කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය මගින් අප්‍රේල් 9 සහ 10 දෙදින වාර්තාගත රුපියල් බිලියන 8.818ක මුදලක් නිකුත් කර ඇති අතර පැය 24ක් තුළ මුදා හරින ලද මුදල් ප්‍රමාණය සඳහා නව වාර්තාවක් පිහිටුවා ඇත.
බැංකුවේ ටෙලර් යන්ත්‍ර ජාලය විසින් අප්‍රේල් 9 වන දින රුපියල් බිලියන 4.498ක මුදලක් සහ ඊට පසු දින රුපියල් බිලියන 4.320ක මුදලක් මුදාහැර ඇති බව බැංකුව නිවේදනය කර ඇත.
සමස්ත වශයෙන් 2021 අප්‍රේල් මස 1 වන දින සිට 15 වන දින දක්වා කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත්‍රවලින් රුපියල් බිලියන 41.748ක මුදලක් ලබාගෙන තිබූ අතර මෙම ජාලය මෙරට වැසියන්ගේ දෛනික ජීවිතයට දක්වන වැදගත්කම සහ එහි විශ්වාසනීයත්වය මෙන්ම ශක්තිමත්භාවය මෙමගින් පෙන්නුම් කරයි. මෙම දින 15න් දින 7කදී දිනකට රුපියල් බිලියන 2කට අධික මුදල් ප්‍රමාණයක් බැගින් ලබාගෙන ඇති අතර දින 5කදී දිනකට රුපියල් බිලියන 3කට අධික මුදල් ලබාගෙන ඇති බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.











