසා පොසොන් සමයේ රටෙහි ඕනෑම දුම්රිය ස්ථානයක සිට අනුරාධපුර දුම්රිය ස්ථානයට නිකුත් කරන ලද වලංගු ප්‍රවේශ පත්‍රයක් හෝ අදාළ සමාගම හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව අනුරාධපුර හා මිහින්තලය දුම්රිය ස්ථාන මගින් නොමිලයේ නිකුත් කරන ප්‍රවේශ පත්‍ර භාවිතයෙන් මිහින්තලය සිට අනුරාධපුරය දක්වා ගමන් පහසුව සලසා ගත හැකිය.

කොළඹ සිට කිලෝමීටර් 218ක දුරකින් පිහිටා ඇති මිහින්තලාව දුම්රිය ස්ථානයද ඉදිකොට ඇත්තේ පොසොන් වන්දනාකරුවන්ට අවශ්‍ය විශ්‍රාම ශාලා, වැසිකිළි කැසිකිළි පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා සහිතවය. මේ නිසා මෙරට අනෙක් දුම්රිය ස්ථානයන් සතුව නොමැති විශේෂ පහසුකම් රැසක්ද මිහින්තලා දුම්රිය ස්ථානය සතුව පවතී. නමුත් පොසොන් කාලයට පමණක් දුම්රිය ධාවනය වන නිසා පොසොන් උත්සවය නිමාවී ටික කලක් ගතවන විට දුම්රිය ස්ථනය හා එහි අවශේෂ ගොඩනැගිලි මෙන්ම දුම්රිය මාර්ගයද කැලෑවට යටවීම සිදුවේ. මේ නිසා සෑම වසරකම පොසොන් සමයට මාස 03කට පමණ පෙර සිට මේ මාර්ගය හා දුම්රිය ස්ථානය පිරිසිදු කොට අලුත්වැඩියා කටයුතු ඇරඹෙන අතර වන්දනා ගමන් කාලයට දුම්රිය ස්ථානාධිපතිවරයකු ඇතුළු කාර්යමණ්ඩලයක්ද මිහින්තල දුම්රිය ස්ථානයට අනුයුක්ත කෙරේ.

වර්තමානයේ පොසොන් සමයේ පමණක් දුම්රිය ධාවනය වුවත් පොසොන් සමයට පරිබාහිරව මේ මාර්ගයේ දුම්රියන් ධාවනයට අවස්ථා කිහිපයකදී උත්සාහ ගැනුණද ඒවා වැඩි කල් පවත්වාගෙන යාමට නොහැකි වී තිබේ. රේල් බස් රථයක් මෙහි ධාවනයට උත්සාහ කළද එයද ඉතා කෙටි කලකින් නැවතී තිබේ. නමුත් වඩා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් මේ දුම්රිය මාර්ගයෙන් වසරේ සෑම කාලයකම ප්‍රයෝජන ගතහැකි බව ඒ පිළිබඳ උනන්දුසහගත පුද්ගලයන්ගේ මතය වී තිබේ. ඒ-9 හා ඒ-12 මාර්ග හරහා රටේ සිව් දෙසටම විවෘත වූ මිහින්තලය මේ වන විට රාජ්‍ය ආයතන රැසකින් යුත් ජනාකීර්ණ නගරයකි. මෙරට ප්‍රධාන සරසවියක් වන රජරට විශ්වවිද්‍යාලය මිහින්තලය දුම්රිය ස්ථානයට යාබදව පිහිටා තිබේ.

මේ නිසා රජරට ප්‍රධාන නගරය වූ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ඍජු අඛණ්ඩ ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය අතර ඒ සඳහා මේ දුම්රිය මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්, රාජ්‍ය සේවකයන්, පාසල් සිසුන්ටද ප්‍රවාහන පහසුකම් සැපයිය හැකිය. මිහින්තලය ගොවි බිම් මැදිකර ගත් නගරයකි. මේ මාර්ගයේ හමුවන අනෙක් දුම්රිය ස්ථාන දෙක අවටද විශාල ගොවිබිම් පවතී. මේ නිසා මේ කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයටද දුම්රිය හොඳ මාධ්‍යයකි. මිහින්තලයේ ඓතිහාසික උරුමය නිසා මිහින්තලය වන්දනා කිරීමට පොසොන් පොහොයට අමතරව වෙනත් දිනවලද විශාල පිරිසක් පැමිණේ.

එබැවින් දෛනිකව පැමිණෙන ජනතාවට මෙන්ම දේශීය හා විදේශීය සංචාරකයන්ටද මේ දුම්රිය මග හරහා ඉහළ සේවාවක් ලබාදිය හැකිය. දුම්රිය බලධාරීන් ඒ පිළිබඳ සොයා බලන්නේ නම් එය වටිනා ජාතික මෙහෙවරක් වනු ඇත.

කෙසේ නමුත් ආරම්භයේ සිට පොසොන් සමයට හෝ අඛණ්ඩව ධාවනය වූ මේ දුම්රිය පසුගිය වසරේ පොසොන් සමයේදී ධාවනය නොවීය. ඒ, කොරෝනා වසංගතයත් සමග පොසොන් උත්සවය නොපැවැත්වීමෙනි. මෙවරද පොසොන් දුම්රියේ ගමනට කොරෝනා හරස් වී තිබේ. එබැවින් අපට ඉතිරිවී ඇත්තේ ලබන වසරේ හෝ දුම්රියෙන් ගොස් මිහින්තලය වැඳපුදා ගැනීමට ලැබේවා යැයි ප්‍රාර්ථනා කොට පින් රැස්කර ගැනීම පමණි.

ඡායාරූප – අන්තර්ජාලයෙනි
අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

දුමින්දට බස්නාහිර මහඇමැතිකම!

Next Post

‘සාරභූමි’ ණය පිරිනැමීමට මහජන බැංකුවේ සභාපති නිරීක්ෂණ චාරිකාවක

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.