• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මී හරක් එක්ක පොරබදන කට්ට කළු පිංචා

March 27, 2021
in Heart
Reading Time: 1 min read
A A
මී හරක් එක්ක පොරබදන කට්ට කළු පිංචා
Share on WhatsAppShare on Facebook

⬤ වෙනත් ආරක චරිතයක් මම නිරූපණය කරන්නේ…

නළුවෙක් වීමට සිහින දකිමින් ගම්පොළ ඉඳලා කොළඹට ආපු ඔහු අද නතර වී සිටින්නේ සියලුම අභියෝග ජයගනිමින් ඉහළම තැනකය. උඩට ගියත් මුල අමතක වන සමාජයක බහුතර පිරිසක් සිටිද්දී ඔහුට කිසිදා මුල අමතක නොවීය. ඔහු ආපු ගමන සාර්ථක වීමට එකම රහස එය වන අතර, අද ඔහු ජනප්‍රිය නළුවෙක් විතරක් නොව ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් බවටද පත්වී හමාරයි. මේ ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ ‘පිංචා’ට රඟන මහේෂ් උයන්වත්තගේ කතාවයි.

🔴 මේ දවස්වල ඔබව ගොඩදෙනෙක් දැන හඳුනගන්නේ ‘පිංචා’ ලෙසටයි. එය ගැන අපි මුලින්ම දැනගන්නට කැමැතියි?
සුමිත් රත්නායක අධ්‍යක්‍ෂණය කරන ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයක් මට නිරූපණය කිරීමට මාව තෝරා ගැනීම ඒ සියලුම දෙනාට ස්තුතිය පුදකරනවා. මොකද වර්තමානයේ ඉතා ශීඝ්‍රයෙන් විදේශීය නිර්මාණ මූලාශ්‍රයෙන් නිර්මාණ බිහිවන කාලවකවානුවක ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයට සුවිශේෂී තැනක් හිමිවී තිබෙනවා. මම ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ රඟපාන අතරතුර නිෂ්පාදන කළමනාකරණයෙන්ද මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. ඉතින් මාව ගොඩදෙනෙක් දැන් හඳුනන්නේ ‘පිංචා’ ලෙසට.
🔴 ‘පිංචා’ චරිතය නිසා ඔබගේ බාහිර ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කළා නේද?
වේශ නිරූපණ ශිල්පී හර්ෂ මංජුල මාව සම්පූර්ණයෙන්ම කට්ට කළු කළා. මටත් හිතාගන්න බැරි වුණා මේ මමද කියලා. ඒ වගේම තවත් මෙහි තිබුණු සුවිශේෂත්වයක් තමයි මී හරක් හැත්තෑවක් විතර සමඟ ‘පිංචා’ චරිතය ඉස්මතු කිරීමටයි.
🔴 හැබැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබට විරෝධයක් යනවා අහිංසාවාදයක් ගැන?
ඔව්… සමහරු මට බැනලා තිබුණා. විවිධ අදහස් සඳහන් කරමින් සතුන්ට හිංසා කරනවා කියලා. ‘රතු අප්පු’ තමයි පිංචාගේ හොඳම යහළුවා. ‘රතු අප්පු’ දුකෙන් ඉන්න කොට ‘පිංචා’ට ඒ දුක තදින්ම දැනෙනවා. ‘රතු අප්පු’ ගම අතහැරලා යනවා. ඒ දැනුණු වේදනාවට තමයි මම සතුන්ට ගහන්නේ. නමුත් මම රිදෙන්න ගහන්නේ නැහැ. මමත් සතුන්ට, පරිසරයට ගොඩාක් ආදරය කරනවා.
🔴 වෙනස් ආරක චරිතයන් නිරූපණය කිරීමට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවද?
මමත් කැමැති එකිනෙකට වෙනස් චරිත රඟපාන්න. අනෙක මා සමඟ වැඩ කළ අධ්‍යක්‍ෂවරු දන්නවා මට දෙයක් දුන්නොත් මම හරියට කරනවා කියලා. ඒ වගේම මගේ බාහිර ස්වරූපයත් බලපානවා විවිධ චරිත ලැබීමට. මම හිතනවා මට ලැබෙන මේ චරිත තුළින් විනිවිද බවක් මම වගේම ප්‍රේක්‍ෂකයන්ටත් තදින්ම දැනෙන බව.
🔴 වර්තමානයේ ටෙලිනාට්‍යවල සහාය අධ්‍යක්‍ෂණය කරන ඔබ ඇතුළු බොහෝ දෙනෙක් සුවිශේෂී රංගනයන්වල නිරත වෙනවා?
ඔව්… මමත් සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස නිර්මාණවල වැඩ කරනවා. සහාය අධ්‍යක්‍ෂවරයෙක් වුණාම සියල්ල ගැන ලොකු අවබෝධයක් තිබිය යුතුයි. නිර්මාණයේ හදවතක් විදියට සහාය අධ්‍යක්‍ෂවරයකු හඳුන්වන්නට පුළුවන්. ඔහු තුළ තිබෙන උත්සාහය කැපකිරීමත් එක්ක ඔහුගේ සැලසුම් කළමනාකරණයත් එක්ක තමයි නිර්මාණයක් සාර්ථක වන්නේ. හැම ප්‍රශ්නයක්ම ඔහුගේ ඔළුවට තමයි කඩාවැටෙන්නේ. සියලුම බාධක ජයගෙන එයට නිරවුල් මනසකින් මුහුණ දීම වැදගත්. ඉතින් එහෙම කෙනකුට චරිතයක් කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි කියලා මම හිතන්නේ. අධ්‍යක්‍ෂවරයකු වීමට හීන දකිනවානම් ඔහු අනිවාර්යයෙන්ම සහාය අධක්‍ෂවරයකු ලෙස කටයුතු කර තිබිය යුතුමයි.
🔴 වේදිකාවටත් ඔබ ලොකු දායකත්වයක් ලබා දුන්නා?
මගේ රංගනය පටන්ගැනීම පාසල් වේදිකාවයි. ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ වැඩ කරන අවධියේ මට හර්ෂ බුලත්සිංහල දැනහඳුන ගන්නට ලැබුණා. ඔහු මට කතා කළා ‘තාරාවෝ ඉගිලෙති’ නැවැත පටන් ගන්නවා සම්බන්ධ වෙන්න කියලා. වේදිකාවේ ගුරුහරුකම් ඔහුගෙන් ලබා ගනිමින් ‘තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යයේ ‘චුන් චැන්’ චරිතය නිරූපණය කළා. ඒ වගේම රතු හැට්ටකාරි, අල්ලපු ගෙදර, හරිම බඩු දෙකක් වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වෙලා වැඩකටයුතු කරගෙන යනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ආණ්ඩුව ඕනෑම ෆෝන් එකක කැමරා ඔන් කළ හැකි ගැජට් එකක් ගෙනැල්ලා (VIDEO)

Next Post

ග්‍රහ අපල සහ පුද පූජා

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.