ශ්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ මේ වන විට දිස්ත්‍රික්ක 7ක ව්‍යාප්තව ඇති සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් රජය දියත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ක්‍රිස්බ්‍රෝ සිය ප්‍රසාදය පළ කර සිටී. කෘෂිකර්ම අමාත්‍යංශය පවසන ආකාරයට සේනා දළඹු උවදුරට වැඩි වශයෙන් ලක්ව ඇති මෙරට බඩඉරිඟු වගාව ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් වැඩසටහන් කිහිපයක් රජය මගින් ක්‍රියාත්මක කර ඇති අතර එම වැඩපිළිවෙළ යටතේ කෘෂිකර්ම සහ පලිබෝධ මර්දනය පිළිබඳ විශේෂඥයින් 6දෙනෙකු රුවන්ඩාවේ සිට පසුගියදා මෙරටට පැමිණ සේනා දළඹු උවදුරට ලක් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාවන් නිරීක්ෂණයට ලක් කරන ලදී. කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ප්‍රමුඛතම අමුද්‍රව්‍යයක් වන හෙයින් මොණරාගල සහ මහියංගනය ප්‍රදේශයේ ගොවිජනතාවගේ බඩඉරිඟු අස්වැන්න සාධාරණ මිලකට මහා පරිමාණයෙන් මිලදී ගැනීමට ක්‍රිස්බ්‍රෝ කටයුතු කරයි.











