• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කාන්තාවන් අඩනිරුවතින් නැටවූ සබරගමු නින්දගම්

May 25, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කාන්තාවන් අඩනිරුවතින් නැටවූ සබරගමු නින්දගම්
Share on WhatsAppShare on Facebook

‘නින්දගමක්’ යනු මෙරට ජීවත් වූ රදළ පෙළපතට රජුගෙන් තෑගි වශයෙන් ලැබුණු ඉඩකඩම් හැඳින්වෙන කෙටි නාමයක් ලෙස සැලකිය හැකි අතර, මෙරට වැඩිම නින්දගම් ප්‍රමාණයක් වෙන්කර දී තිබුණු පළාත ලෙස ‘සබරගමුව’ ඉතිහාසයට එක්ව තිබීමද විශේෂ කාරණාවකි.

රජුගෙන් නින්දගමක් ලබාගැනීම යනු සරල පහසු කාරණාවක් නොවන අතර, එය රජුගේ සිත සතුටට පත්වන කාරණාවකදී රජුගේ කැමැත්ත මත සිදුවන්නකි. මේ අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් සබරගමුවේ ප්‍රධානීන් දහතුන් දෙනකුටම එකවර නින්දගම් ලැබුණේ මාතර කටුවන තිබූ ලන්දේසි බලකොටුව වටලා එහි සිටි ලන්දේසි හමුදා සමූල ඝාතනය කොට ජයග්‍රහණය කිරීමේ සතුට සැමරීම සඳහාය.

එකල උඩරට රාජ්‍යයට අයත් සීමාවක පිහිටි එකම ලන්දේසි බළකොටුව කටුවන බළකොටුවය. අනෙක් සියලු බළකොටු ස්ථානගත කර තිබුණේ පහතරටය. එහෙයින් උඩරට පාලනය කළ රාජසිංහ රජුට කටුවන බළකොටුව හිසරදයක් බවට පත්ව තිබුණේය. කොයි මොහොතක හෝ කටුවන බළකොටුවේ ලන්දේසි බලය බිඳදමා තම අභිමානය පැතිරිය යුතුය යන කාරණය රජුගේ සිත තුළ නිතර නිතර මතු වුවද ඊට අවශ්‍ය දක්‍ෂ රණශූරයන් තමන් සතුද යන ගැටලුව රජුට තිබිණි.

මේ බව දැනගත් සබරගමුවේ ප්‍රධානීහු එක්ව රජුගේ අභිප්‍රාය ඉටුකරන ආකාරයක් ගැන සාකච්ඡා කොට සටනට යන්නට තීන්දු කළහ. එම සටනට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ආශීර්වාදය ලැබුණු අතර, රජු සටනට සම්බන්ධ නොවී සිටීමට තීරණය කර තිබිණි. සටන සඳහා රජුගේ නියෝජිතයන් ලෙස දිසාවේලා දෙදෙනෙකුත්, භට පිරිසකුත් ලැබිණි.

කෙසේ නමුත් මෙය මහා සටනක් වූ බවත්, සබරගමුවේ ප්‍රධානීන් යටතේ පන්දහස් පන්සියයක භට පිරිසකුත්, දකුණු පළාතෙන් තිස්දහසකට අධික භට පිරිසකුත් සටනට සහභාගි වූ බව කියැවේ.

සබරගමු ප්‍රධානීන් ඉතා කල්පනාකාරීව, සූක්‍ෂ්මව සටන මෙහෙයවා කටුවන සටන ජයග්‍රාහීව නිමාකර මාතර ප්‍රදේශයේ තිබූ අනෙකුත් ලන්දේසි බළකොටුවලටද පහර දුන් බව කියැවේ. මෙහිදී ලන්දේසීන් සිය ජීවිත ආරක්‍ෂාව සපයාගත්තේ මාතර බළකොටුව තුළ සැඟවී බවද සඳහන් වෙයි.

සිංහල රාජ වංශය තුළ ඉතා සාර්ථකව අවසානයක් දුටු ජයග්‍රාහී සටන ලෙසින්ද ඉතිහාසයට එක්ව ඇත්තේ කටුවන සටනය. එය එතරම්ම සූක්‍ෂ්මව සහ ක්‍රමවත්ව මෙහෙයවා ජයග්‍රහණය කරන්නට සබරගමු ප්‍රධානීන් දැක්වූ අතිමහත් කැපවීම ගැන කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉමහත් සතුටට පත්වූ බවද පැවසෙන අතර, සටන සඳහා දායක වූ සියලුම ප්‍රධානීන්ට ඉතා ඉහළින් සැලකීමට රජුට අවශ්‍ය වී ඇත.

ලන්දේසීන්ගේ බළකොටු බිඳදමා එම සියලු ප්‍රදේශ තමාගේ රාජ්‍යයට සම්බන්ධ කරදීම වෙනුවෙන් සබරගමුවේ ප්‍රධානීන් දහතුන් දෙනකුම නිලමේවරුන් ලෙස උසස්වීම් පිරිනමා ගරු බුහුමන් දක්වා නින්දගම්ද පිරිනමන්නට රජු කටයුතු කළේය.

එහිදී නිලමේවරුන් ලෙස උසස්වීම් සමග රාජකීය වරප්‍රසාදද ඔවුන්ට හිමිවිය. ඒ අනුව රජකු ජීවත්වන ආකාරයටම ජීවත් වීමට නිලමේවරුන්ටත් අවසර ලැබුණු අතර, රජු වෙනුවෙන් අයබදු එකතු කිරීම, නින්දගම් පාලනය, රජු වෙනුවෙන් අවශ්‍ය සේනාංක කැඳවීම මෙන්ම ගරු ගාම්භීර ලෙස ජීවත් වීමට උළු සෙවිලි කළ වලව්වක් ඉදිකර ගැනීමටත් ඔවුන්ට අවස්ථාව හිමිවිය.

නිලමේ හෝ මුලාදෑනී නොවන කිසිවෙකුට, රාජ නීතිය අනුව උළු සෙවිලි කළ වහළක් ඉදිකර ගැනීමට අවසර නැත.

නින්දගමක සම්පූර්ණ බලතල රදළ ප්‍රධානීන් සතුවූ හෙයින්, නින්දගම්වල වෙසෙන අනෙකුත් වැසියන්ට සිය හාම්පුතාගේ නියෝග පරිදි ජීවත් වීමත්, ඉන්නට තැනක් ලබාදීම වෙනුවෙන් හාම්පුතාට සේවය කිරීමටත් එම වැසියන්ට නියමව තිබුණු කාර්යයන්ය. ඒ අනුව විවිධ කටයුතු සඳහා ඒ ඒ කුල වෙන්කර, ඉඩකඩම්ද වෙන්කරදී තිබුණු බවද දැනගන්නට තිබේ. කෙසේ නමුත් තමන් පදිංචිව සිටින ඉඩමේ කිසිදු අයිතියක් වැසියාට නොමැති අතර එහි සියලු අයිතීන් නින්දගම් හිමියා සතු විය. එහෙයින් කිසිදු අනවසර කටයුත්තකට වැසියන්ට ඉඩක් නොවීය.

නින්දගම් හා බැඳුණු විවිධ සිරිත් – විරිත් – චාරිත්‍ර තිබී ඇති අතර ඒවායෙන් ඇතැම් දේ රදළ ප්‍රධානීන්ගේ සතුට, විනෝදය වෙනුවෙන්ම ගොඩනැඟුණු ඒවා බවද පැහැදිලි වෙයි.

එවැනි කාරණා අතර ප්‍රධාන තැනක් ගන්නා විශේෂිත අංගයක් ලෙස දික්ගෙයි නැටුම හඳුන්වා දිය හැකිය. දික්ගේ නැටුම නින්දගම්වාසී කාන්තාවන් කළයුතු පුරාණ රාජකාරියකි. රදළ පෙළපතේ ප්‍රධානීන්ගේ ඇස සහ සිත සන්තර්පණය පිණිස නින්දගම්වාසී මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන් දික්ගේ නැටුමට සම්බන්ධ වීම සිදුවිය. ඒ සඳහා හිලව්වට ගොඩින් මඩින් ඉඩම් කට්ටි ලබාදීමද සිදුවෙයි.

මාණික්‍ය මහගේ පවුල් හතර වරිගයක් සබරගමුවේ ජීවත්ව ඇති අතර මේ පවුල්වල ගැහැනුන්ගේ සේවය සැපැයිය යුතුව තිබුණේ සබරගමු මහසමන් දේවාලයේ පෙරහැරේ නැටීමටත් ඉන්පසු රදළ පෙළපතේ සතුට උදෙසා නැටීමටත්ය.

දික්ගෙයි නැටුමට වලව්වේ වෙනම කාමරයක් තිබී ඇති අතර එම නැටුම නැරැඹීම වලව්වේ ප්‍රභූවරුන්ගේ වරප්‍රසාදයකි. එනිසා වෙනස් කිසිවකුට එය නැරැඹීමට නොහැකි වන ලෙස සුදු තිර යොදා කාමරය වටකර තිබූ බවද පැවැසේ. ඉතා රූමත් කාන්තාවන් වන මාණික්‍ය මහගේ පවුල්වල ළඳුන් උඩුකය නිරුවතින් මෙම නර්තනයට සහභාගි වී ඇති අතර, මෙහිදී සවන පිනන සංගීතයද, සීපද ගායනාද සිදුව තිබේ.

වලව්වට විශේෂ ප්‍රභූවරයකු පැමිණි අවස්ථාවලද දික්ගේ නැටුම සංවිධානය වී ඇති අතර කෑම බීම ආදියෙන් ප්‍රභූන්ට සලකා ඇස, කන, සිතද ප්‍රබෝධයට පත්කරවීම රදළ ප්‍රධානියාගේ ප්‍රධාන බලාපොරොත්තුව වී තිබේ. එහෙයින් අවශ්‍ය ඕනෑම අවස්ථාවක සිය හාම්පුතාගේ අවශ්‍යතාවය පරිදි දික්ගේ නැටුමට සූදානමින් මාණික්‍ය මහගේ පවුල්වල කාන්තාවන් සිටිය යුතු බවද කියයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මරණ 33ක්: 11ක්ම ගෙවල්වල!

Next Post

JAT Holdings වෙතින් විශිෂ්ට ප්‍රමිතියකින් යුත් ඉමල්ෂන් තීන්ත වර්ගයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.