• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මන්ත්‍රී බිරිය පසුපස ආ මියගිය ගෝලයා…

June 23, 2021
in Mahawanshaya
Reading Time: 9 mins read
A A
මන්ත්‍රී බිරිය පසුපස ආ මියගිය ගෝලයා…
Share on WhatsAppShare on Facebook

මාව බොරුවට මැරුවේ ඒක නිසයි මං ආවේ…
මං නිකන් යන්නේ නෑ මට බිල්ලක් ඕන…

දිනය සෙනසුරාදාවකි. අනුරාධපුර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කපුමහතකු වූ බණ්ඩාර මහතාගේ දේවාලය ඉදිරිපිට ජනතාව විශාල පිරිසක් එක්රැස්ව සිටියේ තම වේලාව එළැඹි පසු කපුමහතා හමුවී තමාගේ අවශ්‍යතාව පවසා පිළිසරණක් ලබාගන්නා අදහසෙනි. කෙම්මුර දිනක් වූ නිසාම බණ්ඩාර මහතා සිටියේ දැඩි කාර්යබහුල ස්වභාවයකිනි. තම තමන්ගේ අංකය උදාවන තුරු නොඉවසිල්ලෙන් සිටින ජනතාව දෙස විටින් විට සිය කණ්ණාඩියට උඩින් බලන්නට පුරුදුව සිටි බණ්ඩාර මහතා විනාඩි විස්සකට පමණ වතාවක් එලෙස බලන්නේ පුරුද්දටය.

ඔහුට එම පිරිස පෙනෙන්නේ වීදුරු ජනේලයේ කෙළවරකිනි. පිටත සිටින්නවුන්ගේ කලබල මුහුණු දකින සෑම විටම බණ්ඩාර මහතාට යම් කලබලයක් සහ උනන්දුවක් ඇතිවන්නේය. එහෙයින් එක් අයකු වෙනුවන් යොදවන කාලය තරමක් අඩු වුවද ඒ සෑම අයකුටම උපරිම සාධාරණයක් කරන්නට බණ්ඩාර මහතා උත්සාහ කරයි. එය ඔහුගේ පුරුද්දකි. තමන් ළඟට එන කිසිවකුට අසාධාරණයක් කරන්නට ඔහු අකැමැතිය.

මොහොතක නිහැඬියාව එක්වරම බිඳීගියේ වේගයෙන් පැමිණි ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයේ තිරිංග තදවූ ශබ්දය සමගිනි. බණ්ඩාර මහතා කණ්ණාඩියට උඩින් සුපුරුදු බැල්ම හෙළුවේය. ඒත් සමගම ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක්ද එහි නතර විය.

“මන්ත්‍රීතුමා මේ පැත්තේ”

තමාටම එසේ කියාගත් බණ්ඩාර මහතා වෙනසකින් තොරව සිය කටයුත්ත කරගෙන ගියේය. ඒ අතරේ පැමිණ සිටි අනෙකුත් පිරිස පසුපසට වී රථයෙන් බැසගත් මන්ත්‍රීවරයාට ඉඩ ලබාදුන්නේ ගරුසරු දක්වමිනි. මන්ත්‍රීවරයා කිසි වගවිභාගයකින් තොරව බණ්ඩාර මහතා සිටි කාමරයට වැදුණේය.

“ආ මන්ත්‍රීතුමා ඔහොම ඩිංගක් ඉන්නකො. මං මේ මහත්තයාගේ කටයුත්ත අහවර කරලා කතා කරන්නම්”

කාට බය නැතත් දෙවියන්ට සහ යක්කුන්ට බය මන්ත්‍රීවරයා බණ්ඩාර කපුමහතාගේ වචනයට කීකරු වූයේ අවට සිටියවුන්ගේ මුහුණු දෙස බලමිනි. අවසානයේ තමන් කරමින් සිටි කාර්යය අවසන් කළ බණ්ඩාර මහතා මන්ත්‍රීවරයාට කතා කළේය.

“මන්ත්‍රීතුමා එන්න කියලා කිව්වාට, එන්න යන්න වෙලාවක් තියෙන එකක්යැ, දෙවියන්ගෙ රාජකාරියට බොරු බැහැනේ…”
“හ්ම්… ඒකට කමක් නෑ කපුමහත්තයා…. මං මේ ආවේ මේ දැන් මාස හත අටක ඉඳලා මගේ නෝනා හරි අමුතුයි. රෑට කෑගහනවා. හිනාවෙනවා. බයවෙනවා… අඬනවා… මට ගහන්න හදනවා. මේ ළඟදි මගේ පිස්තෝලෙ අරගෙන මට වෙඩිතියන්නත් හැදුවා…”

මන්ත්‍රීවරයා කියාගෙන ගියේ තරමක් රහසිනි.

“ඇත්තද, ම්…. එහෙනම් ඔබතුමා හෙට නෝනා එක්ක දේවාලයට එන්න. අපි බලමු….”

බණ්ඩාර මහතාගේ පිළිතුර අනුව පසුදා උදෑසනින්ම ආපසු එන්න පොරොන්දු වූ මන්ත්‍රීවරයා යන්නට ගියේය. ඒ අනුව ඊට පසු දින කියූ වේලාවටම මන්ත්‍රීවරයා බණ්ඩාර මහතා හමුවට ආවේ සිය බිරියද සමගය.

“මළගිය ප්‍රාණකාරයෙක් වගේ. මන්ත්‍රී බිරිය පරීක්ෂා කළ බණ්ඩාර මහතා පැවැසුවේ තරමක් ගැඹුරු කටහඬකිනි.”

“අපි මොකක්ද කරන්නේ කපුමහත්තයා… ඕකව එළවලා දාන්න බැරිද? මගේ කට්ටිය ඕනෙ උදව්වක් කරයි බණ්ඩාර මහත්තයට”

“මන්ත්‍රීතුමා, මිනිස්සු පන්නනවා වගේ යක්කු පෙරේතයො පන්නන්න බෑ. ඒකට ක්‍රමයක් තියෙනවා”

“එහෙමයි…”

“මං බඩු ලැයිස්තුවක් දෙන්නම්. ඒක ලෑස්ති කරලා ලබන බදාදට මට එන්න මොකක් හරි වාහනයක් එවන්ඩ. අපි බලමු”

“හොඳයි”

මන්ත්‍රීවරයා එදිනම අවශ්‍ය බඩු ලැයිස්තුව සපුරාගත්තේ බිරියගේ තත්ත්වය එතරම් සුබ නොවූ නිසාය. ඒ අනුව ඊට පසු බදාදා දිනයේ බණ්ඩාර මහතා කැඳවාගෙන ඒනනට ගියේද මන්ත්‍රීවරයාමය.

අවශ්‍ය පූජා ක්‍රම සකස් කර සියලු කටයුතු අවසන් කළ බණ්ඩාර මහතා, රාත්‍රී හතට පමණ පූජාව පටන් ගත්තේය. හෝරාවක් දෙකක් ගතවෙද්දී මන්ත්‍රී බිරිය ආරූඪයෙන් මෙන් දඟලන්නට පටන් ගත්තේය. ඒ අතරේ බණ්ඩාර මහතා පොල් මලත්, ගිනි පන්දමත් ගෙන ඇය අසලට ආවේ මන්ත්‍ර ජපය අතරතුරමය. මන්ත්‍රී බිරිය හිස සොලවමින් මොන මොනවදෝ මුමුනමින් උන්නාය.

“ඇහෙනවද මං කියන දේ…?”

බණ්ඩාර මහතා ඇගෙන් ඇසුවේය. ඊට ඇගෙන් ප්‍රතිචාරයක් නොවූ තැන බණ්ඩාර මහතා සිය කතාවේ ස්වභාවය වෙනස් කර තරමක් රළු කේන්ති හඬක් නඟා කතා කරන්නට පටන් ගත්තේය.

“කියනවා තමුන්ට ඇහෙනවද මගේ කටහඬ?”

“ඔව්… ඇහෙනවා… මට ඇහෙනවා…”

ඇය කතා කළේ පිරිමියකු මෙනි. මෙය අසා සිටි මන්ත්‍රීවරයාගේ සෙසු පිරිසගේත් මුහුණු අමුතු විය.

“කවුද තමුන්?”

“හහ් හහ් හා… මං නිමල්… ඔව්… නිමල්… හැබැයි මං යන්නෙ නෑ… යන්නෙම නෑ… නෝනා දාලා යන්නෙ නෑ…”

“නිමල්, මොන නිමල්ද? ඇයි ඉතින් ආවේ…?”

“මං මෙහෙ හිටපු නිමල්. මන්තිරියා මගෙන් වැඩ අරන් අරන් මාව බොරු වරදකට පටලලා හිරේ ඇරියා. අන්තිමට මං එළියට එන දවසෙ වෙඩිතියලා මැරුවා. මං ඒකේ පලිය ගන්ඩ ආවේ… ඔව්… මන්තිරියා හිතුවේ මං නෝනා එක්ක යාළුයි කියලා. හ්ම් නෝනයි එදා මං නනා හිටපු තැනට ආවේ. ඔව්… නෝනයි ආවේ… ඒක තමයි මන්තිරියා දැක්කේ. මං නිකන් යන්නෙ නෑ. මට ඕකගෙ ඔළුව ඕන… ඔව් ඔළුව ඕන…”

“නෑ එහෙම නෙවෙයි බිල්ලක් දෙන්නම්. හැබැයි… නොගියොත් බැඳලා දානවා…”

“හහ් හහ් හා… එතකොට මං මන්තිරියගෙ අනිත් නෝනා ළඟට යනවා…”

බණ්ඩාර මහතා කිහිප වතාවක්ම මන්ත්‍රීවරයා දෙස බැලුවේය.

“නෑ එහෙම නෙවෙයි. යන්න එන්න බැරිවෙන්න හිරකරලා මුහුදටම දානවා…”

බණ්ඩාර මහතා යළිත් මතුරන්නට විය. එවර ඇගේ හඬ වේදනාබර විය.

“එපා එපා… මං යන්නම්. මට බිල්ලක් ඕන. බිල්ලක් ඕන…”

අවසානයේ කුකුළු බිල්ලක් දී ආත්මය පලවා හැර ඇයට ඇප නූලක් දැමූ බණ්ඩාර මහතා පාන්දර යාමයේ සියල්ල අවසන් කළේය. ඇය නින්දෙන් ඇහැරුණාක් මෙන් වටපිට බැලුවාය.

“කපුමහත්තයා මේක තියාගන්න. කාටවත් මේවා කියන්න එපා.”

මන්ත්‍රීවරයා දාහේ නෝට්ටු මිටියක් ගෙනැවිත් බණ්ඩාර මහතා අත තැබීය.

“කීයක්ද මෙතන?”

“ලක්ෂ පහක් ඇති…”

“එපා… මගේ ගාස්තුව විතරක් දෙන්න. ඒ ඇති. මේවා දෙවියන්ගෙ වැඩ නේ…”

SendShareShare
Previous Post

කැස්බෑවන් මළේ රසායනික කාන්දුවකින්!! සී.බී. උත්තර දුන්නේ ගොඩහේවාටද?

Next Post

LTTE හිටපු හතක් හෙට නිදහස්!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.