• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගමක් ගමක් ගානෙ නමක් තියලා රාමයි රාවණයි කරපු දේ

May 19, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ගමක් ගමක් ගානෙ නමක් තියලා රාමයි  රාවණයි  කරපු දේ
Share on WhatsAppShare on Facebook

ඉතිහාසය යනු එය මෙසේ සිදුවීය යන්නය. ඉතිහාසය හැදෑරීමේ දී මූලිකව ඉවහල් වන්නේ මූලාශ්‍රය. මූලාශ්‍ර දෙවර්ගයකි. ඒවා ලිඛිත සහ අලිඛිත වේ. ලිඛිත වශයෙන් සෙල්ලිපි වැනි ලිඛිත සාධක ගණන් ගැනේ.

අලිඛිත යනු කටවහරය. ඒවා මානව වර්ගයා ආරම්භයේ සිට (ලියන්නට අක්‍ෂර මාලාවක් නොවූ කාලයේ සිට) පියාගෙන් පුතාට වශයෙන් පරම්පරාවෙන් පරාවට පැමිණි කතාය. එබැවින් ජනකතා මිථ්‍යාවක් වශයෙන් බැහැර කළ නොහේ.

ගමකට, ස්ථානයකට, කෙනකුට නමක් පටබැඳුණේ කිසියම් හේතුවක් පදනම්වය. එබැවින් ඒ අන්දමේ ස්ථාන සහ පුද්ගල නාම යනු යමක ඉතිහාසය වේ.

ඉතිහාසගත රාම රාවණා කතාව පිළිබඳවද මත දෙකකි. එකක් රාමායනය වාල්මිකීගේ ප්‍රබන්ධයක් මිස සත්‍ය කතාවක් නොවන බවයි.

අනෙක රාවණා යන නමින් අදට වසර හත් අට දහසකට පෙර ලංකා පුරයේ පහළ වූ මහා බලසම්පන්න නරනාථයාණ කෙනකුන් මෙරට පාලනය කළ බවයි.

සත්‍ය අසත්‍ය කුමක් හෝ වේවා ශ්‍රී ලංකාවේ වෙසෙන, විශේෂයෙන් සිංහල දෙමළ ප්‍රජාවගේ සිත්සතන් තුළ පරම්පරාවෙන් පරම්පරාවට යුගයෙන් යුගයට අචින්නව, අඛණ්ඩව පවත්නා මේ පුරාවෘත්තයට අනුව ඈඳුණු බැඳුණු ස්ථාන ගම් බිම් විශාල ප්‍රමාණයක් අපේ රටේ තිබේ.
බහුජන හිතාය බහුජන සුඛාය වෙනුවෙන් ඒවාද දැනගත යුතුම වන්නේය.

සීතා සඟවා සිටි බවට සැලකෙන්නේ වර්තමානයේ නුවරඑළිය ප්‍රදේශයේය.
ඒ ප්‍රදේශයේ ඇති “රම්බොඩ” ප්‍රදේශය රාමා නිසා ඇතිවීලු. “රම්” යනු රාමාට නමකි (රවුළා මැරී රම් රද-සිදත් සඟරාව) “බොඩ” බඩ යන්නෙන් සෑදුණු වචනයකි. බඩ යනු “ආසන්නය” යන අරුත දේ. කඳුබඩ, වෙරළබඩ, වැල්ලබඩ විමසත්වා.

රම්බොඩ ප්‍රදේශය ආසන්නයේ පිහිටි එක් කඳුවැටියක් මිනිසකු උඩුබැල්ලෙන් නිදාසිටින ආකාරයක් ඈතට දිස්වේ. ප්‍රදේශවාසීන්ගේ මතය ඒ හනුමා නිදාගත් බව කියන කන්දය. ඒ “රාවණාගොඩකන්ද” ප්‍රදේශය රාවණා නිතර ගැවසුණු ප්‍රදේශයක් බවද කියත්.

රාවණා සිය දඬුමොනරයෙන් ගොඩබට ස්ථානය රාවණා ගොඩයි. තොටුපොළකන්ද, දඬුමොනරය නැවැත් වූ ස්ථානයකි.

තංගල්ලේ සිට හම්බන්තොට දක්වා දිවෙන මහාමාර්ගයේ උස්සන්ගොඩ “රතුපස්වල” ප්‍රදේශයේද රාවණාගේ දඬුමොනරය බිමට බට තැනකි. එම ප්‍රදේශයේ පස් රතු පැහැයෙන් යුතු බව කියන්නේ එහෙයිනි.

“වාරියපොළ” යනු වාතයෙන් ගමන් යන වාහනය නවත්වන ස්ථානය යන අරුතින් ඒ ප්‍රදේශයට ඒ නම පටබැඳුණේලු. මන්ද රාවණාගේ ප්‍රධාන ගුවන්තොටුපොළ වාරියපොළ තිබූ බැවිනි.
රාවණාගේ මල්වත්ත හක්ගල මල්වත්ත ලෙස සැලකේ.

ලංකාපුරයේ අගනගරය හෙවත් රාවණා රාජ්‍යයේ අගනුවර “වේරගංතොට”ය.

රාවණාගේ දඬුමොනරය නිර්මාණය කළ ප්‍රදේශය “මොණරාගල” වේ.

ඔහුගේ (රාවණා) මාලිගය පිහිටා තිබුණේ සියඹලාණ්ඩුව අම්පාර ප්‍රදේශයේය. ඒ ප්‍රදේශයේ මහා රාවණාහුල (හුල යනු පන්දමය) ලෙසින් හැඳින්වෙන ගල් පර්වතයක් තිබේ.

හනුමා සිය වල්ගයෙන් රාවණාගේ මාලිගයද ගිනිබත් කර රාමා හමුවට ගියේය. එසේ ගොස් ගිනිගෙන දැවෙන මාලිගය දක්වා “අන්න රාවණාගෙ හුල”යැයි කීවේලු. එවක් පටන් ඒ ප්‍රදේශය එනමින් හැඳින්වේ.

රණ බිමේදී හී පහරක්කෑ ලක්‍ෂ්මණ මරණාසන්න වූවෙන් ඔහු සුවපත් කිරීම උදෙසා වෛද්‍ය උපදෙස් අනුව “සංජීවනී” ඹෟෂධය ගෙනෙන්නට හනුමාන් හිමාල වනාන්තරයට ගියත් ඖෂධය නොහඳුනන බැවින් හෙතෙම ඖෂධය ඇතැයි සැලකෙන කඳු බෑවුමෙන් කොටසක් රැගෙන ආවේය. ඒ අවස්ථාවේදී ගාල්ල ප්‍රදේශයේදී කොටසක් “උණා” (ලිස්සා) වැටුණේලු. එසේ වැටුණ කොටස අද උණවටුනය. රූරා වැටුණු කොටස රූමස්සලය. එසේ රූරා නොවැටී එල්ලී තිබූ බව කියන කොටස මාතර ප්‍රදේශයේ එළියකන්දය.

ලංකාපුරයට පැමිණි හනුමන්තා අල්වා ගත් රාවණා රජු, උගේ වල්ගයේ පාන්කඩ ඔතා ගිනි තබන්නට අණ දුන්නේය. ගිනි ඇවිළුණු වල්ගය හතර අතේ වැනූ හනුමා මුළු නගරයම ගිනිබත් කෙළේය. ඒ ගින්න ඉතා ඈත ප්‍රදේශවලටද දර්ශනය විය. “අර නුවර පැත්තෙන් පේන එළිය මොකක් ද?” මිනිස්සු විමසූහ. අද ඒ ප්‍රදේශය නුවරඑළියයි.

ගින්නට අසුවී පිලිස්සුණු ප්‍රදේශයට හෝර්ටන් තැන්න, තොටුපොළ කන්ද යන ප්‍රදේශ අයත් වේ. ඒ ප්‍රදේශවල පොළොවේ පස් අදත් කළු පැහැ වී ඇත්තේ එසේ පිලිස්සුණු නිසාවෙනි.

හනුමාගේ ක්‍රියාකාරකම් නිසා නම් පටබැඳී ඇති ස්ථාන බොහෝය.

හනුමා කොඩි දැමූ බව කියන පර්වතයක් මඩකළපුව ප්‍රදේශයේ ඇත. එය හඳුන්වන්නේ හනුමා කොඩිදැමූ කන්ද ලෙසිනි. මන්නාරම සහ ඉන්දියාවේ රාමේස්වරම් අතර පෝක් සමුද්‍ර සන්ධිය මධ්‍යයේ ගැඹුරු මුහුදේ කෙනකුට පාගමනින් යා හැකි වැලි තට්ටුවක් තිබේ. එය ලංකාපුරය තරණය කිරීම උදෙසා හනුමාන්ගේ ප්‍රධානත්වයෙන් වඳුරු හමුදාව ඉදිකළ වැලි පාලම බව කියති.

රාවණා, සීතා උමඟක සඟවා තබන ලදී. පසුව සීතා ඉන් එළියට ආවාය. ඒ ප්‍රදේශය “සීතා එළියයි”හෝර්ටන් තැන්නේ අශෝක මල් වැවෙන ප්‍රදේශය එදා සීතා සඟවා තැබූ “අශෝක” වනයයි.

ස්ථාන ගණනාවක ඇති උමං මාර්ග තුළ සීතා වරින් වර සඟවා තැබුවේලු. රාවණාගොඩ කන්දේ උමං මාර්ගය, වැලිමඩ ස්ත්‍රීපුර කන්දේ සහ බණ්ඩාරවෙල සීතා ගුහා එවන් ස්ථාන ලෙස හැඳින් වේ. රාස්සගල ප්‍රදේශයේද සීතාගල නමින් හැඳින්වෙන පර්වතයක් ද තිබේ.

රාවණා ඇල්ල යනු රාවණා දිය නෑ බව කියන ඇල්ලයි. එය සීතා ගුහාව ආසන්නයේ ඇත. රාවණාගේ සිරුර දිරාපත් නොවන්නට බෙහෙත් ගල්වා “වලපනේ” මහ කුඩුගල පර්වතයේ තැන්පත් කර ඇතැයි පැවැසේ.

වලපනේ යනු රාමා සිහිකරමින් සීතා වැලපුණු ස්ථානයලු.

සිය පතිවත පිළිබඳ සපථ කරමින් සීතා දිවුරූ ස්ථානය ‘දිවුරුම්වෙල’ වේ. රාවණා තමා දඬුමොනරයෙන් පැහැරගනු ලැබ එන විට රාමාට මාර්ගය සොයාගැනීම සඳහා තමා සන්තකයේ තිබූ අග්ගලා සීතා බිමට දමන ලදැ”යි කියත්. හෝර්ටන් තැන්නේ සහ ඒ අවට කීරිවත්ත ප්‍රදේශයෙන් හමුවන අළු පැහැයට හුරු පාෂාණ විශේෂය සීතා එසේ බිම හෙලූ බව කියන ලද අග්ගලාය. ඒ පාෂාණ උරගා (උරච්චිකර) පානය කිරීමෙන් බඩේ අමාරු සුවවන බව ප්‍රකටය.

සීතාඑළිය, මහඑළිය සහ කීරිවත්ත ප්‍රදේශයේ විල් සමීපයේ වැවෙන ලූණු ‘විල්ලූණු’ ලෙස හඳුන්වනු ලබත්. ඒවා සීතා ඉවත දමන ලද ආහාරමය ශාකවලින් පැළවුණු ඒවා බවද මතයකි. කැලණි ගඟේ වංගු සහිත ස්ථානයක (වක්කලමක) සීතා පැන් පහසු වී තිබේ. ගඟේ ඒ ඉසව්ව නිසා පසුව ප්‍රදේශයම සීතාවක ලෙසින් පතළ විය.

දකුණු මුහුදු තීරයේ මුහුදේ විශාල පර්වත දෙකක් මත රාවණාගේ බළකොටු දෙකක් තිබී ඇත. කුඩා රාවණා බළකොටුව සහ මහා රාවණා බළකොටුව ලෙසින් ඒ ගල් පර්වත දෙක හඳුන්වනු ලබන්නේ ඒ බළකොටු නිසාය.

රාම, රාවණා, සීතා සහ හනුමාන් යන චරිතවලට ඈඳුණු ස්ථාන බොහොමයක් තවත් තිබේ. එපමණක් නොව අපේ වන්නම්වලටද හනුමා වෙනුවෙන් එකක් එකතු වී තිබේ.
වෛරොඩි හෙවත් හනුමා වන්නම එයයි.

රාම, රාවණා, සීතා සහ හනුමාන් ඇත්ත වශයෙන්ම නාම මාත්‍ර චරිත විනා සජීවී චරිත නොවන බවද මතයකි.

රාමා, සීතා, හනුමාන් යන කවරකු හෝ කිසිදා ලංකාවට පැමිණද නැත. සිදුවී ඇත්තේ විශාල මානසික පෙරළියක් ඇති කළ වාල්මිකී ඍෂිවරයාණන් රචනා කළ රාමායන විර කාව්‍යය දකුණු ඉන්දයානුවන් මෙහි ගෙනැවිත් රෝපණය කිරීමයිලු. කොළ මල් දමා සශ්‍රීකව වැඩුණු ඒ පැළය යුගයෙන් යුගයට අඛණ්ඩව අවුත් ලාංකිකයන්ගේ සිත් සතන් තුළ අරටු බැස ලේ මස්වලට කැවී ජානගතව තිබේ යැයි ඒ මතය සනාථ කිරීමට කියන කරුණකි.

එහෙත් මේ රටේ පවත්නා ඉහත දැක්වෙන නම් ගම්ද එසේ රෝපණය කළේද?

SendShareShare
Previous Post

දරුවා ශාසනයට කැපවෙයිද? හරියටම දැනගන්න

Next Post

හැරී ජයවර්ධන පෝට් සිටි නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.