HDFC බැංකුව සිය පාරිභෝගිකයන්ට වඩාත් නවීන පහසුකම් සහිත කාර්යක්ෂම හා මිත්‍රශීලී සේවාවක් සැපයීමේ අරමුණින් නව මුහුණුවරකින් නො.71, මහ වීදිය, තිස්සමහාරාමය යන ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදී.
රජයේ නිවාස ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම බැංකුවේ ප්‍රධාන වගකීමක් බවත් Covid – 19 අර්බුදය මධ්‍යයේ වුවද, බැංකුව ඉතා හොඳින් ක්‍රියාකර ඇති බවත් ශාඛාවේ සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් බැංකුවේ සභාපතිනි නීතිඥ වසන්ති මංචනායක මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී පාලිත ගමගේ මහතා පැවසුවේ 2020 වසරේදී බැංකුවේ මුදල් තැන්පතු පුළුල් කළ බවත්, තරඟකාරී පරිසරය තුළ වඩාත් සඵලදායී ලෙස සේවාවන් තවදුරටත් පුළුල් කළයුතු බවත්ය.
පාරිභෝගිකයාට ගැළපෙන පරිදි නිවාස ණය ක්‍රම කිහිපයක් HDFC බැංකුව හඳුන්වාදී තිබෙන අතර, දේපළ ඇපමත ලබාදෙන කැදැල්ල ණය ක්‍රමයත්, සේවක අර්ථ සාධක අරමුදල සුරැකුමක් ලෙස තබා ලබාගත හැකි ශ්‍රම උදාන ණය ක්‍රමයත් ඉන් ප්‍රධාන වේ.











