• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පෙරදිග ධාන්‍යාගාරය හදපු මහා වැව් හතරේ හැංගුනු කතාව

May 11, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
පෙරදිග ධාන්‍යාගාරය හදපු මහා වැව් හතරේ හැංගුනු කතාව
Share on WhatsAppShare on Facebook

කඩවර රකින කලා වැව

අපි අපේ කතාව දන්න කියන මේ කලා වැවෙන්ම පටන් ගන්න හිතුවා. ඇත්තටම අනුරාධපුරයේ තිබෙන කලා වැව හදන්නේ ධාතුසේන රජතුමා. රජතුමා කලා වැව හදන්නේ කඩවර නම් පුද්ගලයෙක් එතුමන්ට දීපු තොරතුරක් අනුව. කඩවර කියන පුද්ගලයා දවසක් රජතුමාට ඇවිත් කියනවා වනයේ ජලයෙන් පිරුණු අපූරු තැනක් තියෙනවයි කියලා. පස්සේ රජතුමා ඒ කතාවේ ඇත්ත නැත්ත හොයලා බලනවා. බැලින්නම් කතාව ඇත්ත. පස්සේ ධාතුසේන රජතුමා එතැන කලා වැව හදනවා. එහෙම හදලා හදපු වැව ගැන බලන්න බාරදෙන්නේ අර කඩවරට. ඉතින් කඩවර ඒ කටයුත්ත ඕනෑවටත් වඩා හොඳට කරනවා. රජතුමා ඒ ගැන මහ ඉහළින් සතුටුත් වෙනවා. ඉතින් කඩවරට තෑගිබෝග එහෙමත් ලැබෙනවා. පස්සේ “කාල සිටාණන්” කියලා කඩවර ධනවතෙක් වෙනවා. හැබැයි මේ කඩවර ගැන මාලිගාවේ මැතිඇමතිලා ඉන්නේ නම් ටිකක් තරහින්. ඒ තරහව උඩ ඔවුන් වැව් බැම්ම විනාශ කරනවා. ඒක දකින කඩවරට වේදනාවක් එනවා. පස්සේ ඔහු වැවට පැනලා සිය දිවි නසා ගත්තයි කියනවා. වර්තමානයේ කඩවර දෙවියෝ විදිහට සැලකෙන්නේ ඒ කඩවර නම් පුද්ගලයා කියලයි කියන්නේ.

එළදෙනක් කරවපු මින්නේරිය වැව

එදා මින්නේරිය වැව හදන්නේ මහසෙන් රජතුමා විසින්. මහසෙන් රජතුමා මේ වැව හැදුවයි කියන්නේ රජුගේ ගව පට්ටියේ එළදෙනක් තණකොළ කාපු එක ස්ථානයක කියලයි පැවසෙන්නේ. එම එළදෙනගෙන් දොවාගත් කිරි ඉතා මිහිරි රසයක් ආ නිසා එයට හේතු හොයන්න රජතුමා පෙලඹෙනවා. එතැනදි දැනගන්න ලැබෙන්නේ එළදෙන වැල් මී වැවී ඇති වගුරු හැමදාම තණකොළ කන බවක්. ඉතින් රජතුමා ඒ සතුටට අදාළ වගුරු බිම වැවක් කරනවා. හැබැයි වැවේ වැඩ අවසන් කරන්න ලැබෙන්නේ නෑ. නැකැත්කරුවන් කියන්නේ ඊට රජ කුමාරයෙක් වැවට බිලිදිය යුතුයි කියලයි. ඒ වෙලාවේදී ඊට බිලිදෙන්නේ රජතුමාගේ වැඩිමහල් සොහොයුරියගේ පුතෙක්. පස්සේ මහසෙන් රජතුමා මියගොස් මින්නේරි දෙවියන් විදිහට මේ වැව ආරක්ෂා කරනවා කියලා සඳහන් වෙනවා.

බෙර පදෙන් ආපු හල්මිල්ල වැව

එවකට කලා වැවට ආසන්න ගමක දක්ෂ බෙර වාදකයන් පිරිසක් ජීවත් වෙලා තියෙනවා. ඔවුන් බෙර වාදනය ගැන ඒ සමයේ ප්‍රසිද්ධව හිටපු පිරිසක්. නිතර නිතරම පෙරහැරවලට පවා යන්න ඔවුන්ට ආරාධනා ලැබුණා. ඔන්න දවසක් මේ ගමේ ගම්වැසියෙක් බෙර වාදනයට පිටත්ව ගියා. ඒ යන අතරමඟදි ඔහුට රටේ රජතුමාව මුණගැසුණා. ඔහු රජතුමා එන පෙරහැරට එන්න ඉඩදී පාරෙන් ඉවත්වෙලා ගරුසරුව හිටියා. ඒ වෙලාවේ රජතුමාගේ පෙරහැරේ ගමන් කරපු එක හේවායෙක් අසු පිටේ යන ගමන්ම බෙරයට පයින් ඇන්නා. බෙර වයන්නාට ඒකට කේන්ති ගියා. ඔහු ඒ වෙලාවේ කේන්තිය පිටකළේ අහින පදයක් වයමින්. ඒ පදේ විශේෂත්වය තමා අහන අහන අයට නැටවෙන එක. ඉතින් බෙර පදේ ඇහිලා රජතුමා එතැනට දුවන් ආවා. ඇවිත් මෙතරම් ලස්සනට බෙර වයන ඔහුගේ විස්තර ආදිය අහලා බෙර වාදනයෙන් සතුටුව ඔහුගේ ගමට ගියා. ඒ ගිය වෙලාවේ බෙර වාදකයෝ සියල්ල ගුරුන්නාන්සේ කෙනෙක් යටතේ හල්මිල්ල කැලයට වැදී බෙර වාදනය පුහුණු වෙමින් ඉඳලා තියෙන්නේ. ඒ දුටු රජතුමා පිරිසට හල්මිල්ල යාය පවරලා වැවකුත් එතැන හදලා දුන්නා. කොහොමින් හරි හල්මිල්ල යායේ හල්මිල්ල වැව හැදුණේ එහෙමයි.

නයෙක් හදපු කැකිරාව වැව

මේ කැකිරාව වැව හදපු කතාවත් හරිම රසවත් කතාවක්. දුටුගැමුණු රජතුමා රජකම් කරන කාලයේ හිටපු එක ගොවියෙක් දවසක් තම හේනේ ඇවිදිමින් සිටියා. ඉතින් හේනේ කුරක්කන් ගස් කිහිපයක් තැළී පොඩිවී තියෙන හැටිත් එදා ඔහු දැක්කා. පස්සේ ඔහු ඊට හේතුව සොයා බැලුවා. ඒ බලද්දී දැකපු දෙයින් ඔහු පුදුමයට වගේම දුකට පත්වුණා. ඔහු එතැනදි දැක්කේ විශාල නාගයෙක් සහ මුගටියන් දෙදෙනෙකු සටන් කරන විදිහ. ගොවියාට නාගයා ගැන අනුකම්පාවක් ඇති වුණා. පස්සේ ඔහු මුගුරක් ඇරන් මුගටියන් පළවා හැර නාගයාව බේරා ගත්තා. ඒ වෙලාවේ අඳුර මකමින් එළියක් විහිදෙනවා ගොවියා දැක්කා.ඒ එළියට හේතුව තමයි කැකිරි ගෙඩියක් තරම් විශාල මැණිකක් දහවලේ තමන් නාගයා බේරගත්තු තැන තිබීම. ඒක දැකපු ගොවියා බයවෙලා දුටුගැමුණු රජතුමාට ඒ ගැන කියනවා. පස්සේ රජතුමාත් කැකිරි මැණික දැකලා සතුටු වෙලා එතැන වැවක් හැදුවා. අද අපි දකින කැකිරාව වැවේ උපත එහෙමයි.

SendShareShare
Previous Post

හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස AIA අඛණ්ඩව දෙවැනි වසරටත්

Next Post

කොමර්ෂල් බැංකුව කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන් තුලනය කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.