• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දොළදුක් කාලේ සැඟවුණු රහස්…

June 16, 2021
in Astrology
Reading Time: 2 mins read
A A
දොළදුක් කාලේ සැඟවුණු රහස්…
Share on WhatsAppShare on Facebook

ජීවිතයේ දෙවැනි උපත වන විවාහයේ ප්‍රධාන බලාපොරොත්තුව නිරෝගී, රුවැති දරුවකුගේ සුරතල් බැලීමයි. කාන්තාවකට දරුවකු ලැබීමෙන් ඇය ලොව ඇති උතුම්ම පදවියට එනම් මවු පදවියට උරුමකම් කියනු ලබයි. ගර්භණී සමයේදී කාන්තාවකට ශරීරයේ විවිධ වෙනස්කම් ඇතිවේ. එමෙන්ම අවට සිටින සැමගේ උදව් උපකාර, රසවත් කෑම බීම, ගරු සැලකිලි, ආදරය, කරුණාව නොඅඩුව ලැබේ. සිය සැමියාගෙන්ද ඉහළ සැලකිලි ලබන කාලයක් ලෙස ගර්භණී කාලය සැලකිය හැකිය. දරුවා පිළිසිඳ ගත් දා පටන් මව එම දරුවා වෙනුවෙන්ම කැපවේ. දරුවා ගැන පමණක් සිතයි. එනිසාම දරුවාට කුස තුළදී සිය මව සිතන පතන දේ, කරන කියන දේ හොඳින් තේරුම් යයි. එමෙන්ම දරුවාට අවශ්‍ය දේ, අනවශ්‍ය දේ, දරුවා කැමැති අකැමැති දේ මවට හොඳින් දැනේ. දොළදුක ලෙස දැනෙනුයේද දරුවාට පෝෂණය පිණිස අවශ්‍ය හෝ දරුවා කැමැති දේවල්ය.

කාන්තාවක් ගැබිනියක් වූ පසු මුල් මාස 3 යන තුරු ඈලිමෑලි දුබල ගතිය, ආහාර අරුචිය හා වමනය වැනි සංකූලතා ඇතිවේ. දොළදුක ඇතිවනුයේ 4 වැනි මාසයේ සිටය. දොළදුක යනු ගැබිනි සමයේ කාන්තාවකට ඇතිවන විවිධ ආශාවන්ය. මෙම ආශාවන් අතර කෑම බීම සඳහා ඇතිවන ආශාව ප්‍රධාන ස්ථානයක් ගනී. ඊට අමතරව යම් ස්ථාන කරා යෑමට ඇති ආශාව, විවිධ සුවඳ වර්ග විඳීමේ ආශාවද බොහෝ ගැබිනි මවුවරුන් තුළින් දැකිය හැකිය.

ගර්භණී වීමත් සමග ඇතිවන දොළදුක බටහිර රටවල පිළිනොගනී. නමුත් ඉන්දියාව, ලංකාව, පාකිස්තානය, චීනය, ජපානය හා කොරියාව යන රටවල එය බොහෝ දුරට පිළිගනී. එමෙන්ම ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල දොළදුක් කාලයට එම ගැබිනි කාන්තාව කෑමට ප්‍රිය ආහාර වර්ග සූදානම් කර තම නිවෙසේ ප්‍රිය සම්භාෂණ ආකාරයට උත්සව පවත්වයි. එහිදී ගැබිනියගේ හා ඇගේ සැමියාගේ ඥාතීන් හා යහළුවන් ඊට ආරාධනා ලබන අතර ඔවුන් ගැබිනි කාන්තාව සමග බොහෝ විනෝද වී ඇගේ මනදොළ සතුටින් පුරවාලයි.

ඒ තුළින් දරුවාගේ මනසේ වර්ධනය හා දරුවාට සතුටු සුවය භුක්ති විඳීමට දීම අරමුණයි. මොවුන් කරන මෙම ක්‍රියාව ජ්‍යොතිෂ ඇසින් බැලුවහොත් එහි විශාල අරුතක්ද වේ. මෙසේ ගැබිනිය කෑමට කැමැති ආහාර විශාල පිරිසකට දානයක් ලෙස දීම හේතුවෙන් එම ගැබිනියට යම් අපල තත්ත්වයක්, මාරකයක් වේ නම් ආහාර දන් දීමේ පිනේ ආනුභාවයෙන් එම අපල තත්ත්වය දුරුවී හෝ අවම වී යනු ඇත.

දොළදුක් කාලය තුළ ඇතිවන ආශාවන් අනුව ලැබීමට සිටින දරුවා පිළිබඳ අනාවැකි කීමද පැරැන්නන් තුළ තිබූ සිරිතකි. පලතුරු වර්ග කෑමට ආශාවක් ගැබිනි කාන්තාවට ඇතිවුවහොත් උපදින්නට සිටින බිලිඳා යහපත් ආත්මභවයක සිට මවු කුල පිළිසිඳ ගත් අයකු බවත්, ඔහු හෝ ඇය සමාජයේ ගුණධර්ම ඇති අයකු ලෙස ජීවත් වන බවත් මතයයි.

මස් මාංශ ආහාරයට ගැනීමට ප්‍රිය වීම, දුගඳ ආග්‍රහනයට ප්‍රිය වීම සිදුවුවහොත් දරුවා නරක ආත්ම භවයක සිට මවු කුස පිළිසිඳ ගත් අයකු ලෙසත්, අනාගතයේ බොහෝ නරක ක්‍රියාවල යෙදෙන, සමාජයට හානි පමුණුවන අකාරුණික හා අනාදරය පතුරුවන අයකු ලෙසත් පිළිගැනේ. එලෙසම ගැබිනිය නිතර පන්සල් යෑමට ප්‍රිය වීම, පින් පෙත් කිරීමට ප්‍රිය වීම, දුගී මගී යාචකයන්ට දන් දීමට ප්‍රිය වීම, සුවඳ දුම්, මිහිරි සුවඳ විඳීමට ප්‍රිය වීම තුළින් ලැබෙන්නට සිටින දරුවාගේ විඥානයේ ස්වභාවය මැනගනී.

ඔහු හෝ ඇය පෙර භවයේ යහපත් ආත්ම භවයක සිට චුතුවී මවු කුස පිළිසිඳ ගත් බවත්, අනාගතයේ රටට, දැයට වැඩදායී අයකු ලෙස ජීවිතය ගෙනයන, ගුණගරුක අයකු වේ යැයි පිළිගැනෙන බවත් කියැවේ. නමුත් ආයුර්වේදයේ දොළදුකට කෑමට ආශා හිතෙන ආහාර වර්ග දරුවාගේ ඌනතා සැපිරීමට උපයෝගී වන බව පවසයි. උදාහරණයක් ලෙස පලතුරු, එළවළු කෑමට ආශා වීම මවු කුසේ සිටින ළදරුවාට විටමින් ඌනතාවක් ඇති විට එය පියවා ගැනීමටත්, මස් මාළු කෑමට ආශා වීම දරුවාට ප්‍රෝටීන් ඌනතාවක් ඇති වූ විට එය පියවා ගැනීමටත්, විටමින් සී ඌනතාවක් බිලිඳාට ඇති වූ විට මවට වැඩිපුර ඇඹුල් වර්ග රුචි වීමත් සඳහන් කළ හැකිය.

ආයුර්වේදයේ මෙසේ සැලකුවද බටහිර වෛද්‍ය විද්‍යාවේ දොළදුක හඳුන්වනුයේ ගැබිනි සමයේ ඇතිවන හෝමෝන වෙනස්වීමක් හා ස්නායු උත්තේජනය වී මොළයට ලැබෙන සංඥාවල වෙනස්වීමක් ලෙසය.
ගැබිනියකට යමක් කෑමට හෝ ගමනක් යෑමට දොළදුකක් ඇතිවුවහොත් එය අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු බව පොතපතේ සඳහන්ය. මන්ද එසේ නොවුණහොත් එය දරුවාගේ වර්ධනයට මෙන්ම නිරෝගී බවට බලපාන නිසායි. මවගේ සියලු සිතුම් පැතුම් ඉටුවී මව සතුටින් සිටී නම් කුසේ සිටින දරුවාද සුවෙන් වැඩෙන බව නොරහසකි. මවට දැනෙන සියලු දේත් මව විඳින සියලු දේත් දරුවාද විඳිනු ලබයි. ඒ මව හා දරුවා අතර තිබෙන සම්බන්ධය නිසාය.

ලොව උපදින මනුෂ්‍යයකුට විඳීමට සිදුවන විශාලතම වේදනාව හා උතුම් මවු පදවිය යන දෙකම එක විට භුක්ති විඳීමට යන ගමනේ ඇයට ඇතිවන ඕනෑ එපාකම් සියල්ල සැමියා ප්‍රමුඛ කොට ඇති සියලුම ඥාතීන් විසින් ලබාදීමට තරයේ සිත තබාගත යුතුය. ඇයගේ සිත අසන්තෝෂයෙන් තැබීම ඇයට දුක් පීඩා දීම කිසි විටෙකත් නොකළ යුතුය.
– ජ්‍යොතිෂවේදී, ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

අද මරණ 55ක්!

Next Post

වාරේ නැති සිරි මවන අවාරේ…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.