• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බාර නිදහස් කරන හරිම විදිය

September 29, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

දෙවියන් උදෙසා වන බාර විවිධාකාරය. එහිදී විවිධ ද්‍රව්‍ය බාරවීම සිදුවෙයි. බාර වූ කාරණය ඉෂ්ට සිද්ධ වූ පසු බාර වූ දෙවියන්ට අදාළ දේවාලයකට පැමිණ දැකුම් හෙවත් බාර වූ ද්‍රව්‍ය පූජා කරනු ලැබේ. එහිදී පූජා වට්ටි, සේල සේම ප්‍රාණීන් වශයෙන් වී කුරුල්ලන්, ගිරවුන්, මයිනන්, සැලළිහිණියන් වැනි බන්ධනගත පක්‍ෂීන්ද, කුකුළන්, ගවයන්, එළුවන්, හාවුන්, මුවන්, ඌරන් වැනි මරණයට කැපවූ සත්වයන්ද, දැල්මාළු පිරි මඩිද නිදහස් කරනු දැකිය හැකිය. එනමුත් මේ සියල්ල අතරින් බාර නිදහස් කරනුවස්, මුදල් සහිත පූජා වට්ටි පිරිනැමීම මූලිකය. මෙලෙස බාර නිදහස් කිරීමේදී පෙරමුණ ගන්නා පූජා වට්ටිය පිළියෙල කර ගැනීම දෙවිවරු අනුව තරමක් වෙනස්ය. ඒ විවිධ දෙවිවරු උදෙසා විවිධ පලතුරු, විවිධ වර්ණ මල්, විවිධ පාටින් යුතු මල් මාලා, කැවිලි වර්ග ආදී කොට ඇති අනෙකුත් පූජා ද්‍රව්‍ය වෙනස් වන නිසාවෙනි. ඒ අනුව විවිධ දෙවිවරු සඳහා සකසනු ලබන පූජාවන් මෙසේය.

විෂ්ණු දෙවිඳුන් උදෙසා සකසනු ලබන පූජාව හොඳින් ඉදුණු සුවඳවත් පලතුරු වර්ග 7කින්ද, පෙරන් ගෑ මුඞ්ඩ සහිත පොල් ගෙඩියකින්ද, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින්ද, නිල් මල් මාලයකින්ද, නිල් කටරොඩු, නිල් මානෙල් වැනි නිල් පැහැති මල් වර්ගයකින්ද, නිල් තිරයකින්ද, එළඟිතෙල් පහනකින්ද, බුලත්, කපුරු, හඳුන්කූරු යන ද්‍රව්‍ය ආදියෙන්ද පොහොසත් විය යුතුය. අවශ්‍ය නම් නිවෙසේද ඉතාම පිරිසුදුව පිසගත් කිරිබත්ද මෙයටම එක්කරගත හැකිය.

කතරගම දෙවිඳුන් උදෙසා සකසනු ලබන පුජාව සුවඳවත් ඉදුණු පලතුරු වර්ග 7කින්ද, පෙරන් ගෑ මුඞ්ඩ සහිත පොල් ගෙඩියකින්ද, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින්ද, කිරිබත්, විලඳ, මී පැණි ආදියෙන්ද, රතු මල් වර්ගයකින් මෙන්ම රතු මල් මාලයකින්ද, රතු තිරයකින්ද, බුලත්, කපුරු, හඳුන්කූරු ආදියෙන්ද පොහොසත් විය යුතුය. තවද කඳසුරිඳුන්ට බාර වීමේදී ඉහත කී පූජාවට අතිරේකව ප්‍රාණයට ප්‍රාණයක් බාර වීමද, රූපයට රූපයක් බාර වීමද සිදුකරයි. බාරය නිදහස් කිරීමේදී ප්‍රාණයට ප්‍රාණයක් ලෙස පොල් පැළයක්ද, රූපයට රූපයක් ලෙස රිදියෙන් කළ මිනිස් අනුරුවක්ද, පූජාව සමඟ දීම සිදුවෙයි. එපමණක් නොව අතිශයින් බරපතළ මාරාන්තික අපලකාරී හෝ එවැනි උවදුරු සහිත අවස්ථාවක වූ බාර සඳහා භාර වූ අයගේ උසට සමාන රිදී කෙන්දක් පූජා කිරීමද සිදුවෙයි.

ගණ දෙවිඳුන් සඳහා සකසනු ලබන පූජාව, කළු උක්, බෙලි, දිවුල්, අඹ ආදී කොට ඇති පලතුරු වර්ග 7කින්ද, මුදවපු කිරි බඳුනකින්ද, එළකිරි බඳුනකින්ද, පෙරන් ගෑ මුඞ්ඩ සහිත පොල් ගෙඩියක්ද, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින්ද, අග්ගලා ප්‍රමුඛ කැවිලි වර්ග 7කින්ද, හකුරු, විලඳ, මීපැණි ආදියෙන්ද, බුලත් විටකින්ද, බුලත්, හඳුන්කූරු, කපුරු ආදියෙන්ද සාරවත් විය යුතුය.
සරස්වතී දේවිය සඳහා සකසනු ලබන පූජාව සමන්පිච්ච, ගැටපිච්ච, පොකුරුපිච්ච ආදීකොට ඇති කවර හෝ සුදු පිච්ච වර්ගයකින් යුත් පිච්ච මල් වට්ටියක්ද, සුදු නෙලුම් වට්ටි 7කින්ද, රතු නෙලුම් වට්ටි 7කින්ද, කැවිලි වර්ග 7කින්ද, දෙළුම් ප්‍රමුඛ පලතුරු වර්ග 7කින්ද, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකින්ද, හොඳින් පෙරන් ගෑ මුඞ්ඩ සහිත පොල් ගෙඩියකින්ද, විලඳ, මීපැණි සේම කපුරු, බුලත්, හඳුන්කූරු ආදියෙන්ද පොහොසත් විය යුතුය. ඇතැම් විට ඉහත කී ද්‍රව්‍යවලට අතිරේකව ලදපස්මල්ද, අගිල් සුවඳ දුම්ද, කිරිද, ගිතෙල් පහනක්ද, බෙලි කොළ මාලයක්ද පූජා කරනු දැකිය හැකිය.

හින්දු භක්තිකයන්ගේ මුදුන්මල්කඩ බඳුවූ කාලි මෑණියන් සඳහා සකසනු ලබන පූජාව රත් කෙහෙල් සහිත පලතුරු වර්ග 7කින්ද, පෙරන් ගෑ මුඞ්ඩ සහිත පොල් ගෙඩියකින්ද, රතු මල් මෙන්ම රතු මල් මාලයකින්ද, කල්කිරි බෝතලයකින්ද, දෙහි, හඳුන්කූරු, බුලත්, කපුරු ආදියෙන්ද, වටිනා රතු සේලයකින්ද පොහොසත් විය යුතුය. කාලි මෑණියන් යනු සෝවාන් ඵලයට පත් උතුම් දේවතාවියකි. මෙනිසාම පිලිහුඩු, කිලි කුණුවලින් තොරව පූජාව සකස් වීම කාලි මෑණියන්ගේ පිහිට උපරිම වශයෙන් ලැබීමට හේතුය. තවද නානුමුර භද්‍රකාලි පූජාව සඳහා එළකිරි බෝතල් 7ක්ද, ඇස්ස කැපූ තැඹිලි ගෙඩි 7ක්ද, හඳුන් කිරිපැන් බඳුන් 7ක්ද, දෙහි ගෙඩි 7ක්ද, මී පැණි එළඟිතෙල් හා තල තෙල් අවුන්ස 2 බැගින්ද, පලතුරු වර්ග 7ක්ද, රතු සාරියක්ද, රතු මල්ද, පෙරන් ගෑ මුඞ්ඩ සහිත පොල් ගෙඩියක්ද, රතු මල් මාලයක් හා හඳුන්කූරු, කපුරු හා බුලත්ද යොදාගනු ලැබේ.

කඩවර දෙවියන් සඳහා සකසනු ලබන පූජාව කිරිබත්, කොණ්ඩ කැවුම් ප්‍රමුඛ කැවිලි වර්ගවලින්ද, පොල්වළලු 7කින්ද, ඇටඇටි, පපඩම්, දිය-ගොඩ මස්, මී කිරි, රීරිලේ, රතු මල්, බැදපු බිත්තරයක් යනාදියෙන්ද, විලක්කුවකින්ද, කොහොඹ තෙල් පහනකින්ද, නොයිඳුල් බතක් යනාදියෙන්ද යුක්ත විය යුතුය. තවද පලුටු වූ ලෙස උලුඳු හෝ මසල වඬේද, බැදපු කඩලද පූජාවට එක්කර ගැනේ.

ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

එජා සංවිධානය ලංකා හමුදාව ආපසු එවයි

Next Post

එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් වෝනර් බ්‍රදර්ස් සමඟ එක්වේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.