• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

තට්ටු පහක් පොළොව යටින් මතුවුණු ලෝකයම සසල කළ ආදර සිහිවටනය

May 1, 2021
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
තට්ටු පහක් පොළොව යටින් මතුවුණු ලෝකයම  සසල කළ  ආදර  සිහිවටනය
Share on WhatsAppShare on Facebook

ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර කාලය තුළ මතකයන් ඉතිරි කළ ලෝකවාසී ජනතාව තුළ නොමැකෙන මතකයන් බවට පත්වූ ආදර කතා පුවත් ගණනාවක් තිබේ. එවැනි ලෝක ප්‍රකට ආදර කතා අතර නිතැතින්ම මතකයට නැඟෙන සුවිශේෂී කතා පුවත්ද කිහිපයකි. සාජහන් – මුන්ටාස්, රාම – සීතා, රාධා – ක්‍රිෂ්ණා, සාලිය – අශෝකමාලා ආදර කතා ඒ අතර කාගේත් වන්දනාවට, ගෞරවයට පාත්‍රවූ ආදර කතාය.

මේ ආදර කතා අතර සුවිශේෂී ආදර සිහිවටන ලෝකයට දායාද කළ කතා පුවත් ඇත්තේ නම් අතලොස්සකි. ඒ අතරින් සාජහන් – මුන්ටාස් ආදර කතා පුවත ප්‍රධාන වෙයි. ඔවුන්ගේ ආදර කතාවෙන් ලෝකයට ඉතිරි වූ ටජ්මහල ලක්ෂ සංඛ්‍යාත හදවත් තුළ ගෞරවයට පාත්‍ර වන්නේය. මේ බොහොමයක් ආදර කතාවල ලේ, කඳුළු, දහදිය, මහන්සිය නිසාම රළු ගල් ගඩොල් පවා මටසිලිටු සුමට වස්තූන් වෙනවා යැයි විශ්වාස කරන්නට සිදුව තිබේ. මුන්ටාස්ගේ ආදරය වෙනුවෙන් සාජහන් කරවූ ටජ්මහලෙන් පවා ඒත්තු ගැන්වෙන්නේ එයම නොවේද.

එහෙත් සාජහන්ලා, මුන්ටාස්ලා, රාම – සීතලා, රාධා – ක්‍රිෂ්ණලා, සාලිය – අශෝකමාලලා ගැන කතා කරද්දී කිසිවකුත් නොදැන ලෝකයට රහසේ සැඟවී ගිය පූජනීය, අමරණීය ප්‍රේම කතා තව කොතරම් තිබෙන්නට ඇත්ද යන්න සිතාගත නොහැකිය. රහසේ සැඟව ගිය එවැනි ආදර කතා ලෝකයට ඉතිරි කර ගිය සිහිවටනද අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තවමත් රහසේම තිබෙනවා වන්නටද බැරි නැත.

එහෙම හරි අපූරු තවත් ආදර කතාවක් හා බැඳුණු විස්මිත සිහිවටනයක් ගැන ඉන්දියාවෙන් අසන්නට ලැබුණේය. තට්ටු පහක් පොළොව යටට ඉදිවුණු මේ අපූරු ආදර සිහිවටනය හා බැඳුණු හදවත් දෙකක් ගැනද සුවිශේෂී කතාවක් වෙයි.

රාම සීතා, රාධා ක්‍රිෂ්ණා සේම මේ පෙම් යුවළද අමරණීය වන්නේය. ඒ ආදරයේ නාමයෙන් කළ මහා කැප කිරීම් නිසාමය. මේ විස්මිත ආදර සිහිවටනයේ උරුමකරුවන් වන්නේ වීරසිං රජුත්, රානිරුජභා බිසවත්ය. සාජහන්, මුන්ටාස් මෙන් කනට නුහුරු වුවත් මේ අපූරු ආදර සිහිවටනය ටජ්මහලට දෙවැනි වන්නේ නැත. ඇතැම් විට එය ටජ්මහල් පරදන විස්මිත ආදර නිමැවුමකි.
මේ හරි අපූරු ආදර සිහිවටනයට විශේෂ වන කාරණාත් රාශියක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධානම කාරණය තමයි පළාතකම මිනිසුන්ට ආදරයෙන් ඔවුන්ගේ පිපාසය සංසිඳවීම සඳහාම කළ විස්මිත ළිඳ.



මේ ගැඹුරු ළිං පතුලේ සැඟවුණු සංවේදී ආදර කතාව කාගේත් සිත් මොහොතකට සසල නොකළහොත් පුදුමයකි.

ඉන්දියාවේ අහමබාද්වල පිහිටා ඇති මේ අපූරු ළිඳත් සමඟ බැඳුණු කතාවත් සුවිශේෂී වන්නේය. ක්‍රි.ව. 1499 දී දන්දායි දේශ් යනුවෙන් හැඳින්වූ මේ ප්‍රදේශයේ පාලකයා වූයේ වීර්සිං නම් ප්‍රාදේශීය රජ කෙනෙකි. එකල ඉන්දියාවේ ප්‍රාදේශීය රජකම් කළ අනෙකුත් රජවරුන්ගේ බිසෝවරුන් සමගින් සසඳද්දී වීර්සිං රජුගේ රානි රුජභා දේවිය රූපශ්‍රීයෙන් වැඩිම තැනැත්තිය වීම නිසාම වීර්සිං රජු සිටියේ මහා සතුටකිනි.

සිය දේවියට මෙන්ම තම ප්‍රදේශයේ ජනතාවටත් හදවතින්ම ආදරය කළ වීර්සිං රජුගේ එකම අභිප්‍රාය වූයේ නිතර නිතර ජල හිඟයට මුහුණදෙන සිය ජනයාට වසර පුරා එකම ආකාරයට ජල පහසුකම් සපයා දීමය. ඒ සඳහා පඩි බැසගෙන ගොස් ජලය අතින්ම ගන්නට හැකි සුවිශේෂී ළිඳක් ඉදිකිරීමේ සිහිනයත් රජුගේ සිත තුළ නිතර නිතර මැවුණේය. ඔහු එම අරමුණ ජය ගැනීමට නිතරම සිතුවේය.

අවසානයේ ඔහු සිය ඉලක්කයට යෑමට ළිඳ කැපීමේ කටයුත්ත ආරම්භ කළේය. ‘මගේ ජීවිතය ඉවර වෙන්න කලින් මේ ළිඳ හදලා මගේ වැසියන්ට ඇති තරම් වසර පුරාම ජලය ලබාදීලා ඔවුන්ගේ දුක නිවන එක තමයි මගේ එකම සිහිනය’ වීර්සිං රජු නිතරම රානි දේවිය සමගින් කීවේය.

එහෙත් අඩි දහස් ගණනක් ගැඹුරු එම ළිඳ ඉදිකර පඩිපෙල් බැසගොස් ජලය ලබාගන්නට හැකි අයුරින් ළිඳෙහි වැඩ අවසන් කරන්නට වීර්සිං රජුට වාසනාවක් නොවීය. හදිසියේම එම පළාත මුස්ලිම් ආක්‍රමණයකට ගොදුරු වීමෙන් වීර්සිං රජුට මරණය අත්වූයේ අවාසනාවන්ත අයුරිනි. ඉන්පසු රානි දේවියට සිදුවූයේ සිය සැමියාගේ සිහිනය ගැන සිහින දකින්නටය. මේ අතරේ මොහොමඩ් බෙග්දා නම් මුස්ලිම් පාලකයා රානි දේවිය දැක ඇය ගැන සිතක් පහළ කරගත්තේය. හෙතෙම රානි බිසවට සිය බිරිය වෙන්නැයි පණිවුඩයක් යැව්වේය. එහෙත් එම යෝජනාව කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කළත් මොහොමඩ් බෙග්දුද සිය අදහස අත්හැරියේම නැත.

අවසානයේ රානි බිසව තීන්දුවකට ආවාය. ඇය ඊට කදිම යෝජනාවක්ද එකතු කර ගත්තාය. සිය සැමියාගේ බලාපොරොත්තුවත් බාගෙට නිමකළ ළිඳ ගැනත් මොහොමඩ් බෙග්දුට පැවසූ ඇය එම කටයුත්ත නිමකර සැමියාගේ සිහිනය ඉටුකර දෙන්නේ නම් එයින් පසු තමා මොහොමඩ් බෙග්දුගේ බිරිය වන බවට දන්වා යැවුවාය.



ඇය ගැන අසීමිතව ආශාවකින් පසුවූ මොහොමඩ් බෙග්දු ඇගේ යෝජනාව පිළිගත්තේය. ඒ අනුව ඇය ළිඳෙහි සැලැස්ම ඔහුට පෙන්වා දුන්නාය. ඒ අනුව රානි දේවියගේ උපදෙස් සහ සැලැසුම් අනුව විශාල වියදමක් දරා මොහොමඩ් බෙග්දු ළිඳ ඉදිකළේ පොළොව යටට ඉදිවූ තට්ටු පහකින් යුතු මාලිගයක් ලෙසිනි.

අටාශ්‍රයක හැඩයට හින්දු මෝගල් සංස්කෘතික අංගයන් එකතු කර ඉදිකළ පස්මහල් මන්දිර ළිඳ විස්මිත නිර්මාණයක්ම වූ අතර, වැඩ අවසන් වීමෙන් පසු මොහොමඩ් බෙග්දු රානි දේවියව එතැනට කැඳවාගෙන ගියේය. මහලින් මහලට පඩියෙන් පඩියට සිය සැමියාගේ සිහිනය සැබෑවී ඇති අයුරු ඈ පරීක්ෂා කර බැලුවේ සතුටු සිතිනි. අවසානයේ රානි දේවිය ඉහළම මහලේ මුදුනට පැමිණ පහළ බලාගෙන මොහොතක් සිටියේ සිය සැමියාගේ සිහිනය සැබෑ කරන්නට හැකි වීමේ සතුට විඳිමිනි.

තමාට එතරම් ආදරය කළ වීර්සිං රජුව මරා දැමූ ඝාතකයාගේ බිරිය වී වීර්සිං රජුට ද්‍රෝහි නොවිමියි සිතූ රානි දේවිය සුළු මොහොතකින් ඉහළම මහලේ සිට පහළට පැන දිවි තොර කරගත්තේ තවත් අමරණීය ප්‍රේම කතාවක් නිමාවට පත්කරමිනි. ආදරණීය සිහිවටනයක් ලෝකයට ඉතිරි කරමිනි. ඒ අනුව ලෝකයට ඉතිරි වූ ඒ අමරණීය ළිඳ ඉන්දියාවේ අහමදුබාද්වල තවමත් ඇත්තේය. අදලාජ් වැව් නැතහොත් පඩිපෙළේ ළිඳ අදත් ජනයාගේ ආදරයට පාත්‍ර වන්නේය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව අගමැතිතුමාට

Next Post

තෝරලා බේරලා නැතුව ආවනම් රැල්ලට ගිහින්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.