• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

හංවැල්ලේ ඌරුජුවා-ඉන්ද්‍රා පාතාල ගැටුම එක්ක ‌පොලිස්පති ‌පොලිසිය ‌පොලිෂ් කළේ ඇයි? CID SPECIAL

September 22, 2019
in CID, News
Reading Time: 1 min read
A A
හංවැල්ලේ ඌරුජුවා-ඉන්ද්‍රා පාතාල ගැටුම එක්ක ‌පොලිස්පති ‌පොලිසිය ‌පොලිෂ් කළේ ඇයි? CID SPECIAL
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණයට මේ වන විට දින නියමවී හමාරය. ඒ බව කල්තියා දැන සිටි පොලිස්පති චන්දන වික්‍රමරත්න දේශපාලන ගැත්තන් නොවී වැඩ කළහැකි පොලිස් නිලධාරීන් රැසකටම පොලිස් ස්ථානාධිපති ධුර ලබාදුන්නේය. ස්ථානාධිපති ධුර දැරූ ඇතැම් නිලධාරීන් පුදුමවී සිටියේ තමන්ට ස්ථානාධිපති ධුරයක් හිමි වූයේ කෙසේදැයි කියාය. ඒ, ඔවුන් තමන්ට තනතුරු ඉල්ලා දේශපාලන වන්දනාවේ නොගිය බැවිණි. අඩුම තරමින් එම නිලධාරීන් පොලිස් ලොක්කන්ගේ දෙපා මුල වැඳවැටෙමින් දොළ පිදේනි දෙමින් ස්ථානාධිපති ධුර ඉල්ලාද නැත. චන්දන වික්‍රමරත්න ලබාදී ඇත්තේ සුදුස්සාට සුදුසු තැන්ය. පූජිත් ජයසුන්දරගේ සිට ආපස්සට වසර තිහ හතළිහක පටන් සිටි සෑම පොලිස්පතිවරයෙක්ම තැන දුන්නේ සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස උපාධියෙන් පොලිස් සේවයට එක්වූවන්ටය. ඒ අයට බිම් මට්ටමේ අත්දැකීම් ඇත්තේ අල්ප වශයෙනි. එබැවින් පොලිස්පති චන්දන වික්‍රමරත්න සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස කෙළින්ම පොලිස් සේවයට එක්වූවන්ව දැන් යොදවා ඇත්තේ පොඩි තැනේ සිට උඩට ආ පොලිස් නිලධාරින්ගේ යටතේ වැඩකරන්නටය. අද වන විට පොලිස් කොට්ඨාස මෙන්ම පොලිසියේ විශේෂ අංශවල ප්‍රධාන තනතුරු බොහොමයක්ම දරන්නේ උපපොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් අධිකාරි තනතුරට හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත්වූ නිලධාරීන්ය. පොලිසියේ කොඳු නාරටිය සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පොලිස් සේවයට එක්වූවන්ට වඩා උපපොලිස් පරීක්ෂක ධුරයේ සිට ඉහළට ගිය නිලධාරින් බව වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න වටහාගෙන තිබීම වැදගත්ය.
චන්දන වික්‍රමරත්න වැඩි කාලයක්ම සේවයේ නිරතව සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හමාර කරනවාත් සමඟම ඔහුව ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස පොලිස් සේවය සඳහා බඳවා ගත්තේද රාජ්‍ය බුද්ධි සේවයටය. ඒ, ඔහුගේ සුවිශේෂ හැකියාවන් මුල්කරගෙනය. බුද්ධි සේවයේ විසි වසරකට අධික කාලයක් සේවයේ නිරතව සිට ඇති ඔහු, ගොනා හැරෙන්නේ පොල් පැළේටද තැඹිලි පැළේටදැයි ගොනා දෙස බැලු බැල්මටම දනියි. මේ දිනවල ඔහු ජාතික පොලිස් කොමිසම සමඟ ගැටුමකට මැදිවී සිටින්නේ ගොනා සහ පොල් පැළේ ගැන හොඳ අවබෝධයක් ඇති බැවිනි.
වත්මන් ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් අල්ලස් කොමිසමට හසුවන්නේ රුපියල් කෝටි 02ක අල්ලසක් ඉන්දියානු ව්‍යාපාරිකයකුගෙන් ලබාගන්නා විටදීය. එම වැටලීම වෙනුවෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි ඇතුළු පිරිසකට උසස්වීම් නිර්දේශ කරන්නේ ජාතික පොලිස් කොමිසම විසිනි. ඒ, එම වැටලීම සුවිශේෂ කරුණක් සේ සලකාය. ප්‍රියන්ත චන්ද්‍රසිරිට නිර්දේශ කරන්නේ නියෝජ්‍ය පොලිස්පති ධුරයකි. එම උසස්වීමට පොලිසියේ බහුතරයකගෙන් එල්ලවන්නේ දැඩි විරෝධයකි. ඒ වෙන කිසිවක් නිසා නොව, එම වැටලීම සුවිශේෂ එකක් නොවූ බැවිනි. අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ රාජකාරිය වන්නේ ඔවුන්ට ලැබෙන අල්ලස් පැමිණිලිවලට අනුව ක්‍රියාත්මක වෙමින් වැටලීම් කරන්නටය. එදා ඔවුන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාව පවා අත්අඩංගුවට ගන්නේ එසේ ලද පැමිණිල්ලකට අනුව මිස පස්සෙන් පන්නා කළ විමර්ශනයකට අනුව නොවේ. එසේම මෑත ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට විශේෂ කාරණා මුල්කරගෙන නියෝජ්‍ය පොලිස්පති ධුරයන්ට උසස්වීම් ලබාදී තිබුණේද නැත. ප්‍රියන්ත චන්ද්‍රසිරිට උසස්වීම ලබාදීමෙන් සිදුවන්නේ ඔහු සමඟ පොලිසියට බැඳුණු සමකාලීනයන් පිරිසකට මහත් වූ අවාසියකි. පොලිසියේ පිරිස් පාලන අංශයේ තොරතුරුවලට අනුව ප්‍රියන්ත චන්ද්‍රසිරි සමඟ පොලිස් සේවයට සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස බැඳුණු නිලධාරීන් ගණන 15කි. එක් අයෙක් හැරුණුකොට සෙසු 14 දෙනාම තවමත් සිටින්නේ පොලිස් සේවයේය. එක් අයෙක් සිටින්නේ හිරේය. ලක්ෂ්මන් කුරේ නමැති ඔහු පොලිස් අධිකාරිවරයෙකි. එම පොලිස් අධිකාරිවරයා හිරේ ඉන්නේ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනයට සැකපිටය. ප්‍රියන්ත චන්ද්‍රසිරි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන්නට යෝජනාව ගෙන එන විට ඔහු හැරුණු කොට සෙසු නිලධාරීන් 14 දෙනාම සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙසිනි. තවත් වසර පහළොවකින් පොලිස්පති ධුරයට පත්වන්නේ එම නිලධාරීන් 14 දෙනාගෙන් එක් අයෙකි. ප්‍රියන්ත චන්ද්‍රසිරිට විශේෂ උසස්වීමක් ලබාදීමෙන් සිදුවන්නේ තරගයකින් තොරව ඔහුට අනාගතයේ පොලිස්පතිවරයෙක් වන්නට පාර කැපීමය. පොලිසිය ඇතුළෙන් විරෝධතාවක් ඇතිවන්නේ ඊටය. ඒ නිසාම එම උසස්වීමේ කතාව යටපත්වෙමින් 14 දෙනාටම සිදුවන්නේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණදී නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වන්නටය. ඒ, පුරප්පාඩු 10ක් වෙනුවෙනි. එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ ඉකුත් ජූලි මාසයේදීය. ප්‍රියන්ත චන්ද්‍රසිරිට එම සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම 10 දෙනා අතරට යන්නට ලකුණු ලබාගන්නට ඉඩක් නොවීය. ඒ, ඔහුට වඩා ලකුණු අතර සිටි නිලධාරීන් රැසක්ම සිටි බැවිනි. ඒ අනුව ඔහුගේ සගයන් නියෝජ්‍ය පොලිස්පති ධුර දරන විට ප්‍රියන්ත චන්ද්‍රසිරිට සිදුවන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේම රැඳෙන්නටය.
ඒ ගැන කැක්කුමක් ඇතිවන්නේ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයකුටය. එම සාමාජිකයා ප්‍රියන්තව උඩට ගෙන එන්නට අලුත් උප්පරවැට්ටියක් යෙදෙව්වේය. ඒ, ප්‍රියන්ත චන්ද්‍රසිරි ඇතුළු අල්ලස් කොමිසමේ නිලධාරීන් 11 දෙනකුට වැටුප් වර්ධක දෙකක් නිර්දේශ කරමිනි. එම නිර්දේශයන් පොලිස්පතිවරයාට යොමුකරන්නේ ඊට අවශ්‍ය ඔහුගේ නිර්දේශයන් ලබාගන්නටය. පොලිස්පතිවරයා ඒ ගැන දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කරන්නේ පොලිස් නීති අංශය මෙන්ම මානව සම්පත් අංශයද සමඟිනි. එහිදී පෙනීයන්නේ වැටුප් වර්ධක දෙකක් ප්‍රියන්ත චන්ද්‍රසිරිට ලබාදීමෙන් සිදුවන්නේ ඔහුට නියෝජ්‍ය පොලිස්පති ධුරයට නිකම්ම උසස්වීම් ලබන්නට අවස්ථාව උදාවන බවය. එපමණක් නොව, ඔහු සෙසු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද අබිබවා ඉදිරියටම යන බව පෙනීගියේය. ජාතික පොලිස් කොමිසම කර ඇත්තේ කොළේ වසා ගැසීමක් බව පෙනීගිය බැවින් පොලිස්පතිවරයා සිය නිර්දේශය ලෙස දක්වන්නේ එම වැටුප් වර්ධකයට සිය විරෝධය දක්වන බවය. එසේ තිබියදීත් පොලිස් කොමිසමේ නිලධාරියා පොලිස්පතිවරයා සමගින් ගැටුමක් ඇතිකර ගන්නේ වැටුප් වර්ධක දෙක ප්‍රියන්ත චන්ද්‍රසිරි ඇතුළු අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ නිලධාරීන් 11 දෙනාට ලබාදෙන්නටය. එම නිලධාරියා ඒ වෙනුවෙන් එතරම් උනන්දුවකින් කටයුතු කරන්නේ ඇයි දැයි සොයා බැලීමකදී පෙනීයන්නේ ඔහු මේ සූදානම් වන්නේ අල්ලස් කොමිසමට අල්ලසක් දෙන්නට බවය. එවන් සාධාරණ සැකයක් ඇතිවන්නේ ඔහුගේ බිරියට එරෙහිව අල්ලස් කොමිසමේ විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක බැවිනි.
වැඩ බලන පොලිස්පතිවරයා වුවත් චන්දන වික්‍රමරත්නව පිළිගන්නේ පොලිස්පතිවරයා ලෙසිනි. අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ගෝලබාලයන් කිහිප දෙනෙක් හැරුණු කොට බහුතරයක් පොලිස් නිලධාරීන් සිටින්නේ චන්දන වික්‍රමරත්න සමඟිනි. බෞද්ධාලෝක මාවතේ, විජේරාම පාරේ පිහිටි පොලිස්පති නිල නිවෙසට රෑට රෑට රිංගමින් පූජිත්ගේ කකුල් මිරිකන නිලධාරීහු කිහිප දෙනෙකුද ඒ අතර සිටිති. ඔවුන් සිටින්නේ දෙපැත්තේ කකුල් තබාගෙනය. එම නිලධාරීන් සිතාගෙන ඉන්නේ පූජිත් ජයසුන්දර නැවතත් පොලිස්පති ධුරයට ඒවි යැයි කියාය. ඔහු නැවතත් පොලිස්පති ධුරයට ඒම කෙසේ වෙතත් ඔහුට පොලිස්පති නිල නිවෙස මෙන්ම පොලිසියේ වාහනද පරිහරණය කරමින් අනිවාර්ය නිවාඩු කාලය ගතකරන්නට ඇත්තේ නම් තවත් මාස 06ක් වැනි කෙටි කාලයක් පමණි. ඔහු එම කාලය මේ ආකාරයෙන්ම ගෙවාදමා විශ්‍රාම යනු ඇතැයි බොහෝ අයගේ විශ්වාසයයි.
පොලිස්පති චන්දන වික්‍රමරත්න පොලිසිය උඩුයටිකුරු කරමින් නිවැරැදි මානයකට රැගෙන යන්නට උත්සාහ ගන්නා අතරතුර පාතාල අපරාධ මර්දනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක්ද මේ වන විට දියත් කර හමාරය. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට අපරාධ අංශය භාරදෙන්නේත්, කොළඹ අපරාධ කොට්ඨාසයට පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන පත්කරන්නේත් එම අරමුණ ඇතිවය. කොළඹ අපරාධ කොට්ඨාසයට නන්දනව පත්කරන්නේ එය කොණක පටන් ශුද්ධ කරන්නටත් එක්කමය. මොරටු සමන් වැනි රටේ නමගිය පාතාල අපරාධකරුවන් මට්ටු කළ නන්දනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරදෙන්නේ කොළඹ පාතාලය මර්දනය කරන්නටය. කොළඹ අපරාධ කොට්ඨාසයට නන්දන පමණක් නොව, අපරාධ විමර්ශනයේ නමගිය නිලධාරියෙක් වන එන්.වී. ලෝරන්ස්වත් පත්කර ඇත්තේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවය. කංජිපානිගේ උපන්දිනය කේක් කපමින් සැමරූ අපරාධ කොට්ඨාසයේ ඉදිරි ගමන එසේ තීරණය වන විට පසුගිය 15 වැනි ඉරිදා රාත්‍රියේ හංවැල්ලේදී පාතාලයේ වෙඩි පත්තුවන්නේ ඝාතන වැලක ආරම්භයක් සනිටුහන් කරමිනි. සමයං නමැති පාතාල කල්ලි නායකයාගේ සමීප ගෝලයෙක් වන ඉන්ද්‍රා නමැත්තා ඉලක්ක කරගනිමින් එම ප්‍රහාරය එල්ලකරන්නේ සමයංගේම තවත් සමීප ගෝලයෙක් වන ඌරු ජුවා නමැත්තාගේ ගෝලබාලයන් විසිනි.
2017 වසරේ පෙබරවාරි 27 වැනිදා සමයං නමැති පාතාල අපරාධකරු කළුතර එතනමඩලේදී මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ සැලසුමකින් ඝාතනය වීමත් සමඟ සමයංගේ තැනට ඇතිවන්නේ තුන්කොන් සටනකි. ඒ සමයංගේ ගෝලයන් අතරය. එම තුන්කොන් සටන ඇතිවන්නේ ඌරු ජුවා, ඉන්ද්‍රා සහ ගොත අසංක අතරය. ඉකුත් ඉරිදා වෙඩි පත්තුවන්නේ ඌරු ජුවා හංවැල්ලේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමට ගොස් ඇවිළෙන ගින්නක ප්‍රතිඵලයක් ලෙසිනි. හංවැල්ලේ රජ කළේ ඉන්ද්‍රාය. ඔහු හමුදාවෙන් පළාවිත් සිටින සෙබළෙකි. සමයංගේ කල්ලියේ සිටි කුලී ඝාතකයා වූයේ ඔහුය. ඉන්ද්‍රා ජීවත්වූයේ හංවැල්ලේය. ඔහු හංවැල්ලේ වැසියන්ට පාතාල හයිය පෙන්වන්නට ගියේ නැති අයෙකි. ඔහු පෙනීසිටියේ හංවැල්ලේ ආරක්ෂකයා ලෙසිනි. එසේ තිබියදී ඌරු ජුවාගේ කප්පම් ගැනිල්ල ඔහුට එල්ල කළ අභියෝගයකි. ඒ නිසාම ඔහු ඌරු ජුවාගෙන් ඉල්ලා සිටින්නේ හංවැල්ලෙන් කප්පම් ගැනිල්ල නතරකරන ලෙසය. ඊට ඌරු ජුවා ප්‍රතිචාර දක්වන්නේ ඉන්ද්‍රාගේ සමීපතමයකුගෙන්ද කප්පම් ඉල්ලා තර්ජනය කරමිනි. ඔහු හංවැල්ලේ වැලි ව්‍යාපාරිකයෙක් වන රාජුය. ඌරු ජුවාගේ කීමට රාජුගෙන් කප්පම් ගැනීමට පැමිණි ඌරු ජුවාගේ ගෝලයන් දෙදෙනකුට එල්ලවන්නේ බඩකට පුරා මදි නොකියන්නටය. එදා ඔවුන් දෙදෙනාගේ ජීවිතය බේරෙන්නේ බිම ඇදවැටෙමින් දිවයන බැවිනි. ඊට දින කිහිපයකට පසු ඝාතනය වන්නේ රාජුගේ ළඟ මාසික වේතනයකට සේවයේ නිරතව සිටි තරුණයෙකි. ඒ, පසුගිය වසරේ ඔක්තෝම්බර් 28 වැනිදාය. එම ඝාතනය කණ වැකුණු ඉන්ද්‍රා සිය ගෝලයන් යොදා එම ඝාතනයට සම්බන්ධ ඌරු ජුවාගේ ගෝලයෙක් කපා කොටා ඝාතනය කරන්නේ හංවැල්ලේදීය. ඒ, එදිනම රාත්‍රියේය. එම ඝාතනයට සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වන ඉන්ද්‍රා බන්ධනාගාර ගතවන විට ඌරු ජුවා හිරේ ඉඳන් සිය ගෝලයන් මෙහෙයවමින් හංවැල්ලේ ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් ගන්නේ නිදහසේය. හංවැල්ල පොලිසියද සිටියේ ඇස් කන් නොමැති ගොළුවන් බිහිරන් සේය. ඌරු ජුවාට එරෙහිව පැමිණිලි පවා එකල හංවැල්ල පොලිසියේ පොත්වල ලියැවුණේ නැත. ඒ නිසාම ව්‍යාපාරිකයෝ රැසක්ම සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා ආරක්ෂාව පතා හංවැල්ලෙන් ඈත්ව ගියහ.
ඉන්ද්‍රා ඇප මත නිදහස ලබා එළියට එන්නේ මේ අතරතුරදීය. ඒත් එක්කම ඌරු ජුවාගේ කප්පම් ගැනිල්ලට තැබෙන්නේ නැවතීමේ තිතය. ඉන්ද්‍රා ජීවතුන් අතර සිටීම තමන්ට මරු පහරක් බව ඌරු ජුවාට වැටහී ගියේය. ඉන්ද්‍රාට වැඩක් දෙන්නට ඌරු ජුවා සැලසුම් කරන්නේ ඒත් එක්කමය. පසුගිය 15 වැනිදා මහ රෑ හංවැල්ලේදී පත්තුවන්නේ එම සැලසුමට අනුව පත්තුවුණු වෙඩි වරුසාවකි. එම වෙඩි වරුසාවේදී වෙඩි උණ්ඩ කිහිපයක් වැදී ඉන්ද්‍රා සිය ජීවිතය බේරාගන්නා විට මියයන්නේ ඔහුගේ හොඳම ගෝලයා වූ සුරේෂ්ය. ඔහුත් හිරේ ඉඳන් එළියට ඇවිත් සතියක් දෙකක් නැති තරම්ය. ඌරු ජුවාගේ ගෝලයන් වෑන් රථයකින් සහ යතුරුපැදි දෙකකින් පැමිණ ඉන්ද්‍රාට වෙඩිතබන්නේ, ඉන්ද්‍රා වඬේ මිලදීගැනීමට සිය මෝටර් රථය වඬේ කරත්තයක් අසල නතර කළ විටදීය. ඉන්ද්‍රාට තැබූ වෙඩිල්ලක් එම වඬේ වෙළෙන්දාටද වැදී තිබුණේය.
එම ප්‍රහාරයෙන් පැය 24ක් යන්නට මත්තෙන් පොලිසිය වෙඩික්කරුවා හැරුණු කොට ඝාතනයට සම්බන්ධ වූවෝ හය දෙනකුම අත්අඩංගුවට ගත්හ. දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නේ හංවැල්ල පොලිසියේ නිලධාරීන්ය. සිව් දෙනෙක් අත්අඩංගුවට ගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයයි. වෙඩි තැබූ ගිනි අවිය සොයාගන්නේ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයයි.
ඉන්ද්‍රාට වෙඩිතැබූ කල්ලියේ දෙදෙනෙක් අල්ලාගන්නට හංවැල්ල පොලිසියේ නිලධාරීන්ට හැකියාව ලැබෙන්නේ වෙඩිතැබීමට සම්බන්ධ වූ කල්ලිය ගමන් කළ වෑන් රථයේ අංකය පොලිසියට ලැබීම නිසාය. එම වෑන් රථය බියගමින් කුළියට ගත් එකකි. කුළියට ගන්නේද පෙර දිනයේය. එම වෑන් රථයේ ජී.පී.එස් උපකරන සවිකර තිබුණු බැවින් ඒ වන විට වෑන් රථය ඇත්තේ කොතැනදැයි පැහැදිලිවම දැනගැනීමට එතරම් අපහසු කටයුත්තක් නොවීය. තංගම වැඩබිමකට පොලිසිය කඩාවදින්නේ ජී.පී.එස්. ඔත්තුවට අනුවය. ඒ වන විටත් වෑන් රථය මෙන්ම යතුරුපැදියක්ද එම වැඩබිමේ නවතා තිබිණි. හංවැල්ලේ වෙඩිතැබීමට සම්බන්ධ වූවන් සියලු දෙනාම සිටින්නේ එම වැඩබිමේය. එය සැලසුම්සහගත වැටලීමක් නොවූ බැවින් එහි සිටි පිරිසක් පළායන්නේ දෙදෙනෙක් පමණක් පොලිසියට කොටුවෙමිනි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අල්ලා ගන්නේ පළාගිය එම අපරාධකරුවන්ගෙන් සිව්දෙනෙකි. ඔවුන් සියලු දෙනාම රනාලේ ජල්තර පැත්තේ පදිංචිකරුවන්ය. විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන් ගිනි අවිය සොයාගන්නේ නවගමුවේ පිහිටි බුදු කුටියක බුදු පිළිමයක් පිටුපස සඟවා තිබියදීය.

SendShareShare
Previous Post

දැක්ක වීඩියෝවේ ‌නොදැක්ක පැත්ත

Next Post

නාමල්ගෙ මගුලට යූ.එන්.පී. සභාපති කබීර් දුන් අපූරු තෑග්ග

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.