ඉංග්‍රීසි ආණ්ඩුව මෙරට පැවැති සමයේ ඇරැඹි මංමාවත් ඉදිකිරීමේ කටයුතු දියුණු වීමත් සමග උඩරැටියන් පහතරැටියන් මෙන්ම මුස්ලිම් ජනයාද උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනයාද නිතර රට තුළ ගමන් කිරීමත් එකිනෙකා හඳුනාගනිමින් වෙලහෙළඳාම් කටයුතු කිරීමත් නිසා ඔවුනොවුන් අතර ජාතික සමගියට කටයුතු යෙදිණි. ඒ අනුව ඔවුහු අතර තිබූ කුල, ආගම්, ජාති, භේද අමතකවී ගියහ. එකිනෙකා අතර වූ විෂම අදහස් මඟහරවා ගෙන සාමූහිකව ජීවත්වීමට ජනයාට අවස්ථාව හිමි වූයේ එකල සිදුවූ මංමාවත් දියුණුව නිසාවෙනි.











