• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

දැක්ක වීඩියෝවේ ‌නොදැක්ක පැත්ත

September 22, 2019
in Politics
Reading Time: 1 min read
A A
දැක්ක වීඩියෝවේ ‌නොදැක්ක පැත්ත
Share on WhatsAppShare on Facebook

මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. ඒක ඇත්තටම බලන්න තරම් දෙයක් නෙමෙයි. අප්‍රසන්නයි. කාගෙවත් දෙයක් කාටවත් ඕනකමක් නෑ බලන්නත්. ඒත් හැමෝම රහසින් ඒක කරනවා. ඒ කියන්නෙ බලනවා. බලනවා වගේම බැලෙනවා.
“අප්‍රසන්නයි නේ?”
එහෙම තමයි හුඟාක් අය හිතාගෙන ඉන්නෙ. හිතාගෙන ඉන්නව වුණාට එළිපිට එහෙම කියනවා වුණාට අප්‍රසන්නමත් නෑ. ඒක එකාගෙ අවයව දිහා බලාගෙන, හැසිරීම් දිහා බලාගෙන ඒ ලබන විනෝදය ඉතාම සරලයි. හැබැයි නිකමට හිතුවද ඒ මිනිස්සුන්ගෙ තිබුණ ඒ බැඳීම්වල සංකීර්ණකමක් ගැන. කෙල්ලෙකුයි, කොල්ලෙකුයි එහෙම ඉන්නව කියන එකට කොයි තරම් නම් සංකීර්ණද? හැබැයි ඒක අපට තත්පරේක ආතල් එකක් විතරයි. ඒ උන්ගෙ ජීවිතේ.
“කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් එළියට ගියොත් මොකක්ද වෙන්නෙ?”
ඒක හිතන්න ඒ කෙල්ලගෙ පැත්තෙන්. ඔයා කෙල්ලෙක් නම් හිතන්න ඒ ඔයා කියලා. දැන් ඉස්සරට වඩා හුඟාක් වෙනස්. අපි හොඳටම දන්නව ලංකාවෙ ඉන්න කෙල්ලන්ගෙන් සියයට තිහක හතළිහකගෙවත් නිරුවත් ඡායාරූප තවත් කෙනෙක් ළඟ තියෙනවා. සමහර විට එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ළඟවත් තියෙනාවා.
“එතකොට…”
ඔව්. එතකොට මේ සමාජ ක්‍රමය තාම එතෙන්ට ඇවිල්ල නෑ. කොල්ලො හැම වෙලාවකම තමන්ගෙ දඬුවම් ක්‍රමවලට යොදාගන්නෙ ඒවා. කෙල්ල දාලා ගිය ගමන්ම එකිට දඬුවම් කරන්නෙ තමන් විතරක් දැකපු ඇගේ නිරුවත ලෝකෙටම පේන්න එළියට දාලා. අන්තර්ජාලය ඉතාම සශ්‍රීකව අතුපතර විදිහිලා තියෙන තත්ත්වයක් යටතේ ඒ ඡායාරූපයක් තප්පර ගාණක් ඇතුළත මුළු ලෝකෙම දකිනවා.
“එතකොට ඒ කෙල්ල?”
ඔව්. ඒ කෙල්ල නිසැකවම මොනව හරි කරගන්න ඕනෙ. අඩුම තරමෙ රට යන්නවත් ඕන. එතකොට අම්මල තාත්තලා?” ඒක තීරණය කිරීම ඒ කෙල්ල සතුයි. උත්තර දීම සමාජයත් එක්ක බේරගන්න ඕනෙ. නැත්නම් එයාලත් දුව වගේම සියදිවි හානිකරගන්න ඕනෙ. ඒ ගැන තීරණය කිරීම ඒ අය සතුයි.
හැබැයි අපි හිතන තරම් ප්‍රශ්නයක් එතැන නෑ. නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට ගිය පමණින් කිසිම දෙයක් වෙන්නෙ නෑ. ලෝකෙ ඕනෙ තරම් නිරුවත් ඡායාරූප තියෙනවා. සමහර විට නිරුවත කියන්නෙ කලාවක්. සමහර විට නිර්මාණයක්. ඒ විදියට අහඹුවක් අස්සෙ දකින ඔය මොකක් හරි ඡායාරූපයකින් කෙනෙක්ව අඳුනගන්න තරම් මේ රට පොහොසත්ද? ඇත්තටම නෑ.
හොඳම දේ වෙන්නෙ පන්නරය ලැබීම. යකඩයක් මුවහත් වෙන්න කලින් දහසකුත් එකක් දුක් විඳිනව. දැඩි උණුසුමේ පොල්කටු අඟුරු අතරෙ පිච්චෙනවා. ඊට පස්සෙ කිලෝ ගාණක් බර යකඩ කුළුගෙඩියකුයි, තවත් යකඩයකුයි අතරෙ තැලෙනවා. එහෙම තැලිලා මුවහත හැදුනාම ඒ යකඩයේ වටිනාකම වැඩි වෙනවා. ඕනෑම කෙනෙක්ව කපන්න කොටන්න ශක්තිය එනවා. ප්‍රයෝජනවත් වෙනවා. ජීවිතෙත් ඒ වගේ. පරාජය නොවී පන්නරය ලබාගන්න පාවිච්චි කරන්න. නිරුවත් ඡායාරූප හරි වීඩියෝ හරි බලන මිනිස්සු කොච්චර වුණත් එකක්ම බල බල ඉන්නෙ නෑ. ටික කාලෙකින් ඕක අමතක වෙලා යනවා. හැබැයි එහෙමයි කියලා සරලව ගන්න එපා. ඒ නිසා මේ ලිපිය කියවන්න ගිහිල්ලා සිය දිවි හානි කරගන්න එපා. හැබැයි එහෙමයි කියලා නොසලකා ඉන්න එපා. අපි කෙළින්ම කතාවට බහිමු.
ලීක් වුණ වීඩියෝ එකක කතාවකින් පහුගිය සතියෙ ෆේස් බුක් එක ගිනියම් වුණා. උඩින් ගුණයහපත් මහත්තුරු හුදීජන පහන් සංවේගය උදෙසා මේ වගේ වැඩවලට එරෙහිව හඬ නඟන අතරේ යටින් හොරෙන් වීඩියො එකේ ලින්ක් එක ගෙන්න ගත්තා. ඒක හරිද වැරැදිද කියන එක මේ ලිපියට අදාළ කාරණයක් නෙවෙයි. ඒ සදාචාරාත්මක ප්‍රශ්නය වෙනමම විසඳගතයුතු ආකාරයේ එකක්. නමුත් ලීක්වුණු වීඩියෝවේ කතාව නෙවෙයි, වීඩියෝ ලීක් වෙන එක ගැන කතා කළයුතු තැනකට රට ඇවිල්ලා කියලා අපි හිතනවා. එහෙම හිතන්නෙ මේ ඉතාම නරක ප්‍රතිඵල සහිත අර්බුදයක් නිසා. මොකද මේ වගේ දෙයක් යුරෝපා රටක උනානම් ඒක සමාජයට දැනෙන්නෙ අතිශය සරල විදියට. නමුත් ලංකාවෙ ඔය වගේ දෙයක් අග තියෙන්නෙ සියදිවි හානිකරගැනීම, මානසික ව්‍යාකූලතා ඇතිවීම්, පවුල් අවුල් වීම් සහ කාන්තාවක් ගණිකාවක් බවට පත් වීම වගේ බරපතළ විපතක් වෙන්න පුළුවන්. ඒ නිසා සැලකිල්ලෙන් ඉන්න කියලා කියන සරල උත්තර මේ වගේ නරකම තත්ත්වයකට ළාමක වැඩියි. හැබැයි අපි නිහඬව නොසිට ඉක්මනින් මේ ගැන කතා කළයුතුයි. මොකද එහෙම නොකරන හැම වෙලාවකම අපි අපිම බරපතළ ප්‍රශ්නයක පැටලෙනවා.
“කොහොමද එහෙම වෙන්නෙ?”
මේ වැඬේ වෙන්නෙ මානසික ලෙඞ්ඩු නිසා. තමන්ට මානසික ලෙඩක් තියෙනවද කියලා තමන්ටම බලාගන්න පුළුවන් ඕනෙ නම්. ඔබේ ජංගම දුරකතනයෙ තියෙවද ඔබේ පෙම්වතියගෙ නිරුවත් ඡායාරූප? එහෙම නැත්නම් ඔබේත් ඇගේත් නිරුවත් රූපරාමු සහිත දර්ශන. අන්න ඔබ අමාරුවෙ වැටෙන්න නියමිත මානසික ලෙඩෙක්.
එහෙම වෙන්නෙ නෑ?
අන්න එහෙම හිතෙනවා නම් ඒකයි නරකම තත්ත්වය. මොකද දැන් ඔය හුඟාක් අය එහෙම කරගන්න හිතාගෙන හිටපු අය නෙවෙයි. එහෙම වෙන්නෙ නෑ කියලා හිතපු අය තමයි හුඟාක් නා ගත්තෙ.
ඒ කොහොමද?
එහෙම වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ඔබේ ජංගම දුරකතනය හදිසියේම ක්‍රියා විරහිත වීම. සාමාන්‍යයෙන් ජංගම දුරකතනයක් කැඩුණම අපි හරියට කලබල වෙනවා. හරියට අතක් පයක් කැඩුණා වගේ එකක් වෙනවා. උන් හිටි ගමන් අපි දුවන්නෙ දුරකතන අලුත්වැඩියා කරන තැනට. හැබැයි අපට තියෙන කලබලේ එතැන ඉන්න කාටවත් නෑ. ඒ හදන කෙනා අපේ පාස්වර්ඞ් ඉල්ලුවම අපි ඒක දෙන්නෙ පිස්සුවෙන් වගේ.
අන්න ඒ වෙලාවෙ එයාලා මේ ජංගම දුරකතනයෙ මතකය අවුස්සනවා. මැකුව මතකෙත් ගන්න දන්නවා. අන්න එහෙමයි ඔය හුඟාක් වීඩියෝ එළියට එන්නෙ. ඒ වගේම ජංගම දුරකතනය නැති වෙනවා. ඒක කවද කොහොම කොතැන වෙනවද කියන්න අපි දන්නෙ නෑ. එහෙම වෙලාවට මතක ගබඩාව කෙසේ වෙතත් පිටින් එකතු කළ මතකය ඕනෙ ඕනෙ විදියට පාවිච්චි කරන්න ඒ අයට ඉඩ ලැබෙනවා. අනිත් දේ වෙන්නෙ හුවමාරු කරගැනීම. ඒක ඉතාම භයානක දෙයක්. ෆොටෝ වීඩියෝ යවලා කොල්ලව දාලා ගියාම ඌ ඒ ඔක්කොම ටික අන්තර්ජාලයට එකතු කරලා “බායි” කියනවා. ඒවා නං ඉතින් විහින් කරගන්න දේවල්. හැබැයි ඒ ඔක්කොටම වඩා වෙනස් ව්‍යාපාරයකුත් මේක අස්සෙ තියෙනවා. ඔබ දන්නවද දන්නෙ නෑ මේ හැම වීඩියෝ එකකටම මුදල් ලැබෙනවා. ඒ නිසා දැන් මේක ව්‍යාපාරයක් බවට පත්වෙනවා. ඒ කතාව මුල සිට අගට ඔබට කියලා ඔබව නරක් කරන්නෙ නෑ. හැබැයි ඔබ මතක තියාගන්න ඕනෙ මේ ව්‍යාපාරයට ඔබ අහුනොවී ඉන්න ඕනෙ බව. අන්තිමට කොහෙවත් ඉන්න එකෙක් හම්බකරන්නෙ ඔයාගෙ රූපෙන් නම් ඒක විඳලම බලන්න ඕනෙ.
මෙහෙම උනාම මොකද කරන්න ඕන?
ඔබට ගන්න පුළුවන් පියවර කිහිපයක්ම තියෙනවා. ඒ එකක්වත් සියදිවි හානිකර ගැනීම වගේ එකක් නෙවෙයි. ඔබට ඔබේ ප්‍රශ්නය ගැන පැහැදිලි කරන්න ආයතන කිහිපයක්ම තියෙනවා. එකක් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, අනික පොලිස් මූලස්ථානයේ පරිගණක අපරාධ සම්බන්ධ කාර්යාංශය. ඒ වගේම ඔබට ඔබේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගිහිල්ලා පැමිණිලි කරන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ ප්‍රශ්නයට නිසි පිළිතුරු දෙන්න පුළුවන්. අවශ්‍ය වුණොත් කියලා තියාගන්න ළඟ.
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය – 0112691692
පරිගණක අපරාධ අංශය – 0112326979

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

මිනීමැරුම් කතා-දූෂණ කතා වදහිංසා කතා මැද ‘ජීවන පහන් තිලිණ’ රුහුණු සරසවිය ඇතුළට ගිය කතාව

Next Post

හංවැල්ලේ ඌරුජුවා-ඉන්ද්‍රා පාතාල ගැටුම එක්ක ‌පොලිස්පති ‌පොලිසිය ‌පොලිෂ් කළේ ඇයි? CID SPECIAL

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.