• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

තොප්පිගල මහ කැලෙත් මහා පූජා නගරයක්

April 20, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
තොප්පිගල මහ කැලෙත් මහා පූජා නගරයක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා භූමිය තුළ අප ඇසූ දුටු තැන්වලට වඩා නොඇසූ නොදුටු තැන් ඇති බව රහසක් නොවේ. මන්ද ශ්‍රී ලංකා භූමිය යනු තෙවරක් බුදු රජුන් වැඩි බිමක් මෙන්ම එක පෙළට රජ දරුවන් තැනූ බිමකි. එම නිසාම මෙම බිමෙහි සැඟවුණු කතාවලට සීමාවක් හෝ යම්කිසි කෙළවරක් නැත. සැබෑවටම ඒ සියල්ල අසීමාන්තිකය. ඉතින් අප අද මෙසේ වටපිටාව සකසා ගන්නේද එවැනි කතාවක් වෙනුවෙන්ය. මේ කතාව අයිති ශ්‍රී ලංකාවේ ඉහළ කෙළවරටය. ශ්‍රී ලංකාවේ ඉහළ කෙළවර යැයි කියූ පමණින්ම ඔබට මට කුරිරු යුද්ධයක මතක සිහිවුණද මෙම කතාව අයිති ඓතිහාසික පසුබිමකටය. ඔව් මේ තොප්පිගල වනයෙන් මතු වූ පූජනීය බිමේ කතාවය.
සැබෑවටම මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් පත්තුවට අයත් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන රැසක්ම තොප්පිගල ආශ්‍රිතව අදටත් දැකගත හැකිය.මේ අතර තොප්පිගල මෙන්ම නෙලුගල වැනි ප්‍රසිද්ධ විහාරාරාමයන්ට අමතරව නරකමුල්ල ප්‍රදේශයේ විශාල ගල්කුලුවලින් සමන්විත භූමියක දැකිය හැක්කේ පැතිරුණු දැවැන්ත සංඝාරාම සංකීර්ණයක නටබුන්ය. එය නමින් තොප්පිගල වනයේ සැඟවුණු නරකමුල්ල සංඝාරාම සංකීර්ණ පුරාවිද්‍යා භූමියයි. ඓතිහාසික අතින් මෙම භූමිය කොතරම් ඉහළ තැනක තිබුණද අදටත් මෙම ඓතිහාසික භූමිය ගැන දන්නේ අතළොස්සක් පමණි. එය නම් කනගාටුවට කරුණකි.


ඓතිහාසික අතින් වැදගත් ඉපැරණි නරකමුල්ල සංඝාරාම සංකීර්ණය පුරාවිද්‍යා භූමියට යා හැකි මාර්ගය ගැන පැවසීම මෙහිදී වැදගත්ය. ඊට හේතුව අප එය කියවන ඔබට කියවන්නට ලියනවා මෙන් නොව එය ඇසින් දැක සිත පහදවා ගත හැකි ස්ථානයක් වීමයි. ඒ අනුව නරකමුල්ල සංඝාරාම සංකීර්ණ පුරාවිද්‍යා භූමියට යා හැකි මාර්ගය මෙසේය. මුලින්ම වාලච්චේන සිට මඩකලපුව දක්වා මාර්ගයේ කිරාන් මංසන්ධියෙන් දකුණු දෙසට හැරී කිරාන් පසුකර තොප්පිගල දෙසට මඳ දුරක් යා යුතුය. එසේ යන විට තාරාවිකුලම් යුද හමුදා කඳවුරු හමුවෙයි. එම තාරාවිකුලම් යුද හමුදා කඳවුරු අසලින් මාර්ගයේ කිලෝමීටර් කීපයක් ගිය පසු අලි ඇතුන් ගහන නරකමුල්ල වනයේ සැඟවුණු මෙම ඓතිහාසික ආරාම සංකීර්ණය වෙත ළඟාවිය හැකිය. දැනට මෙම ස්ථානයට යා හැකි පහසුම මග මෙයයි.

පසුගිය ඛඔඔෑ යුද සමයේ හුදෙකලා ප්‍රදේශයක් වූ නරකමුල්ල එවකට කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් අතින් බහුල ප්‍රදේශයකි. කටාරම් කොටන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් රැසකින් සමන්විත මෙම සංඝාරාම සංකීර්ණයේ ප්‍රතිමා ගෘහය, බෝධි ගෘහය ඇතුළු විහාරාරාම රැසකම නටබුන් අදටත් එහි පහළ ගල් තලාව පුරාවට දැකගත හැකිය. දැනට මෙම ස්ථානයෙන් සෙල්ලිපි කීපයක්ද හමුවී ඇත. තවද මෙම භූමියෙන් හමුවූ බව කියන ශෛලමය විහාරාරාම අංගයන්හි නටබුන් කොටස් චාම් කැටයමින් සරසා තිබීමෙන් සහ බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් මඟින් මෙම ආරාම සංකිර්ණය අනුරාධපුරයේ මුල් යුගයට අයත් බව අනුමාන කළ හැකිය.

මේ අතර නරකමුල්ල සංඝාරාම සංකීර්ණ පුරාවිද්‍යා භූමිය තුළ අතීතයේ දැවයෙන් කළ කුඩා පාලමක්ද ඉදිකර තිබූ බවට සාධක හමුවී ඇත. එසේම මහා වනය හරහා මඳක් ඉහළට ගමන් කිරීමේදී කටාරම් සහිත ගල් ලෙන් රැසක්ම හමුවෙයි. ඒ අතර එම ගල් ලෙන් කීපයක ආදි මානව සිතුවම් ලෙස අනුමාන කළ හැකි සුවිශේෂී සිතුවම්ද දැකගත හැකිවීම විශේෂත්වයකි. මෙහි ඇති දැවැන්තම ගල් ලෙන එදා ප්‍රධාන විහාර ගෙය වූ බව බැලූ බැල්මට පෙනෙයි. වසර කීපයකට පෙර විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් පවා මෙහි තිබූ බවට සඳහන් වුවත් අද එය ගඩොල් ගොඩකට පමණක් සීමාවී තිබේ. මෙම ගල් ලෙනේ වියන් තලය අලංකාර සිතුවමින් අලංකාර කර තිබූ බවද පෙනෙයි. එසේම මෙම ලෙනේ දීර්ඝ ලෙන් ලිපියක්ද වෙයි. එයින් මෙම ලෙන පූජා කළ පුද්ගලයා හා ඔහුගේ පරපුර ගැන සඳහන් වෙයි. මෙම ලෙන් සංකීර්ණයේ ඉහළ කඳුගැටය මත කළුගලින් කළ ස්ථූපයක නටබුන් දක්නට ලැබුණද ඒවා දැනටත් නිධන් සොරුන් විසින් විනාශ කර තිබෙන බව දැකගත හැකිය. එම නිසා සියලුම විහාරාරාංග තුළින් සමන්විත නැගෙනහිර පළාතේ ඇති මෙම ඉපැරණි බෞද්ධ විහාර සංකීර්ණය සංරක්ෂණය කළ යුතුය. එසේ නොවන්නට ඉදිරි පරම්පරාවට මෙය දැකබලා ගැනීමට කිසිවිටෙක හැකියාවක් නොමැත.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

මුරුත්තෙට්ටුවේ හිමි පෝට්සිටියට එරෙහිව උසාවි යද්දී එකට සිටි මැදගොඩ හිමි පෝට්සිටිය ‘හොඳයි’ කියයි

Next Post

ආණ්ඩුවේ ඇමැතිකම් චෝදනාවට විජයදාස කන පැලෙන්න උත්තර දෙයි (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.