වාහන මිලදීගැනීමේදී අඩුම පොලී අනුපාත සහ දැරිය හැකි ලීසිං වාරික මත ගැනුම්කරුවන්ට වාහන මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි කොමර්ෂල් බැංකුවේ ‘ලීසිං වාරේ’ ප්‍රවර්ධන වැඩසටහන යළිත් ආරම්භ කිරීමට බැංකුව කටයුතු කර තිබේ.
කීර්තිමත් වාහන අලෙවි නියෝජිතයින් සමග ඒකාබද්ධවී විශේෂ වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන මෙම ‘ලීසිං වාරේ’ ප්‍රවර්ධන වැඩසටහන 2021 ජුනි 30 වනදා දක්වා ක්‍රියාත්මක වේ. මෙහිදී අඩු පොලියට ලීසිං පහසුකම් ලබාගැනීමට අමතරව තම තමන්ගේ ආදායම් රටාවන්ට ගැළපෙන ලෙස ලීසිං පහසුකම් සකසා ගැනීමේ අවස්ථාව හිමිවන අතර බැංකුවේ සුපර් ලීසිං සහ හයිබි්‍රඩ් ලීසිං පහසුකම්ද මෙම මාස තුනේ ප්‍රවර්ධන කාල සීමාව තුළදී ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.
කොමර්ෂල් බැංකුවේ සුපර් ලීසිං පහසුකම් මගින් අති සුඛෝපභෝගී වාහන අඩුමිල වාරික, පහසුගෙවීමේ ක්‍රම සහ කලින් මුදල් පියවීමේදී අඩු ගාස්තු යටතේ ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ. මේ අතර, බැංකුවේ හයිබි්‍රඩ් ලීසිං පහසුකම යටතේද අධි සුඛෝපභෝගී වාහන අඩුමිල වාරිකවලට ලබාගත හැකි අතර පළමු වසර තුළදී සාමාන්‍ය වාරික මුදලෙන් අඩක් ගෙවීමේ අවස්ථාවද ඉතිරි ලීසිං කාල සීමාව තුළදී සාමාන්‍ය වාරිකය ගෙවා දැමීමට මෙහිදී පාරිභෝගිකයින්ට හැකිවේ.











