තිරසාර හා පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදන ක්‍රමවේදයන් දිරිගැන්වීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අත්වැලක් වීමේ අරමුණින් විශේෂ රක්ෂණාවරණයක් හඳුන්වා දීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත නොවන රක්ෂණ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ. මෙම නව රක්ෂණාවරණය මගින් රට පුරා නිවාස, කාර්යාල හා සූර්ය බලශක්ති උද්‍යානවල සවිකර ඇති සූර්ය පැනල සඳහා මූල්‍යමය රැකවරණයක් හිමි වේ.
මේ වන විට රටේ ගොඩනැගිලිවල සූර්ය පැනල සවිකිරීම සහ සූර්ය බලශක්ති නිෂ්පාදන භාවිතය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. මෙම නිෂ්පාදන සඳහා සැලකිය යුතු මුදලක් ආයෝජනය කිරීමට සිදුවන නිසා, ඒ වෙනුවෙන් මෙබඳු රක්ෂණාවරණයක් හඳුන්වා දීම බෙහෙවින් කාලෝචිත පියවරකි. තම ආයෝජනයට රටේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වෙතින් රැකවරණය ලැබීම ගනුදෙනුකරුවන්ගේ සිත්වල සැහැල්ලුව ඇතිකරන සාධකයක් වනු නොඅනුමානය.











