පැරැණි යුගයන්ට අයත් ස්තූප ආශ්‍රිතව දක්නට ලැබෙන විශාල ශිලාමය ස්ථම්භයක් වන යූපාස්ථම්භය චෛත්‍යයක අනිවාර්ය අංගයක් සේ හඳුන්වා දිය හැකිය. එසේම ‘යූපය’ යන වචනය පුරාණ වෛදික යුගයේ සතුන් බිලිදීමේදී බිල්ල බැඳ තබන කණුවට යෙදූ නාමයක් ලෙසත් පසුව යුප සිටුවීම භාරතීය ප්‍රාග් බෞද්ධ යුගයේ ආගමික පිළිවෙතක් බවත් මෙරට බෞද්ධයන් එය නව මුහුණුවරකින් ඉදිරිපත් කර ඇති බවත් හඳුනාගන්නට තිබේ. මුලතිව් කුරුන්දිමලේ කැණීමෙන් හමුවූ යූප ගලද එවැනි සුවිශේෂ නිර්මාණයකි.