පැරැණි කාලයේ ඉඩම්වල පරිමාව තරමක් විශාල වුවද එය අද වන විට පර්චස් 40, 20, 15, 10, 5 මෙන්ම පර්චස් 3, 2 ප්‍රමාණයකට සීමාවී ඇත. එදා වැසිකිළිය පිහිටියේ නිවෙසින් ඈත ගිනිකොන හෝ දකුණු දිසාවේය. මේ වන විට එය නිවෙස තුළට ආගන්තුකව පැමිණ සිටී. සමහර නිවෙස්වල බ්‍රහ්ම පාදයට ආසන්නවමද සාලයේ මැද කාමරවලද ගබඩා කාමරය මෙන්ම වැරැදි අන්දමට ගොඩනඟන ලද නිවාසවල මුළුතැන්ගෙයටද සමීපව වැසිකිළි පද්ධතිය පිහිටා තිබෙන බැව් අපි දැක ඇත. එය ඉතාම අසුබ බැව් දක්වමු.
නිවෙස තුළ වැසිකිළි සෑදීමේදී වඩාත් කල්පනා කළ යුතු වේ.
ගේ තුළ වැසිකිළි වහලය කොන්ක්‍රීට් නම් වඩාත් යහපත්ය. දුගඳ පිටවනසේ කවුළු විවෘතව තැබිය යුතුයි. හේතුව බ්‍රහ්මපාදය ආශ්‍රිතව වැසිකිළි සෑදීම මහා වාස්තු දෝෂයකි. එතැන දොරටුව තැබීම දෝෂයකි. කුස්සියට යාබදව වැසිකිළි දොර තැබීම අසුබයි. කෑම කන කාමරයට එක එල්ලේම වැසිකිළිය තබන්න එපා බලවත් දෝෂයක් වේ.
වැසිකිළියට යොදන ඖෂධීය දියර, ෂැම්පු වර්ග දිගුකල්ව පාවිච්චි කළත් දුගඳ නැති නොවේ. මේ දුර්ගන්ධය නිතිපතාම ආග්‍රහණ්‍ය කිරීමෙන් නාසයට හුරුවේ. ස්නායු පද්ධතියට අනුගත වීම නිසා හෝමෝන සංයුතියකය එයට බද්ධ වනු ඇත. කල් යන විට ශරීර සෞඛ්‍යයට අහිත කර වේ.
වැසිකිළිය කුමන අයුරකින්වත් නිවෙස ඇතුළට යහපත් නොවේ. නමුත් අද වන විට වෙන විකල්පයක් නැත. ගෙයි බිම්මහලයේ වැසිකිළි බිම මහගෙයි බිමට වඩා අඟල් 3ක්වත් පහත් වීම යහපත්ය. බිත්ති හතර කැපෙන විකර්ෂණ රේකාවට හසුවන මර්මස්ථානයේ වැසිකිළිය තිබීම අසුබයි. ඉඩමේ හතර කොන විකර්ණ රේඛානුගතව මර්මස්ථානවල වැසිකිළි තිබීම මහා වාස්තු දෝෂයක්. නිරිත, වයඹ, බස්නාව හෝ දකුණ, ගිනිකොන වැසිකිළියට යෝග්‍ය වේ. උතුර, ඊසාන, නැඟෙනහිර තිබීම දෝෂයක් වේ.
සමහර නිවාසවල වැසිකිළියේ අපද්‍රව්‍ය ගලා යන බට ඇතුළත දමා තිබේ. ඊසාන, උතුර හා නැඟෙනහිර වළවල් කපා තිබේ. මෙය මහා වාස්තු දෝෂයක්. නිවාස හිමියන්ට ඉතාම අසුබ වේ. සමහර විට නිවාස ඇතුළේ බිම යට දමා ඇති අපද්‍රව්‍ය ගලා යන ඇස්ලෝන් බට හිරවීම, පලුදුවීම, ඇහිරීමක් වුවහොත් එය ඉවත් කිරීමට ගැටලුවක් වේ. ලංකාවේ විවිධ පළාත්වලද දෙමහල්, තුන්මහල් නිවාසවලද මෙවන් වාස්තු දෝෂ සහිත යෙදීම් අනුගත වී ඇති බැව් අප විසින් කරන නිවාස වාස්තු පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
මේ සියලු කරුණු කාරණා යෙදී ඇත්තේ අද වන විට ඉඩම් ප්‍රමාණය අඩු වීම නිසාය. උපක්‍රමශීලීව නිවෙසක් ඉදිකළ යුතුයි. පැරැණි වාස්තු මූලධර්මයන්ට එකඟව අදට ගැළපෙන සේ ප්‍රායෝගික අත්දැකීම් ඇතිව නව නිවෙසක් ගොඩනැඟීමට හැකි වේ. පොතේ හැටියට ගෙවල් අද හැදිය නොහැක. අඟලෙන් අඟලට වාස්තු දෝෂ බලන්නට ගියොත් ගේ හැදිල්ල පැත්තක දමා වාස්තු දෝෂ බල බලා ඉන්නට වේවි.
ඕනෑම ඉඩමක තමන්ට අවශ්‍ය අන්දමට වාස්තු විiානුකූලව ගෙයක් හැදිය හැක. කළ යුත්තේ නිසි කළමනාකරණයක් අනුගමනය කිරීමයි.
ඔබේ ඉඩමේ පිහිටීම, හැඩතලට ගැළපෙන සේම, ප්‍රමිතිගතව ප්ලෑන් එක අන්දවාගෙන වාස්තුවට අනුව ඔබේ ජන්ම නැකැතට සීහෙන සේ වර්ගීකරණය කරගන්න. ඉතාම අසුබ නැකැතකට ගෙයි වැඩ අරඹන්න. සියලුම වැඩ අකුරටම වාස්තු විiාවට අනුව පටන් ගන්න. දෝෂ සියල්ලම මගහරවා ගන්න. ගෙයි පදිංචි වන්න. අපූරුවට නිවාස තුළ ඔබ සැමට ඉන්නට හැකිවේ. සෞඛ්‍ය සම්පන්න නීරෝගී නිවෙසක් ඉදිකරගෙන ඒ තුළ සතුටින් වාසය කරන්නේ නම්, පංච මාස සම්පත්තියම හිමිවේවි. ඒකයි ඇත්තම ඇත්ත.
උගත් පළපුරුදු අත්දැකීම් ඇති වාස්තු විiාවේදියකුගේ උපදෙස් ගැනීම අනිවාර්ය බැව් මෙහිලා සනිටුහන් කර සිටිමු.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











