• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කෙම්මුර දවසට කැලණි පන්සලේ සැරිසරන අමුත්තෝ…

June 9, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කෙම්මුර දවසට කැලණි පන්සලේ සැරිසරන අමුත්තෝ…
Share on WhatsAppShare on Facebook

විටින් විට පෙනුම වෙනස් කරයි…
හිටිහැටියේ පෙනී නොපෙනී යයි…

“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ…” මේ ප්‍රකාශය නොදන්නා කෙනකු නැති තරම්ය. මෙහිදී වරක් යන්න එක්වරක් නොව වසරක් යන්න අදහස් කෙරෙන බවත් විවිධ මත දරන්නන් අතර ප්‍රචලිත අදහසකි. එහෙත් එය එක් වරක්ද, වසරක්ද යන්න ගැටලුවක් වුවද කැලණිය යනු වන්දනා මානයෙන් පිදුම් ලැබීමට සුදුසුකම් සමුදායක් ඇති පුදබිමක් බව නම් රහසක් නොවේ. බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන සිදුවූයේ කැලණියටය. ඒ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාව අනුවය. එලෙස බුදුරජාණන්වහන්සේගේ පා පහස ලද පුණ්‍ය භූමියක් වූ නිසාම කැලනිය එදා මෙදාතුර විශාල පිරිසකගේ වන්දනාවට පාත්‍ර විය. එය ඉදිරියටත් එසේම වනු ඇත.

කෙසේ නමුත් කැලණිය ගැන ජනප්‍රවාදයන්හි එන කතා පුවත් විශාල ප්‍රමාණයකි. ඒ අතරින් ඇතැම් දේ විස්මය දනවන සුළුය. දැනට වසර කිහිපයකට පෙර සිට නිතර නිතර කැලණි පුදබිමට පැමිණ වන්දනාමාන කිරීමට පුරුදුව සිටි පියරත්න මහතා මහත් භක්තියෙන් යුතුව කැලණි පුදබිමට ගරු කරන්නෙකි. හෙතෙම දිනපතාම පාහේ කැලණි පුදබිමේ පැයක් පමණ කාලයක් ගතකර ගත සිත නිවාගන්නේ ඉමහත් සතුටකිනි. එලෙස පැමිණි පියරත්න මහතාට නිතර නිතර කැලනි පුදබිමට පැමිණෙන පිරිස් ගැන ඇත්තේ සුළුපටු මතකයක්ද නොවේ. කෙනකු දුටු පමණින් හඳුනාගන්නටත්, එම පුද්ගලයා කෙතරම් කැලණියට පැමිණ ඇත්ද යන්නත් පිළිබඳ ඔහුට ඇත්තේ දිගු මතකයකි.

ඔය අතරේ එක්තරා සෙනසුරාදාවක පියරත්න මහතා සුපුරුදු ලෙසම කැලණි පුදබිමේ වන්දනාමාන කරමින් සිටින විට තමාට දකුණුපසින් සිටි අමුත්තා ගැන ඇතිවී ඇත්තේ යම් ප්‍රියමනාප හැඟීමකි. අමුත්තා නොසෙල්වී එකම ඉරියව්වෙන් චෛත්‍යයට වැඳ නමස්කාර කරගෙන සිට ඇති අතර පියරත්න මහතා ඇසිපිය නොගසා ඒ දෙස බලාගෙන සිට ඇත්තේ කොයි මොහොතේ හෝ අමුත්තා සමග කතාබස් කරන අදහසිනි. එසේ ගතවූ කාලය පැයකටත් වැඩි මිස අඩු නොවූ හෙයින් මොහොතකට පියරත්න මහතාගේ දෙනෙත් නිදිබර බවකින් පියවී ඇති ඇසිල්ලේ අමුත්තා අතුරුදන්ව තිබුණේය.
මෙම සිදුවීම පියරත්න මහතාට කිසිදා අමතක නොවූ අතර, ඊළඟ සතියේ බදාදා දිනයේත් අර අමුත්තා එම ස්ථානයේ එලෙසින්ම සිටිනු පියරත්න මහතා දුටුවද එදින ජනතාව වැඩි දිනයක් වූ හෙයින් ඔහු එම ස්ථානයට යද්දී එතැන සිට ඇත්තේ එතරම් වෙනස් පෙනුමක් සහිත කෙනෙකි.

මේ ආකාරයට පියරත්න මහතාට අමුත්තාව නිතර නිතර දක්නට ලැබී ඇත්තේ බදාදාටත්, සෙනසුරාදාටත්ය. පියරත්න මහතා අනුමාන කර ඇත්තේ එම දින දෙක පමණක් නිවාඩු ඇති කෙනකු එලෙස පැමිණෙන බවකි. එහෙත් කිසිදු දිනෙක තමන්ට ඔහු සමග කතා කරන්නට නොලැබීම ගැන පියරත්න මහතා සිට ඇත්තේ පසුතැවීමකිනි.
ඔය අතරේ දිනෙක පියරත්න මහතා දුටු දසුනකින් තරමක් අන්ද මන්ද වී තිබේ. ඒ තමන් නිතර දුටු අමුත්තා එක් වරම චෛත්‍යය වෙත ගමන් කර, චෛත්‍යයේ අනෙක් පැත්තෙන් නික්ම යන අයුරුය. එය තමා දුටු සිහිනයක්දැයි සිහි එළවා ගත නොහැකි වූ නිසාම මේ කිසිවක් කිසිවකුට නොපවසා සිටීමට පියරත්න මහතා සිතාගෙන තිබේ.

කෙසේ නමුත් මේ එක් සිදුවීමකි. මෙවැනි සිදුවීම් රාශියක් විවිධ කාලවල අසන්නට ලැබී ඇති අතර, මේ අදහස් පහසුවෙන් අත්හැර නොදැමිය හැකි බවයි කැලණි පුදබිමේ හාස්කම් ගැන ජනප්‍රවාද පුවත් දන්නෝ පවසන්නේ. ජනප්‍රවාදයන්ට අනුව නා ලොව සිට නා රජවරුන් නාග කන්‍යාවන් කැලණි පුද බිමට පැමිණෙන බවත්, එසේ පැමිණ කැලණි පුදබිම වන්දනා මාන කරන බවත් බොහෝ දෙනකුගේ විශ්වාසයයි. එසේම එම නා රජවරු විවිධ ස්වරූපයන්ගෙන් පෙනීසිටින බවත්, විටින් විට පෙනුම වෙනස් කරන බවත් තවත් ජනප්‍රවාදයක එයි.

කැලණි පුදබිමට පැමිණෙන භක්තිමත් පුණ්‍යවන්ත බැතිමතුන්ට මෙම නා ලොව අමුත්තන් දැකගත හැකි බවටත් තවත් මතයකි. කෙසේ නමුත් එදා මෙදාතුර ඉතිහාසයේ මෙවන් කතා රාශියක් අසන්නට දකින්නට ලැබුණු අතර, අප සමග සිය අත්දැකීම් විස්තර කළ පියරත්න මහතා පවසා සිටියේ මේ අමුත්තන් පියවි ඇසින් දකින්නට ලැබීමෙන් තමා ඉමහත් සතුටට පත්වූ බවයි.

SendShareShare
Previous Post

‘මන්ත්‍රී හිමි’ යුද්ධය යළි ඇරඹේ! රතන හිමිගෙ ‌කාලෙ 5න් ඉවරයි!! අයින් නොවුණොත් ඥානසාර හිමි ඇතුළට!!!

Next Post

මිනිස්සු දුක් විඳිනවා: නගර ලස්සන කරන්න කලින් මිනිස් ජීවිත ලස්සන කරන්න: සජිත්ගෙන් ආණ්ඩුවට තවත් ප්‍රහාරයක්!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.