එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම්වල රාජකාරී කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ භටයන් විශාල පිරිසක් නැවත ලංකාවට එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කොට ඇත.
ලෙබනනයේ සාමසාධක රාජකාරීවල නිරතව සිටි භට පිරිසක් මෙසේ යළි ලංකාවට එවා ඇති බව පැවසේ.
ඒ වෙනුවට ඉන්දුනීසියානු හමුදාවේ පිරිසක් එම රාජකාරී සදහා බදවා ගැනීමට ඔවුන් කටයුතු කොට ඇති බවද දැනගන්නට තිබේ.
මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති ශවේන්ද්‍ර සිල්වා මහතාට යුදහමුදාපති ධූරය ලබා දීමට විරෝධය පළ කිරීමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.










