• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු දුක් විඳිනවා: නගර ලස්සන කරන්න කලින් මිනිස් ජීවිත ලස්සන කරන්න: සජිත්ගෙන් ආණ්ඩුවට තවත් ප්‍රහාරයක්!

June 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත් උතුරු කොළඹ ජනතාවට ‘සත්කාරය’ අරන් එයි
Share on WhatsAppShare on Facebook

ජනතා බදු මුදල් නගර සියයක් අලංකරණය කිරීමට වියදම් කිරීමට ප්‍රථම පීඩාවන්ගෙන් දුක් විඳින ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ
නගර අලංකරණය කිරීමට වඩා මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීම බවය.

නගර සියය අලංකාර කිරීමට පෙර ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකාර කරමු.

නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙයි. ඒ සදහා රුපියල්
මිලියන 2000 ක අතිරේක ප්‍රතිපාදන මුදලක් වෙන් කෙරෙනු ඇති බවද පැවසේ. මේ රට සුන්දර විය යුතු බවත් ඒ
පිළිබඳව කිසිදු ගැටලුවක් නැතිබවත් පළමුකොට සඳහන් කරමි. එහෙත්, මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ
නගර අලංකරණය කිරීමට වඩා මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීමය.
දෙවසරක් තිස්සේ මේ රටේ සමස්ත ජන ජීවිත බරපතල ලෙස කඩා වැටී තිබේ.

  1. මේ මොහොතේත් රටේ සමස්ත අධ්‍යාපනය ව්‍යාකූලවී ඇත.ඔන්ලයින් අධ්‍යාපනය තවමත් ආගන්තුක වී ඇති
    අතර, වගකීම් විරහිත අමාත්‍යවරයෙකුගේ අදූරදර්ශී ක්‍රියාපිලිවෙත තුළින් එය තවත් වියවුල් වී තිබේ. එනයින්
    ගත්විට සමස්ත දූදරු පරපුරගේ ජීවිත අසුන්දර වී ඇත. ගුරුවරු, උපකාරක ගුරුවරු ඇතුලු සමස්තය ද දැඩිසේ
    පීඩාවට පත්ව ඇත.
  2. මේ වනවිටත් ලක්ෂ සංඛ්‍යාත ගොවි පරපුරේ ජීවිත අසුන්දර වී ඇත. පොහොර හිඟයෙන් ඔවුන් සුසුම් හෙලන
    අතර අස්වැන්න විකුණාගත නොහැකිව අප්‍රමාණ පීඩාවකට පත්ව සිටී. රටම ආහාර හිඟයක සහ සාගතයක
    පෙරනිමිති දැක දැක සිටී. ජීවන වියදම අහස උසට ගොස් ඇති අතර එක් වේලක් හෝ පිරිමසා ගන්නට
    නොහැකිව ජනතාව පීඩාවිඳිමින් සිටී.
  3. ලක්ෂ ගණනකට රැකියා අහිමිවී ඇති අතර ඇතැම් ආයතන වැසීගොස් ඇත.රජයේ සහ පෞද්ගලික අංශ
    සේවකයින්ගේ ජීවිත සහමුලින්ම අසුන්දර වී ඇත. කුලී කම්කරුවන්, කුලීරථ සේවකයින්, සාමාන්‍ය කම්කරුවන්
    ඇතුලු වැඩකරන පංතියේ ජීවිත අවාසනාවන්ත ඉරණමකට ලක්ව ඇත.
  4. සෞඛ්‍ය අංශයේ සුව විරුවන්ගේ ඉතාම සරල ඉල්ලීම් පවා ලබා නොදෙමින් ආණ්ඩුව ඔවුන්ගේ ජීවිත අසුන්දර
    කොට ඇත. එන්නත්කරණය සහමුලින්ම දේශපාලනීකරණය කරමින් කොරෝනා ව්‍යසනය දේශපාලන පාපන්දුවක්
    බවට පත්කොට ඇත.
  5. රටේ ජාතික සම්පත් විකුණා දමමින් ද, රටට අනතුරු කැඳවාගනිමින්ද, සාගරය, පරිසරය ඇතුලු සියල්ල විනාශ
    කරන තැනට පත් කරමින්ද ආණ්ඩුව මුලු රටම අසුන්දර කොට ඇත.
  6. මෙලෙස රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත ද, උපනූපන් මතු පරම්පරාවේ ජීවිතද සහමුලින්ම අසුන්දර වී ඇති
    තත්ත්වයක් තුල ආණ්ඩුව නගර අලංකරණය කිරීමට යොමුවීම තුළින් පැහැදිලි වන්නේ ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ
    කුමකටද යන්න පිළිබඳවවත් ආණ්ඩුවට සංවේදීකමක් හෝ දැනුම්වත්කමක් නැති බවය.
    මේ මොහොතේ සමස්ත මිනිස් ජීවිත අලංකාර කොට ඉන් පසුව නගර අලංකාර කිරීමට අවධානය යොමු කරන
    ලෙස ආණ්ඩුවට බලකර සිටිමු.
SendShareShare
Previous Post

කෙම්මුර දවසට කැලණි පන්සලේ සැරිසරන අමුත්තෝ…

Next Post

ජැන්ඩියට ඇඳලා රස්සාවක් කරන්න තමයි ආස…

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.