දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීමත්, ඔවුන්ගේ ශාරීරික ක්‍රියාශීලීභාවය වැඩිකිරීමත් අරමුණු කරගනිමින්, මයිලෝ හඳුන්වා දුන් නවතම ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට ලැප්ටොප්, ටැබ්, රීලෝඩ් ඇතුළු ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා පැවැති විශේෂ උත්සවයකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතින් සිදුවිය.
මෙම නවතම ප්‍රවර්ධන වැඩසටහන හරහා දරුවන් 10,000ක් වෙත රුපියල් මිලියන 10ක් වටිනා ත්‍යාග (ලැප්ටොප්, ටැබ්, රීලෝඩ්, ස්කූටර්, බයිසිකල්, ස්කේට්බෝඩ්, බාස්කට් බෝල්, ෆුට්බෝල්, ස්කිපිං රෝප්, හෙඩ්සෙට් හා පාසල් බෑග් ආදී) පිරිනැමෙන අතර, වසංගත සමයේ නිවසටම සීමා වී සිටින දරුවන්ට ඒ හරහා දුරස්ථ අධ්‍යාපන පහසුකම් ලබාගැනීමටත්, ශාරීරිකව ක්‍රියාශීලීවීමටත් සහාය වීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන යටතේ 2021 පෙබරවාරි 18 සිට 2021 අප්‍රේල් 18 දක්වා කාලය තුළ සෑම සතියකදීම කුසපත් ඇදීමෙන් දරුවන් 1,000කට මෙම ත්‍යාග පිරිනැමීමට මයිලෝ සූදානමින් සිටී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු @MiloSriLanka ෆේස්බුක් පිටුව හරහා ලබාගත හැක.











