මහජන බැංකුවේ 2020 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා අතින් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, මූල්‍ය ප්‍රධානි අසාම් ඒ. අහමඩ් සහ අලෙවි ප්‍රධානී නාලක විජේවර්ධන යන මහත්වරුන්ද සහභාගි වූහ.











