මින් ඉදිරියට විදේශ ණය මත සිදු කෙරනෙ විශාල වියදම් සහිත සියලු මහා පරිමාණ ව්‍යාපෘති අත්හිටුවීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් සදහන් කොට ඇත්තේ ඒ වෙනුවට දේශීය ණය මත කෙරෙන ව්‍යාපෘතිවලට පමණක් මින් ඉදිරියේදී අවධානය යොමු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවකි.
විදෙස් ණය බර රටට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබීම මේ සදහා හේතු වී ඇති බවද ජයසුන්දර මහතා එහිදී සදහන් කොට ඇත.
මීට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි අඩු පොලියක් යටතේ ව්‍යාපෘති සදහා ණය ලබා දෙන ආයතන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටද ආණ්ඩුව සැලසුම් කොට ඇත.
2020 අගෝස්තු අවසානය වනවිට ලංකාවේ විදේශ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 35.3ක් (රුපියල් ට්‍රිලියන 6.95) වූ අතර ඒ හේතුවෙන් පසුගිය වසර දෙකේදී කිසිදු විදේශ ණයක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කර නොතිබිණ.










